Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
මාලදිවයින් මුහුදු සීමාවේ දී ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය අඩංගු බවට මාලදිවයින පොලීසිය නිල වශයෙන් තහවුරු කර තිබේ. නීතිවිරෝධී ලෙස මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු වූ අදාළ ධීවර යාත්‍රාව පසුගිය නොවැම්බර් මස 7 වන දින එරට ජාතික ආරක්ෂක බලකායේ වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණි. එම යාත්‍රාව අවිශ්ක පුතා නැමැති ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් වන බවත් එහි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් පැවති බවත් මාලදිවයින් පොලීසිය තහවුරු කර තිබේ. එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව මාලදිවයින් පොලීසිය පැවසීය. අදාළ ධීවරයින් සහ යාත්‍රාව සම්බන්ධයෙන් මාලදිවයින් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර එරට අධිකරණය…
දේශීය වෙළදපොලේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ බී ලූණු තොග පවතිද්දී රජය විසින් බීලූණු සහ අර්තාපල් ආනයනය කර ඇති බවත්, ඒ සදහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකිරිමේ හේතුව මත දේශීය අර්තාපල් සහ බී ලූණු ගොවින්ට නිශ්පාදන වියදමවත් ආවරණය වන පරිදි අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි බවයි වෙළදසැල් වසා දමමින් විරෝධතාවය දක්වන ව්‍යාපාරිකයන් සහ නුවරඑලිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් කියා සිටියේ. නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග කිසිවක් කොළඹ ඇතුලු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය නොකල බවත්, නුවරඑලිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් (10) දින දෛනික කටයුතු වලින් ඉවත් වි සිටින බවයි එම ව්‍යාපාරිකයන් කියා සිටියේ. පවත්නා තත්වය මත නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ දැඩි පොලිස්…
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 05 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්විමට නියමිතය. මෙවර විභාගය සදහා අයදුම්කරුවන් 340,525දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර පාසල් අයදුම්කරුවන් 246,521දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු ඊට ඇතුළත් වේ. විභාගය ආරම්භ වීමට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළාය. මේ අතර විභාගය සඳහා පෙනී සිටින දරුවන් සදහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ චන්ද්‍රපාල මහතා පවසයි. එමෙන්ම විභාගය පවතින කාලසීමාව තුළ ආපදා හේතුවෙන්…
අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ උඩුමහලේ අද (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් නාගරික මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත තිබේ. අද උදෑසන 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා පැවසීය. සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද ඔහු සඳහන් කළේය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මොහු අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ නැමැත්තාගේ ඥාතියෙකු බව ද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 4ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා…
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවා රාජකාරි කටයුතු අද (03) දින සිට ආරම්භ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. ඒ අනුව වයඹ පළාත් ජනතාවට එක් දින සේවය මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම හා ඒ සම්බන්ධ අනෙකුත් සේවාවන් වඩාත් පහසුවෙන් සිදුකර ගැනීමට හැකිවනු ඇත. පළාත් කාර්යාලයේ ලිපිනය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වයඹ පළාත් කාර්යාලය,03 වන මහල,නව වෙළඳ සංකීර්ණය,කුරුණෑගල දුරකථන අංකය : 037 2224337 ෆැක්ස් අංකය : 037 2224337
ඉන්දියාවේ මූල්‍ය අපරාධ ඒජන්සිය විසින් අනිල් අම්බානි සමූහ ව්‍යාපාරය හා සම්බන්ධ ඉන්දීය රුපියල් බිලියන 30.84ක් වටිනා වත්කම්, තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසන්නේ මුදල් විශුද්ධිකරණ පරීක්ෂණයක කොටසක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි. මෙම මුදල් විශුද්ධිකරණ පරීක්ෂණය සඳහා ඉන්දියාවේ බලගැන්වීමේ අධ්‍යක්ෂ මණ්ඩලය නම් වන මුල්‍ය විමර්ශන ඒකකය කටයුතු කරනවා. ලෝක ප්‍රකට ධනවතකු වන මුකේෂ් අම්බානිගේ බාල සොහොයුරා වන අනිල් අම්බානි සතු මෙම සමූහ ව්‍යාපාරය, 2017 සහ 2019 අතර ඉන්දියාවේ YES Bank වෙතින් ලබාගත් ඩොලර් මිලියන 568.86 ඉක්මවූ ණය මුදල්වලට සම්බන්ධයි. මෙම අරමුදල් යොදවා කළ ආයෝජනවලින් කිසිදු ප්‍රතිලාභයක් ලැබී නැතැයි සඳහන්. විමර්ශකයන් විසින් මුම්බායි, දිල්ලි…
සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
රටේ විපක්ෂයක් තිබෙනවා දැයි මේ වන විට ගැටලුවක් මතුවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසනවා. රටේ විපක්ෂ නායකවරයා වශයෙන් සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක බවත්, හවස ප්‍රවෘත්තිවල විපක්ෂයේ ප්‍රධාන කතාව වන්නේද ඔහුගේ කතාව වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ. එයින් විපක්ෂය පත්ව ඇති තැන සිතා ගැනීමට හැකි බව ද, අද පාර්ලිමේන්තුවේ විපක්ෂයක් නොමැති බව ද ලේකම්වරයා සඳහන් කර සිටියා. විපක්ෂය කිසිදු ගැටලුවක් සාකච්ඡා නොකරන බවත්, ලංකා ඉතිහාසය ගත්විට, සම්පූර්ණයෙන්ම යමක් සම්බන්ධව තර්කානුකූල ප්‍රවේශයක් නොමැති එකම විපක්ෂය වත්මන් පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂය බවත්, මේ රට තුළ ඇත්තේ මන්ද බුද්ධික විපක්ෂයක් පමණක් බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ…
රටට විහිළු සපයන්නන්ට බලය ලබාදීමට ජනතාව සූදානම් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසනවා. ඒ අනුව, රටේ ජනතාව යළිත් විපක්ෂයට බලය ලබා නොදෙනු ඇති බවට දැඩි විශ්වාසයක් තිබෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ. පසුගිය කාලය පුරා, විපක්ෂය විසින් නඩත්තු කරන ලද පිරිසකට ඔවුන් අනාවැකි ප්‍රකාශ කළ බවද, එහෙත් එම අනාවැකි සියල්ල බොරු බවට පත්ව ඇති බවද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විනිසුරුවරුන් සහ අධිකරණ සේවයේ නිලධාරීන් විසි දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර ඇති බව වාර්තා වෙනවා. එහිදී, රාජකාරිවලින් ඉවත් කරන ලද මෙම පිරිසට එක් මහාධිකරණ විනිසුරුවරයකු, මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් ඇතුළත් බවයි වාර්තා වන්නේ. ඉවත් කළ නිලධාරීන් 20 දෙනාගෙන් සත් දෙනකුගේ සේවය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවත්, අනෙක් නිලධාරීන්ට වැඩ තහනම, අනිවාර්ය විශ්‍රාම ගැන්වීම හෝ වෙනත් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සඳහන්. මෙහිදී, මෙම පිරිස රාජකාරිවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ අධිකරණ සේවයේ සිටින්නන් පිළිබඳව මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරුව බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
