Author: Bandara Senanayaka

ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා ගමන්ගත් කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ. අද (17) සවස 2ට පමණ දුංහේන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණි. අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ ඔහුගේ 8 හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා ඇල්පිටිය මුලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් කැබ් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කැබ් රථය ද පොලිස් භාරයට ගෙන ඇත. අනතුරට පත් කැබ් රථය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කර ඇත.

Read More

මෑත කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දිය නෑමට ගොස් ඉතා අවාසනාවන්ත ලෙස වටිනා මිනිස් ජීවිත අහිමි වීමේ සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇති බවට නිරීක්ෂණය වී ඇති බවත්, මෙම අනතුරු අවම කරගැනීම සඳහා මහජනතාව වඩාත් සැලකිලිමත් සහ දැනුවත් විය යුතුව ඇති බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. මෙලෙස දිය අනතුරු සිදුවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ පුද්ගලයින්ගේ පවතින නොසැලකිලිමත්භාවය සහ අවබෝධයකින් තොරව කටයුතු කිරීම බව ද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ‍පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙනවා. “දිය නෑමට ගොස් ඉතා අවාසනාවන්ත ලෙස වටිනා මිනිස් ජිවිත අහිමි වීමේ සිද්ධීන් ගණනාවක් මෑත කාලයේ වාර්තා වූ තොරතුරු අනුව නිරීක්ෂණය වී ඇත.…

Read More

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කරන රාත්‍රී මුර සංචාර සේවා කටයුතු මේවන විට නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවත් එම සේවාවාර වහාම නැවත යෙදවීමට කටයුතු කරන ලෙසත් ලොකෝමෝටිව් ඉංජිනේරු සංගම‍ය ඉල්ලීමක් කර ඇත. එම සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා සඳහන් කළේ රාත්‍රී මුර සංචාර සේවා නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ඉදිරියේදී මෙවැනි අනතුරු සිදු වීම වළක්වා ගැනීමට හැකි වනු ඇති බවය. එමෙන්ම දුම්රිය ධාවනයේදී රියදුරා විසින් නිරීක්ෂණය කර දක්වන කරුණු මත පාලක මැදිරිය හෝ වෙනත් අංශ සඳහා සිදු කරනු ලබන දැනුවත් කිරීම් සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කරන මෙන් ඒ මහතා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර සිටී. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පිලී…

Read More

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග පරිදි සකස් කර ඇති අදාළ පනත් කෙටුම්පත මැයි මස 15වන දින රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. 2009 අංක 35 දරණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා ද ඒ හා සම්බන්ධ හෝ ඊට අනුශාංගික කාරණා සඳහා විධිවිදාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත සකස් කර තිබේ. 2026 ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමේ පනත යනුවෙන් හඳුන්වා දී ඇති මෙම පනත් කෙටුම්පත මගින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අවසන් වනු ඇති. මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට…

Read More

පොල් ඉඩමක පිහිටි නිවසක් තුළ තිබී දිවි හමක්, ගිනිඅවි කිහිපයක් සහ පතරොම් කිහිපයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු වනජීවී දෙපාර්තමේන්තුවේ වනාතවිල්ලුව උප කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අද (17) අලුයම වනාතවිල්ලුව – කාටුපුලියන්කුලම ප්‍රදේශයේදී මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් රැදී සිටි නිවසේ තිබී දිවි හමක්, විදේශීය රටක නිෂ්පාදිත බලපත්‍ර රහිත බෝර 12 ගිනිඅවියක්, මෙරට නිෂ්පාදිත බලපත්‍ර රහිත බොර 12 ගිනිඅවියක්, ජීව පතුරම් 05ක් සහ හිස් පතරොම් කොපු 04ක්ද වන ජීවී නිලධාරීන් සිය භාරයට ගෙන ඇත. සැකකරුවන් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Read More

2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දැනුම්දීමක් සිදු කර තිබේ. ඒ අනුව මේ වසරට අදාළ ලේඛනයට ඇතුළත්වී නොමැති හෝ ලිපිනයේ, නමෙහි, හැඳුනුම්පතෙහි සංශෝධන ඇති, 2009.02.01ට පෙර උපන් අය තම ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් ඒ බව විමසීමක් සිදු කළ යුතුය. ඉදිරි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට පෙර තම තොරතුරු නිවැරදිව සටහන් කර ඇති බව සහතික කර ගන්නා ලෙසට කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය වන ec.lk/vrd වෙත පිවිස සිය තොරතුරු නිවැරදිදැයි පරීක්ෂා කළ හැකිය.

