Author: Bandara Senanayaka

මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය ‘දිට්වා’ සුළි කුණාටුව මේ වනවිට ත්‍රිකුණාමලයට කි.මී. 50ක් දකුණු දෙසින් කේන්ද්‍රගතව තිබේ. මේ සම්බන්ධයෙන් අද (28) පෙ.ව. 5ට නිවේදනයක් නිකුත්කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියේ, මෙම පද්ධතිය උතුර බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවය.

Read More

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපයය ඊයේ (25) මධ්‍යම රාත්‍රී පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවතුණි. එය ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස ද ඉල්ලා සිටී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම්…

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආන්දෝලනාත්මක බ්‍රිතාන්‍ය සංචාරය පිළිබදව වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් පසුගිය දා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් තිබුණි.මෙම පිරිස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සංචාරය කරන අවස්ථාව වන විට, එහි සිටි, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමකොමසාරිස් සහ නියෝජ්‍ය මහකොමසාරිස් ඇතුළු නිළධාරීන් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.ඔවුන්ගේ එම ප්‍රකාශ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරය, වුල්වර්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් සිදු වූ නිල ආරාධනයක් අනුව සිදුවූවක් නොවන බවත්, එය තනිකරම පෞද්ගලික සංචාරයක් බවත් අනාවරණය වී ඇති බව, බීබීසී සන්දේශය වෙනුවෙන් මාධ්‍යවේදී සරෝජ් පතිරණ මහතා පවසයි.ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආන්දෝලනාත්මක බ්‍රිතාන්‍ය සංචාරය නිල…

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (21) දින මෙරටට පැමිණීම සඳහා ගුවන්ගමන් බලපත්‍ර වෙන්කර, පසුව ඒවා අවලංගු කර ඇති බව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය විය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට පැවසුවේ, ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්ත්වයක් පවතින බැවින් ගුවන්ගමන් නුසුදුසු බවට සැකකරු වෙනුවෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළත් ලේඛන අධ්‍යයනය කිරීමේදී සැකකාර බැසිල් රාජපක්ෂ හිතාමතා අධිකරණය මගහරින බවට බරපතළ සැකයක් පවතින බවය. නීති විරෝධි ක්‍රියාකාරකමකින් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 500ක් යොදවා මාතර බ්‍රවුන්ස් හීල්හි අක්කර එකහාමාරයක ඉඩමක් මිලදී ගැනීමේ සිදුවීමකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා…

Read More

ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඉදිරි පැය 24 තුළ මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ හේතුවෙන් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය – දිවිතුර, ඇල්පිටිය සහ අක්මීමන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවය. නිල්වලා ගංඟා ද්‍රෝණියේ ජල මට්ටම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරුස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා ඇත.…

Read More

මෙරට සමස්ත දේශීය සහ විදේශීය ණය ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මස වන විට, රුපියල් ට්‍රිලියන 30.9ක් යැයි කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. පසුගිය දිනෙක 27(2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කල පැනයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (11) අනිල් ජයන්ත මහතා මේ බව කියා සිටියා. එහිදි ඔහු පැවසුවේ ඊට දේශීය ණය ට්‍රිලියන 19.6 ක්ද විදේශීය ණය ට්‍රිලියන 11.3 ක්ද ඇතුළත් බවයි. වත්මන් ආණ්ඩුව පත්වූ පසුව පසුගිය අගෝස්තු මාසය වන විට ලබාගෙන ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 1393ක් බවත් විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 526ක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. තවද එම…

Read More

වතු සේවකයන්ට පැමිණීමේ දිරි දීමනාවක් ලෙස රුපියල් දෙසීයක දීමනාවක් ලබා දීමට රජය මෙවර අයවැයෙන් පොරොන්දු වී තිබේ.වතු- සේවකයන් පෞද්ගලික අංශයට සම්බන්ධ බැවින්, ඔවුන් වෙනුවෙන් රජයේ අරමුදල් වැය කළ හැකිද යන්න පිළිබදව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අවධානය යොමු වී ඇති බව අද වෙළද පොලට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි.ඊයේ දිනයේ දී රැස් වී ඇති රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මේ පිළිබදව සාකච්ඡා කර ඇති අතර, ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ, පෞද්ගලික අංශයේ සේවකයන්ට දීමනා ලබා දීම සදහා රාජ්‍ය මුදල් වැය කිරීම අනීතික බව යි.මේ පිළිබඳව අයවැය විවාදයේ දී මතු කිරීමට ඔවුන් සූදානම් වේ.

Read More

වෛද්‍යවරුන්ගේ ගැටලුවලට අයවැයෙන් විසඳුම් ලබා නොදීම හේතුවෙන් නොවැම්බර් 17 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) නිවේදනය කළේය. ඒ අද රැස්වූ එහි මධ්‍යම කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුවය. ඒ අනුව සෞඛ්‍ය සායනවලදී රෝහල්වලට පිටතිත් ඖෂධ ගැනීම සඳහා ඖෂධ වට්ටෝරු නිකුත් නොකිරීමටද තීරණය කර තිබේ. මේ අතර මෙවර අයවැයෙන් බලාපොරොත්තු වූ පරිදි සිය ගැටලුවලට ස්ථිර විසඳුම් නොලැබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා සියලුම විශේෂඥ වෛද්‍යවරුන් කොළඹට කැඳවා ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

Read More

කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ තවත් දකුණු පළාත් පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති බවය. එහිදී අයිස් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව ඇති බව වාර්තා වෙයි.

Read More

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවක් පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති කරුවන් ගොනු කල මූලික විරෝධතාවයක් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොඩ් නිහාල් මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවානඩුව මීට පෙර කැඳ වූ අවස්ථාවේදී අල්ලස් කොමිසම ගොනු කර තිබෙනඅධි චෝදනා පත්‍ර පවරා පවත්වාගෙන යෑමට නොහැකි බැවින් එම චෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලාවිත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් හා අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු මතු කළාවිත්තිය ඉදිරිපත් කළ එම මූලික විරෝධතා සම්බන්ධවඅද දින තීන්දුව ලබා දුන් මහාධිකරණ…

Read More