මැදවච්චිය විවිධ සේවා සමූපකාර සමිතියේ සභිකයින් පත්කිරීමේ ඡන්දයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සභික ධුර 66 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කර තිබෙනවා.
එහිදී ජාතික ජන බලවේගයට හිමිකර ගැනීමට හැකිවූයේ සභික ධුර 52 ක් පමණයි.
අද (17) එම ඡන්දය පැවති අතර 120කින් සමන්විත සභික ධුර ප්‍රමාණයක් තෝරා ගැනීමට නියමිත වුණා.
මේ අතර සභිකධුර දෙකක් තෝරාගැනීමට තිබූ එක් ඡන්ද මධ්‍යස්ථානයක් ගණ පූර්ණය නොමැති කමින් එම ඡන්ද විමසීම අත්හැර තිබුණා.
මෙම ඡන්ද විමසීම මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මධ්‍යස්ථාන 20 කදී සිදු කෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

