Author: Bandara Senanayaka

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් සමග තමන් සම්බන්ධතා පැවැත්වූවේ යැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු දැඩිව ප්‍රතික්ෂේප කරන බව රංගන ශිල්පීනි හෙෂානි ලියදිපිටිය පවසයි. ඊයේ [27 වැනිදා] සිය මුහුණ පොත හරහා ප්‍රකාශයක් සිදුකරමින් ඇය මේ පිළිබඳ පවසා ඇත. ඇය එහිදී ප්‍රකාශ කර සිටියේ තමන් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් මෙය තමන්ට සිදුකළ බරපතළ අපහාසාත්මක චෝදනාවක් බවත්ය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හෙෂානි ලියදිපිටිය මෙසේ ද පවසා සිටියාය. ‘‘මම සෝෂල් මීඩියාවල මා ගැන යන නෙගටිව් දේවල් පිටිපස්සේ පන්නන කෙනෙක් නෙවෙයි. මම මේ පෝස්ට් එක දැක්කාට ඒ පස්සේ එච්චර එළවන්න ගියේ නෑ. මට ඒක එච්චර වැදගත් දෙයක් නෙවෙන නිසා. මට තේරුණා…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය.මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකිය.තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

සර 10ක් තුල මේ රටේ අල්ලපු මත්ද්‍රව්‍යවලට වඩා වැඩි ප්‍රමාණක් ගත වූ මාස 10 තුළ වත්මන් රජය අල්ලා ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවා. අමාත්‍යවරයා මෙලෙස කියා සිටියේ ඊයේ (26) නුවරඑළිය නගර සභා ශාලාවේ පැවති ලංකා වතු සේවා සංගමයේ රැස්වීම අමතමින්. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවා. “දැන් රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. රටට නීතියක් ඕනද? නැද්ද? ඕන. ඒ නීතිය ඕන පොඩි එකාට විතරද? මහ එවුන්ට ඕන නැද්ද? අවුරුදු 76ක් නීතිය තිබුණා. කාටද දන්නවද? වත්තෙ එකාට, ගමේ එකාට, සාමාන්‍ය මිනිහට තිබ්බා. ලොක්කන්ට නීතිය තිබ්බේ නෑ. දැන් ලොකු පොඩි භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක වෙනවා. කෙරෙන්න ඕනද?…

Read More

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (26) පස්වරුවේ නාවින්නේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු අද (27) පස්වරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවා තබාගැනුනේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේය. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටතට රැගෙන ආ සැකකරු මේ වනවිට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර, ඊට අදාළ කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ.

Read More

අද අලුයම ගලෙන්බිඳුනුවැව පොලිස්වසමට අයත් ඉහළගම ප්‍රදේශයේ සිදු වූ වායු රයිෆල් වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලෙන්බිඳුනුවැව පොලිසිය පවසයි.මෙලෙස වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගලෙන්බිඳුනුවැව ඉහළගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57ක, වැඩ තහනමකට ලක් වූ පොලිස් නිළධාරියෙකු බවයි ගලෙන්බිඳුනුවැව පොලිසිය පවසන්නේ.මියගිය පුද්ගලයා අද අලුයම් කාලයේ සිය බිරිඳගේ පියාගේ නිවසට පැමිණ පියා සමඟ ආරවුලක් ඇති කරගෙන ඔහුට කැත්තකින් පහරදීමට තැත් කිරීමේ දී බිරිඳගේ පියා විසින් නිවසේ තිබු වායු රයිෆලයකින් මොහුට වෙඩි තබා තිබේ .පසුව මියගිය පුද්ගලයාගේ වැඩිමහල් පුත්‍රයා විසින් 19 90 ගිලන් රථයක් ආධාරයෙන් ඔහුව ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ .මියගිය පුද්ගලයාගේ දේහය ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය රෝහලේ මේ වනවිට තැන්පත්…

