Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
ඉන්දුනීසියාව ආසන්නයේ BANDA වෙරළේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.6ක් ලෙස සටහන් වූ බවය. භූ කම්පනය කිලෝමීටර් 137ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසීය. මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් ඇතිව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනට වඩා පහළ ගොස් තිබේ. ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රු 298,000ක් ලෙස දැක්වුණි. මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දිනට සාපේක්ෂව රු 81,000කින් පහළ ගොස් ඇත. පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා කැරට් 22 රන් පවුමක මිල රු. 379,200ක් ලෙස දැක්වුණි. මේ අතර එදින රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 322,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
විපක්ෂය එකම වේදිකාවට එක්වන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නොව, හොරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි පවසනවා. ඔවුන් දැවැන්ත වේදිකාවකට එක්වෙන බවට ප්‍රකාශ කළ ද, වේදිකාව පමණක් විශාල විය හැකි බවත්, වෙනත් කිසිවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. මහ බැංකු සිද්ධිය, පාස්කු ප්‍රහාරය, තාජුඩීන් ඝාතනය ආදී සියල්ල සිදුවූයේ මෙම එකම වේදිකාවේම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව අධිකරණ සහ ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහා අධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ භාරේ පවතින ගොඩනැගිලි හතරක් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් වෙත භාරදීමට අද කැබිනට් අනුමැතිය හිමි වී තිබුණා. එහිදී අංක 108 b,විජයරාම පාර කොළඹ 07 ස්ථානයේ පිහිටා තිබෙන ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය ත් එම අධිකරණයක් පිහිටවීම සඳහා තෝරා ගෙන තිබෙනවාද? යන්න පුදුම උපදවන සුළු කාරණයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටි නිල නිවස ද මේ ආසන්නයේම තිබූ පිහිටා තිබෙන අතර එය අංක b 117 ,විජයාරම…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපාන අග්‍රාමාත්‍ය සනායි ටකයිචි අද වෙළෙඳ සහ දුර්ලභ ඛනිජ ගිවිසුමකට අත්සන් තැබුවා. ජපානයේ නිල සංචාරයක නිරත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ජපාන නව අග්‍රාමාත්‍ය සනායි ටකයිචි හමු වුණා. ඒ ටෝකියෝහි අකාසකා මන්දිරයේදී. මෙම හමුවේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජපාන අග්‍රාමාත්‍ය සනායි ටකයිචි වෙළෙඳ ආරක්ෂක සහ ආර්ථික ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්. ජපාන සහ ඇමරිකානු නායකයින්ගේ මෙම හමුව නව ස්වර්ණමය යුගයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. දුර්ලභ ඛනිජ සැපයුම සුරක්ෂිත කිරීම සඳහා නායකයින් අද ගිවිසුම්ගත වුණා. දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ දුර්ලභ ඛනිජ සම්පත් සම්බන්ධයෙන් චීන ආධිපත්‍යයට එරෙහි පියවරක් බවයි. මීට පෙර ජපානය එකඟ වූ ඇමරිකාවේ ඇමරිකාවේ…
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමරාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඵ් ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත්කිරීමට පසුගිය වසරේ දෙසැම්බර් මස 30 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමුවුණි. ඒ අනුව ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම…
මෙම වසරේ බලවත්ම සුළි කුණාටුව කැරිබියන් මුහුද හරහා ඊසාන දෙසින් ගමන් කරමින් ජැමෙයිකාවට සමීප වෙමින් පවතිනවා. ‘මෙලිසා’ ලෙස නම්කර ඇති මෙම සුළි කුණාටුව හේතුවෙන් බොහෝ ජැමෙයිකානුවන් මේ වනවිටත් ආරක්‍ෂිතස්ථාන කරා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් ජනපදය පදනම් කරගත් ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය විසින් ‘මෙලිසා’ පස්වන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් ලෙස නම්කර තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ සුළි කුණාටුවේ පූර්ව බලපෑම හේතුවෙන් දැනට හටගෙන ඇති වැසි හා සුළං තත්ත්වයත් සමඟ පුද්ගයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මේ අතර කියුබාවට සහ ගිනිකොනදිග බහමාස් සඳහා ද ‘මෙලිසා’ සුළි කුණාටුවේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. සුළි කුණාටුව හේතුවෙන් බරපතළ හානි හා ජීවිත…
මේ වසරේ තුන්වන කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකාවේ බදු ආදායම පෙර වසරට සාපේක්ෂව 32%කට වඩා ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසනවා. මෙය ප්‍රධාන වශයෙන්ම ආනයන මත අය කරනු ලබන එකතු කළ අගය මත බද්ද (VAT) සහ සුරාබදු හරහා රේගුව විසින් එකතුකල බදු නිසා සිදුව ඇති බවයි සඳහන්. මේ අනූව සැප්තැම්බර් මස අවසානය වන විට බදු ආදායම පෙර වසරට වඩා 32.5% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3,563 දක්වා ළඟා වී තිබෙනවා. එමගින් මූලික අතිරික්තය රුපියල් බිලියන 1,463 දක්වා ඉහළ ගොස් තිබෙන බව සඳහන්. 2025 වසරේ මුල් මාස නවය තුළ අයවැය හිඟය නාමික වශයෙන් 54.5% කින් අඩු වී රුපියල් බිලියන 441.4…
පාර්ලිමේන්තුවේ වැටුප් ප්‍රතිව්‍යුහගතකරණයේදී තමන්ව නොසලකා හැර ඇති බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුවේ මුල් තැන්ගෙයි හි සේවකයෝ ඊයේ (27) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. මෙම විරෝධතාවය හේතුවෙන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ මුල්තැන්ගෙයි කටයුතුවලට බාධා එල්ල වූ බව එම සේවකයෝ පවසති. පාර්ලිමේන්තුවේ ආපනශාලා සහ ගෘහපාලක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට විරුද්ධව මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වා ඇත. තම වැටුප් ප්‍රශ්නය විසඳන ලෙස අවස්ථා කිහිපයකදී ගෘහ පාලක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීම් කළ ද ඒ සම්බන්ධයෙන් ඔහු කිසිදු පියවරක් ගෙන නැති බවට එම සේවකයෝ චෝදනා කරති. කෙසේ වෙතත් සිය ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් ඉදිරියේදී විවිධ වූ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව විරෝධතාවයේ නියැළුණ සේවකයෝ පැවසූහ.
පළමුවරට බෙලරූස් රාජ්‍යයේ බෙලාවියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබේ. අද (28) දහවල් සංචාරකයින් පිරිසක් සමග අදාළ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟාවීමට නියමිත බව වාර්තා වේ. සංචාරකයින් 170 දෙනෙකු සමග අදාළ ගුවන් යානය පැමිණීමට නියමිතය. රුසියාවට අයත් රෙඩ්වින්ග්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් ද අද දිවයිනට පැමිණීමට නියමිතව ඇත. #newsforcelk#සත්‍යයේපෙරමුණ #newsforcelkworld#newsforceleklankanews#newsforcesrilanka#newsforcepolitical
