Author: Bandara Senanayaka

”මත්තල ජාත්‍යන්තර ගුවන්තොට වලට වන සතුන්ගෙන් එල්ලවන තර්ජන වැළැක්වීමට පියවර ගැනීමත් සමඟ එය වන සතුන්ගෙන් ආරක්ෂිත ගුවන් තොටුපළක් ලෙස සහතික කෙරුණා”ඒ අනුව එම ගුවන් තොටුපළ වෙත මෙහෙයුම් කරන ගුවන් සේවා සමාගම් වැඩිකර ගැනීමම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතාප්‍රකාශ කර තිබෙනවාදැනට මත්තල ගුවන්තොටුපලට මෙහෙයුම් සේවා සිදුකරන ගුවන් සේවා ගණන හතරක්නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ නව ගුවන් සේවා පැමිණීමත් සමගමගුවන් තොටුපළේ මෙහෙයුම් අලාභය අඩු කර ගතහැකි බවයිමත්තල ගුවන්තොටුපල දැනට මාසිකව රුපියල් මිලියන 250ක පාඩුවක් ලබනවා

Read More

නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනිනිවන රථ 3ක් පිටත්කර යවා තිබේ. අදාළ නිවාස සංකීර්ණයේ පස්වන මහලේ මෙම ගින්න හටගෙන තිබුණු අතර, ඉහළ මහල්වල සිරවී සිටින ජනතාව මුදාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. ඒ සඳහා skylift වාහන දෙකක් ද එම ස්ථානයට පිටත් කර යවා තිබේ. කෙසේවෙතත් ගින්න හට ගැනීමත් සමඟ පිටවීමේ දොරටු සිරවී ඇති බැවින් මෙම skylift වාහන භාවිත කරමින් සිරවී සිටින පිරිස මුදාගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටී

Read More

පාසැල් පවත්වන වේලාව පස්වරු දෙක දක්වා දීර්ඝ කිරීමත් සමග නව කාල සටහන් අනුව සිසුන්ට ප්‍රවාහන සේවා සැපයීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යය මදුර සෙනවිරත්න මදුර සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ ප්‍රවාහන අමාත්‍යංශය සමඟ මේ සම්බන්ධව එකඟතාවයකට පැමිණ ඇති බවයි ඒ අනුව දැනට සිසු සැරිය ඇතුළු සියලු බස් සේවා නව කාලසටහන් අනුව සංශෝධනය කර ධාවනය කරන බව ඔහු සඳහන් කර සිටිනවා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පස්වන ශ්‍රේණියේ සිට 13 වසර දක්වා පාසල් පැවැත්වෙන වේලාව පස්වරු දෙක දක්වා දීර්ඝ කර ඇති බවඒ මහතා පැවසුවා

Read More

රජයේ රෝහල් පද්ධතිය තුළ මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළුව ඖෂධ වර්ග 380කට අධික සංඛ්‍යාවක බරපතල හිඟයක් පවතින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු රැසක් අනාවරණය කළේය. සේනාරත්න මහතා අනාවරණය කළ තවත් බරපතල තත්ත්වයක් වන්නේ, පසුගිය මාස හතරක කාලය තුළ රජයේ රෝහල් ඇතුළු සියලුම රෝහල් රුධිර පරීක්ෂණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම නවතා දමා තිබීමයි. මෙම තත්ත්වය හේතුවෙන් රෝගීන්ට රුධිර පරීක්ෂණ පිටතින් සිදුකර ගැනීමට සිදුව ඇති අතර, ඒ සඳහා අසරණ රෝගීන්ට විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබේ. තමන් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේදී රෝගී සත්කාරය වෙනුවෙන් රෝහලෙන් පිටත පරීක්ෂණ පැවැත්වීම තහනම් කළ බවද ඒ…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල අද (29) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවය. තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇති වූ දරුණු සුළි කුණාටුවක් වන “මොන්තා” දරුණු සුළි කුණාටුව ඊයේ මධ්‍යම රාත්‍රියේදී (28 ) ආන්ද්‍ර ප්‍රදේශ් සහ යනාන් වෙරළ තීරයන් හරහා ගමන් කර ගොඩබිමට ඇතුළු…

Read More

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව අධිකරණ සහ ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහා අධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ භාරේ පවතින ගොඩනැගිලි හතරක් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් වෙත භාරදීමටකැබිනට් අනුමැතිය හිමි වී තිබුණා. ඒ අනුව, නව මහාධිකරණ හතර ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ, හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, සනත් නිශාන්ත, දිළුම් අමුණුගම සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්බන්ධන් මහතා භාවිතා කළ නිල නිවාස හතරයි.

