Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වයෝවෘද්ධ පිරිමින් සමග විවාහ වීමේ ප්‍රවණතාවක් පවතින බව කුරුණෑගලදී පැවැති මාධ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ වැඩසටහනකට ආරාධිත දේශනයක් අමතමින්ස්වේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිනි ආචාර්ය කලා පීරිස් පැවැසුවාය. නීතිය පිළි නොගන්නා ලිංගික සම්බන්ධතා රටේ වියළි කලාපය තුළ ඉහළ මට්ටමක පවතී. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අවුරුදු 14, 15, 16 තරම් අඩු වයසේ තරුණියන් වයස අවුරුදු 45, 50 වයස්ගත පිරිමින් සමඟ ජීවත් වීමේ ප්‍රවණතාවක් පවතින බව පොළොන්නරුව ප්‍රදේශයේ කළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මෙවැනි සම්බන්ධතා හේතුවෙන් උපදින දරුවන්ට උප්පැන්න ලබා දීමේ ගැටලු මතු වීැති බව ඇය සඳහන් කර සිටියා මවට අවුරුදු 15ක් සහ පියාට අවුරුදු 13ක් වන…
දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ඒ අනුව පසුගිය 23 වනදා එහි පළමු තොගය දිවයිනට පැමිණ ඇති බව සදහන් වේ. මීට අමතරව පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දින තුළ ද ආනයනික පොන්නි සම්බා සහල් තොගයක් මෙරටට රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා රේගුව පැවසුවේය. දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස පසුගිය 15 වනදා සිට ජී.ආර් 11 පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව ආනයනකරුවන්ට ආනයන පාලන බලපත්‍ර ලබා…
හම්බෙගමුව උණ කන්ද රක්ෂිතයේ මහා පරිමාණයේ ගංජා හේනක් කපා වේලා අලෙවි කිරීමට සූදානම් කරමින් තිබූ වියලි ගංජා කිලෝ 406 ගෑම් 800ක්, ගංජා පැළ 12825ක් හා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරක් අනුව උඩවළව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය, කොළඹ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු හා 58 හැවිරිදි පුද්ගලයෙක්. වැටලීම සිදු කරන අවස්ථාව වන විටත් විසි එක් හැවිරිදි සැකකරු අලෙවි කිරීම සඳහා වියලි ගංජා පාර්සල්…
රජයේ රෝහල්වල හෙද නිලධාරින්ගේ හෙද නිල ඇඳුම කිසියම් ආගම් හා සංස්කෘතීන් අනුගමනය කරන පුද්ගලයින් ගැන සිතා වෙනස් කරන්නේ නම් එයට එකඟ නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය ඇමතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා. නිසි ප්‍රමිතියකින් යුතුව ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව නිර්මාණය කරන ලද හෙද නිල ඇදුම කිසියම් අගමක් හෝ සංස්කෘතියක් අදහන අය වෙනුවෙන් වෙනස් කළ යුතු බව රජයේ වගකිවයුුතු ඇමතිවරයෙක් ප්‍රකාශ කර තිබන බවට වාර්තා පළ වි ඇතැයි සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අත්සනින් යුතු ඇමතිවරයාට යොමුකළ ලිපියේ සඳහන්. මේ අන්දමින් හෙද සාත්තුවද වෙනස් කළ යුතු බවට කවුරුන් හෝ යෝජනා කළහොත් එයද කළ යුතු වනු ඇති බව ආනන්ද හිමියෝ…
උතුරු, උතුරු – මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
ඉන්දියාවේ රංචිහිදී ඊයේ (26) නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. තරග ඉසව් රැසකදී ඉන්දියාවට කරට කර සටනක් දුන් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ පෙරමුණ අහිමිව ගියේ රන් පදක්කම් 4ක වෙනසකින්ය. ශ්‍රී ලංකාව මෙහිදී රන් 16ක්, රිදී 14ක් හා ලෝකඩ 10ක් සමගින් පදක්කම් 40ක් දිනාගැනීමට සමත් විය. රන් පදක්කම් 20ක් දිනූ ඉන්දියාවට පදක්කම් සටහනේ පෙරමුණ හිමි වූ අතර, ඔවුන් රිදී 20ක් හා ලෝකඩ 18ක්ද දිනාගත්හ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැරෙන්න වෙනත් කිසිදු රටකට රන් පදක්කමක් දිනාගැනීමට නොහැකි විය. විශේෂයෙන් නේපාලය රිදී පදක්කම් 02ක් දිනාගැනීම හැරෙන්න වෙනත් කිසිදු රටකට රිදී පදක්කමක්…
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ මීටර් 60.14 ක විශිෂ්ට විසිකිරීමක් සමඟින් රන් පදක්කම දිනා ගත්තාය.
