Author: Bandara Senanayaka

කොටවෙහෙර, පලුගොල්ල ප්‍රදේශයේ දී කාන්තාවක් විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 69ක් වූ පලුගොල්ල, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. ජල මෝටරයක් සඳහා විදුලිය ලබා දී තිබූ වයරයේ ඇති වූ විදුලි කාන්දුවීමක් මගින් අදාළ කාන්තාවට විදුලි සැර වැදී ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත. කොටවෙහෙර පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

සිය සාධාරණ ඉල්ලීම්වලට කඩිනම් විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී කොළඹට පැමිණ දැවැන්ත විරෝධතාවල නිරත වන බව ගොවීහු ආණ්ඩුවට අනතුරු අඟවති. ගලෙන්බිඳුණුවැව, දුටුවැව පරණගම ගැමුණු එක්සත් ගොවි සංවිධානය පෙන්වා දෙන්නේ, පොහොර හිඟය, අධික මිල සහ වී මිල පහත වැටීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවලට මුහුණදී සිටින බවය. කුඹුරු සඳහා අවශ්‍ය පොහොර වෙළෙඳපොළේ නොමැතිවීම සහ පවතින පොහොරවල මිල රුපියල් 9,000 සිට රුපියල් 18,500 දක්වා අධික ලෙස ඉහළ යාම තමන්ට කිසිසේත්ම දරාගත නොහැකි බව එම ගොවි සංවිධානයේ සභාපති කේ. හේමරත්න මහතා සඳහන් කරයි. මීට අමතරව, වත්මන් වෙළෙඳපොළ තුළ වී කිලෝවක් රුපියල් 100-105 වැනි ඉතා අඩු මුදලකට අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ගොවිතැන සඳහා වැය කළ පිරිවැය…

Read More

වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ප්‍රවාහන අමාත්‍යංශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. තුවාල ලැබූ හය දෙනාගෙන් එක් අයෙකු ඊයේ (16) දිනම ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්ය. තවත් දෙනෙකු අද දින රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර මේ වනවිට තවත් තිදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. එම පිරිස අතර කාන්තාවක් ද සිටින බව ඔහු ප්‍රකාශ කළේය. “මේ තුන්දෙනාගෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඉන්නවා. ඒකෙන් එක් අයෙක්, පිලී පැනපු දුම්රිය සහ ඒ අසළ තිබූ මෝටර් රථයක් අතරට…

Read More

ත්‍රීරෝදරථයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයකුට පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑ බව කියන ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ කොස්තාපල්වරු දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ විවිධ පැමිණිලි අංශයට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකි. රත්මලාන ගුවන්තොටුපොළ මාර්ගයේ තීරෝදරථයක් පදවාගෙන යමින් සිටි අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මඟ හරස්කර තීරෝද රථය නවතා තමන්ට පහර දී තමා සන්තකේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑ බව ඉකුත් 15 වෙනි දින මොරටුව අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. එකී මුදල් සීට්ටු මුදල් බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් ඇති වූ…

Read More

වර්තමාන රජයේ මුදල් අමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ආරාධනයක් ලැබුණහොත් එය කිසිසේත්ම භාර ගැනීමට තමන් සූදානම් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. නෙත් ගුවන් විදුලිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, තමන් මේ වන විට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපතිවරයා ලෙස ඉටුකරන කාර්යභාරය ජනතාව පිළිගෙන ඇති බවයි. කෙසේ වෙතත්, ජනතාවගේ කැමැත්තකින් තොරව තනතුරු භාර ගැනීමට තමන්ට හැකියාවක් නොමැති බවත්, ඒ සඳහා මැතිවරණයකින් ජයග්‍රහණය කර ජන වරමක් සහිතව පැමිණිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනයක් ප්‍රතික්ෂේප කිරීමට හේතුව පැහැදිලි කරමින්…

