Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ. සිද්ධියෙන් පුද්ගලයින් 04 දෙනෙකු අතුරුදන්ව ඇති බව මාවනැල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලීප් නිශාන්ත මහතා සඳහන් කළේය. තවත් පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනීම සඳහා යුද හමුදාව එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇතැයිද ඒ මහතා පැවසීය. පවතින තත්ත්වය හමුවේ මෙම ප්‍රදේශයේ පිරිස් ඉවත් කර තිබූ බවත් ඊයේ රාත්‍රියේ නැවත නිවෙස් බලා ගිය සිව් දෙනෙකු මෙම නායයෑමට හසුව අතුරුදන්ව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කොටුගොඩ ප්‍රදේශයේ ඇතිවූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් කොටුගොඩ ග්‍රිඩ් උපපොළ තාවකාලිකව ක්‍රියා විරහිත කර ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. විදුලි බල මණ්ඩලය සඳහන් කළේ අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අවට ගංවතුර තත්ත්වය වේගයෙන් ඉහළ ගොස් ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මුළු උපපොළ පරිශ්‍රයම ජලයෙන් යටවී ඇති බවය. ඊයේ (29) සවස වන විට ජල මට්ටම පාලක පැනල මට්ටමට ළඟා වී ඇති බැවින් තත්ත්වය ආරක්ෂිත මෙහෙයුම් සීමාවන් ඉක්මවා ඇතැයිද ඒ හේතුවෙන් ආරක්ෂිතව කොටුගොඩ ග්‍රිඩ් උපපොළ විසන්ධි කිරීමට තීරණය කළ බවත් විදුලි බල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
කැලණි ගඟේ ජල මට්ටම මේ වනවිට ඉහළ යාම හේතුවෙන් ස්ථාන කිහිපයක වෙසෙන පහත්බිම්වල ජනතාවට ඉන් ඉවත් වන ලෙස නිවේදනය කර තිබේ. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා විසින් එම දැනුම්දීම කර ඇත. ඒ අනුව, කඩුවෙල – මාලබේ, අතුරුගිරිය – මාලබේ සහ මාලබේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගයන්හි පහත්බිම්වල ජනතාවට ජනතාවට ඉන් ඉවත්වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මෙලෙස දැනුම්දී තිබේ. අදාළ ජනතාවට මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලයට හා පිට්ටුගල යශෝදරා මහා විද්‍යාලයට යන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 69ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම ආපදා හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, පවුල් 61,175කට අයත් පුද්ගලයින් 21,9282ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. පීඩාවට පත්වූ පවුල් 5,890කට අයත් පුද්ගලයින් 18,443 දෙනෙකු තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථාන 266ක් වෙත යොමු කර ඇති මේ වනවිටත් විපතට පත්වූවන් සෙවීමේ කටයුතු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව විසින් සිදුකරනු ලබයි. ගංවතුර අධි අවදානම් අනතුරු ඇඟවීම් කැලණි ගඟ සඳහා කලු ගඟ, යාන් ඔය, මහවැලි ගඟ, ගඟ දැදුරු ඔය, මහ ඔය, කලා ඔය, අත්තනුගලු ඔය සහ…
කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැලණි ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට අධික වැසි ඇදහැලෙමින් ඇති බවය. එම වර්ෂා තත්ත්වය ද, කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශවලින් පිටකරනු ලබන ජල ප්‍රමාණය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගංගා ද්‍රෝණිය…
කුළු ගඟ ද්‍රෝණිය වෙත මේ වනවිට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හා කළු ගඟ ද්‍රෝණිය තුළ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන දත්ත විශ්ලේෂණය අනුව ඉදිරි පැය කිහිපය තුළ මහා ගංවතුර තත්ත්වයක් ඇති වන බවට අනතුරු ඇඟවා තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය පැය 72 තුළ මරණ 46ක් වාර්තාවී තිබේ. ඒ අනුව නොවැම්බර් 16 වනදා සිට මේ දක්වා සිදුවී ඇති ආපදා මරණ 56ක් දක්වා ඉහළගොස් ඇත. පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 12,313කට අයත් පුද්ගලයින් 43,991 පීඩාවට පත්වී සිටී. නිවාස 04කට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ හානි වු නිවාස සංඛ්‍යාව 666ක් බවද ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
කොළඹ – නුවර මාර්ගය කෑගල්ල, මිහිපිටිය ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි. මේ හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය එම ප්‍රදේශයෙන් වසා දැමීමට කටයුතු කරන බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කර තිබේ. එබැවින් කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන ධාවනය කරන පිරිස කෑගල්ල ප්‍රදේශයෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් අත්‍යවශ්‍ය කරුණක් හැරුණුවිට එම ප්‍රදේශයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
දිවයිනට බලපාන ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, ගුවන් තොටුපළට යාමට පෙර www.srilankan.com වෙබ් අඩවියෙන් නවතම ගුවන් ගමන් තත්ත්වය පරීක්ෂා කර ගන්නා ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවය මගීන්ට උපදෙස් ලබා දී තිබේ. එසේ නොමැති නම් 1979 ක්ෂණික දුරකථන අංකයට හෝ +94 117 77 1979 අංකය අමතා තොරතුරු ලබාගන්නා ලෙසත් ශ්‍රීලන්කන් ගුවන් සේවය දැනුම් දෙයි. මේ අතර, කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06ක් වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යැවීමට කටයුතු කර ඇත. කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06ක් මත්තල, ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් ගුවන්තොටුපොළ වෙත යොමුකිරීමට පියවර ගත් බව ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසයි.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අද (28) අලුයම වනවිට වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වවුනියාව දිස්ත්‍රික්කයේ වෙඩිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. එහි අගය මි.මී. 315ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. ඊයේ (27) පෙ.ව. 8.30 සිට අද (28) අලුයම 4.30 දක්වා වූ කාලය තුළ වාර්තා වූ වර්ෂාපන අගයන් සැලකිල්ලට ගෙන මෙම තොරතුරු ඉදිරිපත් කර ඇත. එහි දැක්වෙන පරිදි මුලතිව් දිස්ත්‍රික්කයේ අලපිල්ලි ප්‍රදේශයෙන් මි.මී. 305ක අගයක් වාර්තා වී තිබේ. එමෙන්ම තෙවන ඉහළම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවරින් වාර්තා වී ඇති අතර, එහි අගය මී.මී. 223.9ක් ලෙස සටහන් වී ඇත. ඒ අනුව දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වියහැකි…