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සෆියා යාමික් සමත් විය.ඇය ත්ත්පර 23.58කින් සිය ඉසව්ව අවසන් කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත්විය.එහිදී ඇය බිඳ හෙළණු ලැබුවේ මීට වසර 27කට පෙර එනම් 1998 වසරේ දී ඉන්දියාවේ P.T ඌෂා පිහිටුවා තිබූ තරග වාර්තාවයි.එමෙනම ඇය දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වෙමින් මීටර් 100 කාන්තා රන් පදක්කමත්, මීටර් 4×100 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කමත් මීට පෙර දිනාගෙන තිබුණි.මීටර් 100 කාන්තා රන් පදක්කම දිනා ගනිමින් ඇය වාර්තා කළ කාලය තත්ත්පර 11.53කි.කාන්තා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තත්ත්පර 44.70කින්…
දැන් මට සිද්ද වෙලා තියෙන්නේ , සෙල්ෆියක් ගහන්න කලිනුත් පොලිස් වාර්තාවක් ඉල්ලන්න.එතරම් අවධානයෙන් ඉන්නේ සමහර ඇමතිවරු. හීනෙන් පේන්නෙත් මං. මගේ පණ නාමල් කියලත් save කරන් ඉන්නවලු.අද ඒ තැනට පක්ෂයක් විදිහට අපි ගොඩ නැගිලා තියෙනවා.අද අපි දකිනවා රාජ්‍ය පාලනය තුළ වර්තමාන ආණ්ඩුවට අවංක චේතනාවක් වුවමනාවක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා, මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න.අද ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුද්දකටත් වැඩි කාලයක් දැන් ගතවෙලා තියෙනවා.තමන්ගේ හෘද සාක්ෂියට අනුව අවංකව අතිගරු ජනාධිපතිතුමා ඇතුළු එකසිය හැට දෙනා තම රටට පොරොන්දු වෙච්ච කාරණා ඉෂ්ට කරනවාද නැද්ද ? කියන ප්‍රශ්නය තමන් විසින්ම අහන්න ඕන කියලා මං විශ්වාස කරනවා..එදා අපි කරපු සංවර්ධනයට වෛරයක් හැදෙව්වා. මාර්ග…
ශ්‍රී ලංකාවේ ආයෝජන කලාප තුළ අපනයනය සඳහා කංසා (Cannabis) වගා කිරීමේ සහ අපනයනය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමට විදේශීය ආයෝජකයින් කිහිප දෙනකුගෙන් යෝජනා ලැබී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි. හොංකොං සහ තායිලන්තය වැනි රටවල ආයෝජකයින් ගණනාවක් කංසා ආශ්‍රිත කර්මාන්තය වැඩිදියුණු කිරීම සහ ඒ සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් මෙම යෝජනා ඉදිරිපත් කර තිබේ. දැනට දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ගෙන්ද යෝජනා අටක් (8) පමණ ලැබී ඇති බව විජේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා කෙසේ වෙතත්, මෙම යෝජනා සම්බන්ධයෙන් අවසාන තීරණයකට එළඹීමට පෙර රජය තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවත්, මෙම කංසා ව්‍යාපෘති සඳහා අවසාන එකඟතාවක් තවම ලබා දී නොමැති බවත්…
