Author: Bandara Senanayaka

පසුගිය වකවානුවේ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළම කතාබහට ලක්වූ සිදුවීමක් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති පැමිණිල්ලට නඩුවට අදාළ හෙට (29) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත විභාගයට ගැනීමට නියමිතව තිබේ. වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම චෝදනාව එල්ල වී ඇත්තේ, එංගලන්තයේ ‘වුල්වර්හැම්ප්ටන්’ (Wolverhampton) පෞද්ගලික විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන්, දින එකහමාරක් තුළ රජයේ මුදල් රුපියල් කෝටි 1.5කට අධික ප්‍රමාණයක් වැය කරමින් රාජ්‍යයට පාඩුවක් සිදු කිරීමයි. මේ අතර, මෙම නඩුවට අදාළව පසුගිය නඩු දිනයේදී අධිකරණ පරිශ්‍රයේ ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් ද අධිකරණය දැඩි අවධානයක් යොමු කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත්…

Read More

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා පොලිසියට පාතාලයේ ආයුධ පිළිබඳව ඔත්තුවක් දුන් හේතුවෙන් එතුමා ඝාතනය කළා……… වැලිගම සභාපති පොලිසියට පාතාලයේ ආයුධ අල්ලා ගැනීමට ඔත්තුවක් ලබාදී පසුව පාතාලය විසින් ඔත්තුව ලබාදුන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය කිරීමට ඔහු ඔත්තුව දුන් බව පාතාල නායකයා දැනගත්තේ කෙසේද කියා පොලිස්පතිතුමාගෙන් විමසන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2025.10.28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,“ රටට ජයග්‍රාහණ රාශියක් ගෙනාපු දකුණු ආසියාතික මලල ක්‍රීඩා තරඟාවලියේ අනුශුරතාවය දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පක්ෂයක් හැටියටත් අපේ රටේ සියලුදෙනා වෙනුවෙන්ම උණුසුම් සුබපැතුම්…

Read More

සැලකිලිමත් වන ලෙස දැනුම්දෙමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලට මෙන්ම ත්‍රීකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය වලංගු වේ. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මොන්තා” සුළි කුණාටුව හේතුවෙන් මෙම තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ. එම ප්‍රදේශ සඳහා විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.

Read More

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු දෙදෙනා විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. මෙම අභියාචනා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (28) කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙසටය. මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී සිරගතව සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Read More

මේ පිළිබදව එතුමන් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන බේරුවල, මොරගොල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරයෙහි අභිනවයෙන් ඉදිකරන ලද සංකස්සපුර ශ්‍රී සම්බුද්ධරාජ මහා විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යමහෝත්සවය සඳහා පසුගිය 26වන දින බැති සිතින් සම්බන්ධ වුණෙමි. ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකායේ කාරක සංඝ සභික, සිරි සීලසුමන විද්‍යාතිලක මහා පිරිවෙන් ගරු පරිවේණාධිපති, ශ්‍රී බුද්ධසිරි මහා විහාරධිපති, බේරුවල දකුණු ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මොරගල්ලේ අරියවිමල තිස්ස නාහිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව නිර්මාණය කරන ලද මෙම මහා විහාර මන්දිරය ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකායේ අනු නායක අතිපූජ්‍ය කලුවාමෝදර සීලරතන තිස්ස නාහිමිපාණන් වහන්සේගේ සහ ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකායේ මහා…

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැවැන්තයෙකු වන කුමාර් සංගක්කාර සිය 48 වන ජන්ම දිනය අද (27) සැමරූ අතර ඊට සමගාමීව ඔහුට සුබ පතමින් විවිධ පෝස්ටු සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී. එහි එක් විශේෂ පෝස්ටුවක් වූයේ ඔහු වයින් ස්ටොර්ස් එකකට ගොස් කිහිප දෙනෙකු සමග මත්පැන් ‍’ෂොට්’ එකක් ගන්නා අයුරුය. පැරණි තාලේ වීදුරු වලට පුරවාගත් මත්පැන් තමා සමග සිටින අය සමග චියර් කර බොන මෙම දර්ශනය සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර යමින් තිබේ.මෙම සිදුවීම තරමක් වෙනස් එකක් වූවද එය සත්‍ය ලෙස සිදුව ඇත්තේ ගාල්ලේ පිහිටි ‘සිඩ්නි’ හෝටලයේදීය.සාම්ප්‍රදායික ගම පදනම් කරගත් ආකෘතියකින් නිර්මාණය කර ඇති මෙම හෝටලයේ ගමේ වයින් ස්ටොර්ස් එකක්ද ඇති අතර සංගා…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් මස 24 වන දා සිට ද සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර මහතා 2025 නොවැම්බර් මස 03 වන දා සිට ද ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර ඇත. ඒ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්..

Read More

‍මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. සෑම බලපත්‍රලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත්කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපහොසත් වන බලපත්‍රලාභීයෙකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව නව ගැසට්…

Read More

ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරයකු සහ ආණ්ඩුකාරවරයකු ද වන මුහම්මද් හිස්බුල්ලාට අමෙරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 60කට අධික) වංචා කළ බවට චෝදනා ලැබූ ඝානාවේ පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන එරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප නියම කර තිබෙනවා. මෙම සැකකරුවන්ට එරෙහිව අපරාධ කිරීමට කුමන්ත්‍රණය කිරීම, බොරු පොරොන්දු දී වංචා කිරීම සහ වංචා කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ නඩු පවරා ඇති බවයි ඝානා පුවත් ඒජන්සිය වාර්තා කළේ. සැකකරුවන් එක් අයෙකුට ඝානා සේඩි ලක්ෂ 05 බැගින් වූ ඇප මුදල් නියම කර ඇති අතර, ශරීර ඇප 02 ඉදිරිපත් කළ යුතුව තිබුණා. ඉන් එක් අයෙකු ඉඩමක් සහිත දේපළකින්…

Read More

ඉන්දියාවේ පැවති 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් එහි අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම දිවයිනට පැමිණියේය.ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියේය.ක්‍රීඩිකා 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදි රන් පදක්කම් 16ක් , රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ලෙස සමස්ත පදක්කම් 40ක් දිනා ගත්තේය.ඒ තරගාවලියේ අනුශූරතාවය හිමි කර ගනිමිනි.දකුණු ආසියානු මළළ ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් දිනාගැනීමට ශෆියා යමික් සමත්වුණි.මේ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස සම්මාන හිමිකරගත්තේ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග යි.

Read More