Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 20ක් මේවන විට වාන් දමමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන, නාච්චිදූව සහ යාන්ඔය ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹෙවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මැදිායය, මාගල්ල සහ දැදුරුඔය ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශද, මොනරාගල දිස්ත්‍රික්කයේ හදපානගල සහ අලිකොටආර ජලාශ, පුත්තලම දිස්ත්‍රික්කයේ ඉගිණිමිටිය සහ තබ්බෝව ජලාශ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැවද වාන් දමමින් පවතිනවා. මෙම තත්ත්වය හේතුවෙන් පහත්බිම් ප්‍රදේශවල ජනතාව සහ ගංඟා ආශ්‍රිතව ජීවත්වන ජනතාව විමසිල්ලෙන් කටයුතු…
ගම්පහ, මල්වාන ප්‍රදේශයේ පිහිටි හිමිකරුවෙකු නොමැති නිවසකට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පාශර්වයක් පසුගිය 14 වනදා ඊට ඇතුළු වී එහි නවාතැන් ගනිමින් විරෝධතා ක්‍රියාමාගර්යක් ආරම්භ කරනු ලැබුවා. එම කණ්ඩායම ඊයේ (16) එම නිවස තුළ තුන්වන රාත්‍රියත් ගත කළා. එහිදි ඔවුන් ඊයේ (16) රාත්‍රියේ, අද පැවැත්වීමට නියමිත විරෝධතා රැළියකට අවශ්‍ය විරෝධතා පුවරු සකසන ආකාරය දැකගත හැකි වුණා. ඒ, අනුව අදාළ නිවසට ඇතුළු වී එහි කඳවුරු බැඳ සිටින නව අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ අද (17) දිනයේ මල්වාන නගරයේ දි විරෝධතා රැළියක් පැවැත්වීමට සූදානම් බවයි. මේ අතර හිමිකරුවෙකු නොමැතිව මේ වන විට රජයට පවරාගෙන ඇති අදාළ නිවසට අනවසරයෙන් ඇතුළු…
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 28,713ක් වාතර්ථා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එමෙන්ම මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනේ ඩෙංගු මරණ 15ක් සිදුව ඇති බවයි එම ඒකකය සඳහන් කළේ. ඒ, අනුව මදුරුවන් බෝවීම වැළැක්වීමට සහ ඩෙංගු පැතිරීම පාලනය කිරීමට පියවර ගන්නා ලෙසයි ජාතික ඩෙංගු මදර්න ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඊයේ (16) රාත්‍රී බණ්ඩාරවෙල පොලිස් වසමේ බණ්ඩාරවෙල ත්‍රීමයිල් මාර්ගයේ උතුරු කැබිල්ලවෙල ප්‍රදේශයේදී බණ්ඩාරවෙල දෙස සිට ත්‍රීමයිල් මාර්ගයේ බදුල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් විරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු බණ්ඩාරවෙල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු යතුරු පැදිකරු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මරණකරු අවුරුදු 22 ක් වූ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්මශන සිදු කරනු ලබයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility) යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පස්වැනි සහ හයවැනි සමාලෝචන, ඇගයීමට ලක් කිරීම සඳහා එළඹෙන මැයි 27 වැනිදා එම අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව විසින් මෙතෙක් අත්පත් කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය සහ මූල්‍ය ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ දැඩි අවධානයට ලක් වනු ඇති. මෙම ඇගයීම සාර්ථකව නිමවීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත මීළඟ ණය වාරිකයන් නිදහස් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
