Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
කොටපොළ විවිධ සේවා සමූපකාර ප්‍රාදේශික නිලවරණයෙන් බහුතර බලය හිමිකර ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකි වුණා. ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව සමස්ථ නියෝජිතයින් 100 දෙනා අතුරින් 65 දෙනෙකු සජබ ප්‍රමුඛ පොදු විපක්ෂයෙන් පත් වී තිබෙනවා. එමෙන්ම, ජාතික ජන බලවේගයෙන් පත්ව ඇත්තේ නියෝජිතයින් 25 දෙනෙකු පමණයි. ජාතික ජන බලවේගය නියෝජනය කරන කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ එහි මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සහ පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද මෙවර නිලවරණය සඳහා තරග කළ නමුත් ඔවුන් සියලු දෙනාම පරාජය වී තිබෙනවා. ඒ අනුව, සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට ඉදිරියේදී කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 07 දෙනා පත් කර ගැනීම සඳහා…
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. අදාළ පෙත්සම් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 10 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362ක උසස් පෙළ විභාගය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවය. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් ඇතුළුව සම්පූර්ණ අයදුම්කරුවන් 340,525ක් පෙනී සිටීමට නියමිතය. එමෙන්ම මෙවර උසස් පෙළ විභාගය සඳහා පැවැත්වෙන සියලුම උපකාරක පන්ති පැවැත්වීම, විශයානුබද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීම, දේශණ සහ වැඩමුළු පැවැත්වීම සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ඇතුළු විභාගය සම්බන්ධ සියලුම…
දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 52කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලානය පළමුවරට තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (2) සමත් විය. නවි මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 299ක ඉලක්කයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට පන්දුවාර 45.3කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 246ක් පමණි. මෙම ජයග්‍රහණයත් සමග ඉන්දීය පිරිමි හා කාන්තා කණ්ඩායම් දිනාගත් ක්‍රිකට් ලෝක කුසලාන සංඛ්‍යාව 5ක් බවට පත්විය. ඉන්දීය පිරිමි කණ්ඩායම එක්දින ලෝක කුසලාන 2ක් (1983, 2011) හා විස්සයි20 ලෝක කුසලාන 2ක් (2007, 2024) මීට පෙර ජයග්‍රහණය කර තිබුණි. ඉන්දීය කාන්තා කණ්ඩායම මීට පෙර අවස්ථා දෙකකදී එක්දින කාන්තා ලෝක කුසලාන අවසන්…
සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ මෙම නිලධාරීන් පස් දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
ශ්‍රී ලංකාවට තවමත් සහල් පිටරටින් ගෙන ඒමට සිදුවී ඇති බවත්, 2028 වසර වන විට පිටරටින් සහල් ගෙන ඒම සම්පූර්ණයෙන්ම නතර කරන සැලැස්මක ආණ්ඩුව කටයුතු කරමින් ඇති බවයි කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට, සභාපතිවරුන්ට හා සියලු දෙනාටම හොරකම, වංචාව, දූෂණය, නාස්තිය සිදු කළ නොහැකි බව කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. ඒ අනුව, කිසිවකු හෝ එවැනි ක්‍රියාවකට සම්බන්ධ වුවහොත් ඔවුන් එළවා දැමීමට කටයුතු කරනු ඇති බවත්, ජනතාව ද ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වාදී තිබේ. ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ ඉල්ලීම මත හඳුන්වා දුන් ‘1818’ ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මහජනතාවට, දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදාහැරීම හෝ ඒ ආශ්‍රිත සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදීමේ හැකියාව පවතී.
වසරකට ආසන්න කාලයක සිට රජරට විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයෙක් නොමැතිවීම මුල්කරගනිමින් එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් අද (30) විරොධතාවක් හා සංකේත වැඩවර්ජනයක් පවත්වනු ලැබීය. උපකුලපතිවරයෙක් නොමැතිවීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ සුබ සාධන කටයුතු මෙන්ම සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා, අධ්‍යන පර්යේෂණ හා අධ්‍යාපන කටයුතු නිසි ලෙස සිදු නොවන බව ඔවුන් පවසයි. මෙම විරෝධතාවට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලන හා රජරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් ආචාර්යවරු එක්ව සිටියහ. ඒ අනුව ඔවුන් අද අධ්‍යයන, පර්යේෂණ හා පරිපාලන සියලු කටයුතුවලින් ඉවත්ව සිටියහ. මීට මාස හතරකට පමණ පෙර රජරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් පාලක සභාවට උපකුලපතිවරයෙක් පත් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. අනතුරුව පාලක සභාව විසින් උපකුලපති තනතුරට තුන්දෙනෙකු නිර්දේශ…
ජාතික ලොතරැයි මණ්ඩලයේ දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන් කිහිප දෙනෙකු-, ඔවුන් විසින් ගෙවිය යුතු ගෙවීම් නිසි පරිදි ගෙවීම පැහැර ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා පවසා තිබේ. මෙසේ ගෙවීම් පැහැර හැර තිබෙන නියෝජිතයන් අතර දේශපාලන සම්බන්ධතා මත ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ධූර ලබා ගත් අය සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. ඒ අනුව, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිර්දේශය මත දිස්ත්‍රික් අලෙවි නියෝජිත දූරයක් ලබා ගෙන තිබෙන ලකීෂා තරංගිකා රාජපක්ෂ යන අය, රුපියල් මිලියන 9.8 ක මුදලක් ගෙවීම පැහැර හැර තිබේ. ඊට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ගේ බිරිද වන දිසානායක මුදියන්සේලාගේ ගීතා නන්දනී යන අය රුපියල් මිලියන…
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ විය. විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇත. ඒ අනුව අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය වෙත අධිකරණය විසින් චෝදනා කියවා දුන් අතර, එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව ඇය ප්‍රකාශ කළාය. එහිදී රජයේ නීතීඥ අකිලා ධර්මධාතු මහත්මියගේ මෙහෙයවීම යටතේ ආගමන හා විගමන…