Read More

විදුලි ගාස්තු සියයට 25කින් පමණ ඉහළ යාම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය අධික ලෙස වැඩි වී ඇති නිසා 2026 වසරේදී ඇඟලුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට නොහැකි වනු ඇතැයි එම සංසදය පවසයි. ඇනවුම් පහළ යාම: ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ඉහළ යාම හේතුවෙන් දේශීය ඇඟලුම් නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින ඉල්ලුම සහ ලැබෙන ඇනවුම් ප්‍රමාණය අඩු වෙමින් පවතින බව එම සංසදයේ විධායක කමිටු සාමාජික ඉන්දික ලියනහේවගේ මහතා ප්‍රකාශ කරයි. අපනයනයෙන් උපයන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් රජයට සහ විදුලිබල සමාගම් වෙත ගෙවීමට සිදුවීම මීට හේතුවයි. මේ නිසා ඇඟලුම්…

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ගෝලීය සෞඛ්‍ය සංවිධාන එක්ව “ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීම වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග” පිළිබඳ පවත්වන ලද සාකච්ඡාවක් සහ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවැත්විණි. ආසියානු ජනගහනයේ අවදානම් සහිත කොට්ඨාශයන්හි ශ්වසන රෝග ඇති විමේ ප්‍රවණතාව අඩු කිරීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය මට්ටම වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ඒ සදහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ලෙස ගෝලීය සෞඛ්‍ය පිළිබද Respire ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතන වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, රජරට විශ්ව විද්‍යාලය, වයඹ විශ්ව විද්‍යාලය සහ…

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් මෙරටට ඇණවුම් කරන ලද නවතම ඩීසල් නැව්ගත කිරීම් දෙක මෙම වසරේ මැයි 6 සහ මැයි 10 යන දිනවලදී මෙරටට ළඟා වී ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ වෙනත් ඉන්ධන තොගයක් පැමිණීමට නියමිතව නොමැති බව සංස්ථාවේ දත්ත පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකූමාරගේ මහතා ප්‍රකාශ කළේ, දැනට රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි. කෙසේ වෙතත්, සංස්ථාව ඉන්ධන මිලදී ගත් ඉහළම අගයන්ට සාපේක්ෂව මේ වන විට ලෝක වෙළෙඳපොළේ මිල ගණන් තරමක් පහත වැටී තිබුණද, ඒවා තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව දත්ත මඟින් පැහැදිලි වේ. විශේෂයෙන්ම ඩීසල් මිලදී ගැනීම සඳහා සංස්ථාවට අධික පිරිවැයක් දැරීමට සිදුව ඇත. ලෝක වෙළෙඳපොළේ…

Read More

ශ්‍රී ලංකාව තුළ ඉතා ළාබාල වයසේ පසුවන දැරියන් මව්වරුන් බවට පත්වීමේ හෙවත් යොවුන් වියේ ගැබ්ගැනීම් වාර්තා වීම ඉහළ යමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් 2026 මැයි 16 වන දින නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ. මෙය දරුවන් මෙන්ම දෙමාපියන් ද දැනුවත් කිරීමේ කාලීන වැදගත්කම දැඩිව සිහිගන්වන තත්ත්වයක් බව එම නිවේදනයේ සඳහන් වේ.මෙම ගැටලුව සඳහා බලපාන ප්‍රධාන සමාජ විද්‍යාත්මක සාධකයක් ලෙස පවුල් තුළ ඇති චිත්තවේගීය බැඳීම් ක්‍රමයෙන් පිරිහී යාම හඳුනාගෙන ඇත. බොහෝ දෙමාපියන්ගේ කාර්යබහුල ජීවන රටාව හේතුවෙන්, තම දියණියන්ගේ එදිනෙදා ජීවිතය, රුචිකත්වයන්, ගැටලු සහ චිත්තවේගීය අවශ්‍යතා තේරුම් ගැනීමට ප්‍රමාණවත් කාලයක් වැය කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ. නිවස තුළින් නිසි ආදරය සහ…

Read More

වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට ලබා නොදුන් උසස්වීම ඉතා කඩිනමින් ලබාදෙමින් සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටලු සහ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. පොලිස් සේවය, ගුණාත්මක වශයෙන් සහ ඉහළ වෘත්තීමය සේවයක් වශයෙන් ඉදිරියටත් වර්ධනය කිරීම සඳහා මේ දක්වා රජය ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය. ඒ අනුව වර්තමානයේ පොලිස් ස්ථානයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය. පොලිසිය තුළ පවතින මානව සම්පත් හිඟයට විසඳුමක් ‌ලෙස 10,000ක නිලධාරීන්…

Read More