පේරාදෙණිය පොලිස් වසමේ පේරාදෙණිය – රජවත්ත මාගර්යේ රජවත්ත ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් හිමි නමක් අපවත්වී තිබෙනවා. පේරාදෙණිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන්කල හිමිනමකගේ ගැටී මෙම අනතුර ඊයේ (16) පෙරවරුවේ සිදුව ඇති බවයි වාර්ථා වුණේ.අනතුරින් බරපතළ තුවාල ලැබූ හිමිනම පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී තිබෙනවා. මෙලෙස අපවත් වී ඇත්තේ අවුරුදු 83ක් වූ බෝවලවත්ත ප්‍රදේශයේ ආරාමයක වැඩවාසය කළ හිමිනමක්. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පේරාදෙණිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමශර්න සිදුකරනු ලබනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර බීජිං නුවරදී පැවැති දෙදින ඉහළ පෙළේ සාකච්ඡාවලින් අනතුරුව, අමෙරිකානු දූත පිරිස ආපසු එරට බලා පැමිණීමට පෙර අසාමාන්‍ය ආරක්ෂක පියවරක් අනුගමනය කර තිබෙනවා. ධවල මන්දිර නිලධාරීන්, ආරක්ෂක අංශ සහ ඔවුන් සමග ගිය අමෙරිකානු මාධ්‍යවේදීන්ට චීන බලධාරීන් විසින් තමන් වෙත ලබාදුන් සියලුම දේ ‘Air Force One’ ජනාධිපති නිල ගුවන් යානයට ගොඩවීමට පෙර ගුවන් තොටුපළේ තිබූ කුණු කූඩයකට දමා විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිව්යෝර්ක් පෝස්ට් පුවත්පතේ ධවල මන්දිර වාර්තාකාරිනී Emily ගූඩින් සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, “චීනයෙන් ලැබුණු කිසිදු දෙයකට ගුවන්…
මැදවච්චිය විවිධ සේවා සමූපකාර සමිතියේ සභිකයින් පත්කිරීමේ ඡන්දයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සභික ධුර 66 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ජාතික ජන බලවේගයට හිමිකර ගැනීමට හැකිවූයේ සභික ධුර 52 ක් පමණයි. අද (17) එම ඡන්දය පැවති අතර 120කින් සමන්විත සභික ධුර ප්‍රමාණයක් තෝරා ගැනීමට නියමිත වුණා. මේ අතර සභිකධුර දෙකක් තෝරාගැනීමට තිබූ එක් ඡන්ද මධ්‍යස්ථානයක් ගණ පූර්ණය නොමැති කමින් එම ඡන්ද විමසීම අත්හැර තිබුණා. මෙම ඡන්ද විමසීම මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මධ්‍යස්ථාන 20 කදී සිදු කෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර අද (16) උදෑසන සිදුවූ දුම්රිය අනතුරෙන් පසු, එම දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසින් උපරණ කිහිපයක්ම සොයාගැනීමට පොලිසියට හැකිව තිබේ. ඒ අනුව එම සැකකරු පදිංචි නිවස තුළ සඟවා තිබූ දුම්රියේ පීලි මාරු කිරීමට යොදා තිබූ යකඩ ලිවර් 3ක්, ඒවා ගැලවීමට යොදාගත් උපකරණ පොලිස් භාරයට ගෙන ඇත මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වනවාසල ප්‍රදේශයේදී පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්ය. පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මංගල අජිත් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අදාළ පරීක්‍ෂණ සිදුකරනු ලබයි.
විදේශ මුදල් හුවමාරු ප්‍රේෂණ පද්ධතියක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගනුදෙනුකරුවන් පිරිසකට නියමිත ප්‍රමාණයට වඩා ඉහළ මුදලක් ගෙවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහජන බැංකුව (People’s Bank) නිල මාධ්‍ය ප්‍රකාශනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබෙනවා. අදාළ නිවේදනයට අනුව, මෙම දෝෂය සිදුව ඇත්තේ 2023 මැයි මාසයේ සිට 2026 මාර්තු මාසය දක්වා වූ කාලය තුළයි. එම කාලසීමාවේදී එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේදී සිදු වූ දෝෂයක් නිසා ඇතැම් ගනුදෙනුකරුවන්ට ලැබිය යුතු ප්‍රමාණයට වඩා වැඩි මුදලක් ලැබී ඇති බව බැංකුව මෑතකදී හඳුනාගෙන තිබෙනවා. මේ වන විට එම දෝෂය සම්පූර්ණයෙන්ම නිවැරදි කිරීමට බැංකුව කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ සඳහන්. මෙම සිදුවීම හඳුනාගත් වහාම බැංකුව…