Read More

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඔස්ට්‍රේලියානු රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹීම අද (27) මුදල් අමාත්‍යාශයේ දී සිදුවිය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුම් වලට අත්සන් කිරීම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් සිදු කරන ලදී. ආචාර්ය සූරියප්පෙරුම මහතා සහ ඔස්ට්‍රේලියානු රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහා කොමසාරිස් තනතුරෙහි දිවුරුම් දීමට නියමිත Matthew Duckworth, මහතා අතර එම ගිවිසුම් හුවමාරු කරගැනීම සිදුවිණි. ශ්‍රී ලංකා රජය සහ ඔස්ට්‍රේලියානු රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම, ණය තිරසාරභාවය යථා…

Read More

පාර්ලිමේන්තුවේ අද සිටින අයගෙන් පාර්ලිමේන්තුව ගිනිතියන්න කියා ප්‍රකාශ කළ අය සහ 71 කැරැල්ලේ, 1983 භීෂණයේ සිටිය පිරිස් අද මැති ඇමතිවරු වී සිටින බව හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2025.10.27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,“ ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරනවා ජාතික ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් නැහැ කියලා. ජාතික ආරක්ෂාවයි, මහජන ආරක්ෂාවයි දෙක එකට යන්නේ. 1971 දොරෙයිඅප්පා ඝාතනයෙන් මහජන ආරක්ෂාව නැති වුණු නිසා තමයි ජාතික ආරක්ෂාව රටේ නැති වුණේ. එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදය බිහිවුණෙත් ඔය ආකාරයෙන් මහජන ආරක්ෂාව නැතිවී ජාතික ආරක්ෂාවට පීඩණයක් පැමිණීම නිසා. එය…

Read More

පසුගිය දා පැවති ඕස්ට්‍රේලියාවට එරෙහි තුන්වන එක්දින තරගය උඩපන්දුවක් ලබා ගැනීමට යාමේදී වැටීමෙන් ඉළ ඇටයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයකට ලක්ව ඉන්දියාවේ ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.

Read More

රුසියාවේ මොස්කව් නගරය අවට ඇති ගුවන්තොටුපොළ හතරෙන් දෙකක් වසා දැමීමට කටයුතු කළ බව රුසියාව පවසයි. යුක්‍රේනය විසින් ඊයේ (26) රාත්‍රියේ සිට මොස්කව් නගරය ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාරයන් හේතුවෙන් මෙසේ ගුවන්තොටුපොළ වසා දැමීමට කටයුතු කළ බව රුසියානු බලධාරීන් පැවසුවේය. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැය පහක පමණ කාලය තුළ යුක්‍රේන ඩ්‍රෝන යානා 28ක් රුසියානු ආරක්ෂක අංශ විසින් විනාශ කර ඇති බවය.

Read More

ඇමරිකානු නාවික හමුදාවට අයත් හෙලිකොප්ටරයක් සහ ප්‍රහාරක ජෙට් යානයක් දකුණු චීන මුහුදට ඉහළින් සිදු කළ සාමාන්‍ය මෙහෙයුම් අතරතුර ඊයේ කඩාවැටී තිබෙනවා. අමෙරිකානු නාවික හමුදාවේ පැසිෆික් බලඇණිය පවසා ඇත්තේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිතව බේරා ගැනීමට හැකි වූ බවයි. මෙම සිදුවීම් දෙකටම හේතුව සොයා බැලීම සඳහා නාවික හමුදාව විසින් දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. නාවික හමුදාව සමාජ මාධ්‍ය ඔස්සේ ඉරිදා සවස ප්‍රකාශ කළේ, ‘Battle Cats’ ලෙස හඳුන්වනු ලබන හෙලිකොප්ටර් මැරිටයිම් ස්ට්‍රයික් 73 ට අනුයුක්ත කර තිබූ MH-60R සීහෝක් (Seahawk) හෙලිකොප්ටරයක් ඒරට වේලාවෙන් දහවල් 2:45 ට පමණ ‘USS Nimitz’ ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් සාමාන්‍ය මෙහෙයුම් සිදු කරමින් සිටියදී කඩාවැටුණු බවයි. සෝදිසි සහ…

Read More