Read More

රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩුව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ අද (29 වැනිදා) කැඳවීමට නියමිතය.එංගලන්තයේ බුල් හැමිල්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා පෞද්ගලික විදෙස් සංචාරයකට ගොස් රුපියල් ලක්ෂ 169කට අධික මුදලක් රජයට පාඩු කරන ලදැයි පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ මෙහෙයවීම මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විමර්ශනයේ ප්‍රගතිය, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද දැනුම් දීමට නියමිතය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අපරාධ පරීක්ෂණ​ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට…

Read More

ගාසා තීරයට ‘දරුණු ප්‍රහාර’ එල්ල කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබේ.අගමැතිවරයා විසින් ඊශ්‍රායල හමුදාවට නියෝගය කර ඇත්තේ, එම ප්‍රහාරය වහාම ක්‍රියාත්මක කරන ලෙසය.එම නියෝගයෙන් පසු ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය සහ ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කරයි.ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් මෙහෙයවනු ලබන සිවිල් ආරක්ෂක ඒජන්සියේ ප්‍රකාශකයෙකු විදෙස් මාද්‍ය වෙත පවසා ඇත්තේ ඊශ්‍රායලය අවම වශයෙන් ගුවන් ප්‍රහාර තුනක්වත් දියත් කළ බවයි.

Read More

ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගය අද (29 වැනිදා) ගුවහාටි හිදී එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතය. එංගලන්තය මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 11ක් සමගින් හිමිකරගත් අතර ප්‍රසාද ලකුණු 10ක් හිමිකරගත් දකුණු අප්‍රිකාව තෙවැනි ස්ථානයට පත් විණි. තරගාවලියේ මූලික වටයේ මෙම කණ්ඩායම් දෙක අතර පැවැති තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් එංගලන්ත කණ්ඩායමට හිමිකර ගත්තේය. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 69කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නියෝ සමත් වූ අතර එම ඉලක්කය පන්දුවාර 14.1කදී කිසිදු කඩුල්ලක් නොදැවී හඹායාමට එංගලන්ත ආරම්භක පිතිකාරිණියෝ සමත් වූහ. මෙම තරගය පැවැති ගුවහාටි ක්‍රීඩාංගණයේම…

Read More

රජය ලොකු ලූනු මිලදී ගැනීමේදී කොන්දේසි 17ක් ද පනවා තිබේ. ඒ් අනුව රජය මිලදී ගන්නා ලොකු ලූනු ගෙඩියක විෂ්කම්භය විය යුත්තේ මිලිමීටර් 35 – 65කි. විෂ්කම්භය මිලිමීටර් 65ට වැඩි සහ මිලිමීටර් 35ට අඩු ලොකු ලූනු තොග මිලදි ගැනීමේදී ද කොන්දේසි පනවා තිබේ. ඒ් අනුව එම ලූනු මුළු තොගයේ බරින් සියයට දහය ඉක්ම නොවිය යුතු වෙයි. එමෙන්ම මිලදී ගැනීමේ ප්‍රමිතියට අනුව ලොකු ලූනු කිලෝවක් සඳහා ගෙඩි අටක් පමණ අන්තර්ගත යුතු බවද රජය ලූනු ගොවීන්ට කොන්දේසි පනවා තිබේ. කෙසේ වෙතත්, රජයේ ලොකු ලූනු මිලදී ගැනීමේදී පනවා ඇති කොන්දේසි තමන්ට පීඩනයක් එල්ල කරන බව ගොවීන් පවසයි. සතොස සභාපති සමිත පෙරේරා මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි…

Read More