Read More

දොම්පේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය භාරයේ පවතින, මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් දින කිහිපයක් තිස්සේ රැඳී සිටීම පිළිබඳ ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ අවධානය යොමු ව තිබේ. එම ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් පිළිබඳ අදාළ පාර්ශව සමඟ සාකච්ඡාවක් හෙට (18) අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත ය. මෙම සාකච්ඡාවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ව තීරණය කරනු ඇති බවද සඳහන් වේ.

Read More

දිට්වා ආපදා වන්දි මුදල් ලබා දීමේදී මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිලධාරීන් කිහිප දෙනෙකු සිය වන්දි මුදල් බලහත්කාරයෙන් ලබා ගැනීම ඇතුළු වංචා රැසක් සිදුකළ බවට ප්‍රදේශවාසීන් චෝදනා එල්ල වී තිබේ. ඇතැම් පිරිස් චෝදනා කරනුයේ ආපදා වන්දි මුදල් තමන්ට හිමි වුවද එම මුදල් ලබා ගැනීමේදී කොමිස් මුදලක් ලබා දිය යුතු බවට එම නිලධාරීන් පවසන බවය. මෙම වංචාව සම්බන්ධවට සම්බන්ධ ආපදා සහන සේවා නිලධාරියා පිලිබඳව එම ප්‍රදේශයේ කාන්තාවක් විසින් චෝදනා කරමින් පැවසුවේ තමන් ආපදා මුදල් ලබා ගැනීමේදී රුපියල් ලක්ෂයක කොමිස් මුදලක් ඔහු විසින් ලබා ගත් බවය. “මට අප්‍රේල් 20 වැනිදා ලක්ෂ 20ක චෙක් එකක් හම්බුණා. ඊට ඉස්සර AG ඔෆිස් එකේ සුමිත් මහත්තයා…

Read More

හැටන් ටෙලිකොම් කාර්යාලය යටතේ පාලනයවන නෝර්වුඩ්, මස්කෙළිය සහ කාසල්රි යන ප්‍රදේශවල දුරකථන පාරිභෝගිකයන් වෙත ලබා දී තිබූ දුරකථන රැහැන් කපා ළග තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් ඊයේ (16) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් රාත්‍රී කාලයේ වාහනවලින් පැමිණ දුරකථන රැහැන් කපා රැගෙන ගොස් පුලුස්සා ඒ තුල වූ තඹ රැගෙන අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් බවට සිදුකරන ලද මූලික විමර්ශනයේදි අනාවරණය වූ බව පොලීසිය පවසයි. පාරිභෝගිකයන් වෙත දුරකථන සම්බන්ධතා ලබාදීම සඳහා හැටන් සිට නෝර්වුඩ්, මස්කෙළිය සහ කාසල්රි යන ප්‍රදේශවලට ඇද තිබූ විශාල දුරකථන රැහැන් කිසියම් පිරිසක් විසින් කපා ගෙන ගොස් ඇති බවට හැටන් ටෙලිකොම්…

Read More

වනවාසල දුම්රිය අනතුර සිදු වූ ස්ථානයේ ගැලවූ කොටස් විකුණා ඇත්තේ රුපියල් 3,000ක මුදලකට වන බවත් එම කොටස් මිලදී ගත් ස්ථානය හඳුනාගෙන එහි අයිතිකරු ද අත්අඩංගුවට ගත් බවත් බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා පවසයි. මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව භාණ්ඩ මිල දී ගත් පුද්ගලයා මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය. දුම්රිය මාර්ගයේ කොටස් ගැලවූ පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති අයෙකු වන අතර ඔහු වයස අවුරුදු 25ක් වන තරුණයෙකු වන බව ද කාලිංග ජයසිංහ මහතා සඳහන් කළේය. වනවාසල…

Read More