Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»දුම්රිය මඟේ ගැලවූ කොටස් විකුණා ඇත්තේ රු.3,000ට බව හෙළිවෙයි
    උණුසුම් පුවත්

    දුම්රිය මඟේ ගැලවූ කොටස් විකුණා ඇත්තේ රු.3,000ට බව හෙළිවෙයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 17, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වනවාසල දුම්රිය අනතුර සිදු වූ ස්ථානයේ ගැලවූ කොටස් විකුණා ඇත්තේ රුපියල් 3,000ක මුදලකට වන බවත් එම කොටස් මිලදී ගත් ස්ථානය හඳුනාගෙන එහි අයිතිකරු ද අත්අඩංගුවට ගත් බවත් බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා පවසයි.

    මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව භාණ්ඩ මිල දී ගත් පුද්ගලයා මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

    දුම්රිය මාර්ගයේ කොටස් ගැලවූ පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති අයෙකු වන අතර ඔහු වයස අවුරුදු 25ක් වන තරුණයෙකු වන බව ද කාලිංග ජයසිංහ මහතා සඳහන් කළේය.

    වනවාසල ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (17) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙහි විමර්ශන කටයුතු දිගින් දිගටම සිදු කරන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

    පොදු දේපලවලට හානි සිදු කිරීමට අමතරව මෙම අනතුරින් සිදු වූ හානිය හා අලාභ‍ය සම්බන්ධයෙන් ද අදාළ පුද්ගලයින්ට නඩු පවරන බව නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා මෙහිදී පැවසීය.

    මෙම කොටස් ගලවා විකිණීමෙන් ලැබෙන්නේ සුළු ලාභයක් වුවද මෙවැනි සිදුවීම් හරහා මිලියන ගණනක හානියක් සිදුවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ සොරකම් කරන ලද පොදු දේපල දැනුවත් භාවයෙන් යුතුව මිලදී ගැනීම සම්බන්ධයෙන් ද භාණ්ඩ මිලදී ගත් පුද්ගලයාට ද නඩු පවරන බවය.

    මාධ්‍ය හමුවට එක් වූ බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා 

    ”සොරකම් කිරීම හා සොරකම් කරන ලද භාණ්ඩ සන්තකයේ තබා ගැනීම යන කරුණු ද්විත්වය සම්බන්ධයෙන්ම නඩු පැවරිය යුතුයි.. මෙවැනි මිලදී ගැනීම් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනවා.. සමහර වෙලාවට සොරකම් කරන ලද භාණ්ඩ මිලදී ගැනීමක් කරලා ඒ අයට අධිකරණයෙන් නඩු පැවරුවට පස්සේ එක්කෝ වැරදිකාරයෙක් වෙනවා නැත්තම් ඇප ලබා දීලා පැමිණීමේ හැකියාව තියෙනවා ඒක නීතිය.. නමුත් අපි අත්අඩංගුවට ගැනීම හා නඩු පැවරීමේ කටයුතු කරනවා.. මේ සිදුවීමේ දී නම් සිදු වූ දේපළ හා ජීවිත හානි පිළිබඳවත් නඩු පවරන්න ක්‍රියා කරනවා..”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026

    රු. කෝටි 14කට වැඩි කුෂ් සමඟ දෙදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

    May 18, 2026

    කාලගුණයෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    නිසි සුදුසුකම් නොමැතිව මධ්‍යම පලාත් සභාවේ නිලධාරින් විසින් හිතුවක්කාර ලෙස කාර්මික නිලධාරී තනතුරු සඳහා ,උසස්…

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.