Author: Bandara Senanayaka

වෛද්‍ය දෙවීනා නවාක්ෂි තුර්කියේ පැවැත්වෙන “මිස් ඕරා ඉන්ටර්නැෂනල් 2026” (Miss Aura International 2026) රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ඊයේ, දිවයිනෙන් පිටත්ව ගියාය. මෙම තරගය මැයි 10 සිට මැයි 24 දක්වා තුර්කියේදී පැවැත්වෙන අතර, එහි අවසන් මහා තරගය මැයි 22 දින පැවැත්වීමට නියමිතයි. ඇය මීට පෙර “Miss Diamond Queen International 2024” කිරුළ දිනාගෙන ඇති අතර, එහිදී “Miss Intelligent” සහ “Miss Personality” වැනි අනු පදවි රැසක්ද හිමිකර ගත්තාය. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක් වන අතර වෛද්‍යවරියක් ජාත්‍යන්තර රූ රැජින තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ. ඇය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන අතර රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය…

Read More

යටියන්තොට පොලිස් වසමේ හැටන් – කොළඹ මාර්ගයේ කබුලුමුල්ල ප්‍රදේශයේදී කරවනැල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. ඊයේ (10) උදෑසන අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු හා ත්‍රීරෝද රථයේ පිටුපස ගමන්කළ අවුරුදු 14ක පිරිමි දරුවෙකු කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රීරෝද රථයේ රියැදුරු මියගොස් ඇත. මරණකරු අවුරුදු 59ක් වූ පරුස්සැල්ල, යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර යටියන්තොට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. මේ අතර, ඊයේ (10) කෑගල්ල පොලිස් වසමේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ බල්ලපාන ප්‍රදේශයේදී කොළඹ දෙසට මුහුණලා මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ඊට…

Read More

ලෝකයේ ඕනෑම රටක ඕනෑම සංස්කෘතියක කාන්තාවකගේ රූපලාවන්‍ය බෑගය තුළ නැතිවම බැරි අංගයක් වන්නේ ලිප්ස්ටික්ය. රතු, රෝස, තැඹිලි ආදී විවිධ වර්ණයන්ගෙන් දෙතොල් හැඩගන්වන ලිස්ටික් තට්ටුවක් තැවර්මෙන් කාන්තාවකගේ මුහුණට ලැබෙන්නේ අමුතුම දීප්තියකි. එහෙත් මෑතකාලීන ලෝක ප්‍රකට විද්‍යාත්මක පර්යේෂණ ආයතන කිහිපයක් විසින් සිදු කරන ලද අධ්‍යයනයන් මගින් හෙළිකර ඇත්තේ මෙම අලංකාරය පිටුපස “කැඩ්මියම්” නමැති අතිශය විෂ සහිත මාරාන්තික බර ලෝහය සැඟවී ඇති බවයි. මෙය රූපලාවන්‍ය ලෝකයේ පමණක් නොව පොදුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේම දැඩි කතාබහට ලක්විය යුතු බරපතළ අනාවරණයකි. කැඩ්මියම් යනු පෘථිවි පෘෂ්ඨයේ ස්වභාවිකව හමුවන මූලද්‍රව්‍යයක් වුවද, එය මිනිස් සිරුරට අතීශය අහිතකර ලෝහයකි. රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්තයේදි විශේෂයෙන්ම කහ යන තැඹිලි වැනි දිප්තිමත් පැහැයන් ලබා ගැනීම…

Read More

ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී මොට ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක් වූ කොඩිකන්ද, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් යකඩ පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇඹිලිපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ. යුද්ධය අවසන් කිරීමේ අමෙරිකාවේ යෝජනාවට ඉරානය දැක්වූ ප්‍රතිචාරයට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකග නොවීම හේතුවෙන් මෙලෙස යළිත් වරක් බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 104.1ක් ලෙස සටහන් ව ඇති අතර ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 98.51ක් ලෙස සටහන් ව ඇත.

Read More

පසුගිය අප්‍රේල් 09 දා වෛද්‍ය වැඩවර්ජනයක් පැවති දිනක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලේ උපතේදී බිලිඳකු මියයෑම සම්බන්ධයෙන් එම රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත. වැඩ තහනමට ලක් වූ විශේෂඥ වෛද්‍යවරයා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සභාපතිවරයා වේ. වැඩ වර්ජනයද බිලිඳු මරණය මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ අතර ඒ සන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් සිදුකර වෛද්‍යවරුන් දෙදෙනාගේ වැඩ තහනමට ලක් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. බිලිඳාගේ ඇති වූ හදිසි තත්ත්වයක් සම්බන්ධයෙන් වාට්ටු භාර වෛද්‍යවරිය අවස්ථා හයකදී දුරකථනයෙන් වැඩ තහනමට ලක් වූ වෛද්‍යවරුන්…

Read More

පළාත් පාලන ආයතනයක සභික ධූරයක් දරන පුද්ගලයකු මන්ත්‍රී පට්ටමේ “හයිය” පෙන්නා විරුද්ධ පාක්ෂිකයකු මට්ටු කරන්නට ගොස් අමතක නොවන පාඩමක් ඉගෙන ගෙන ඇති පුවතක් ගැන දකුණු පළාතේ සංචාරක පුරවරයකින් පසුගියදා අසන්නට ලැබුණි. මෙම තැනැත්තා සංචාරකයන්ට මග පෙන්වන්නකු ලෙසකටයුතු කළ අයෙකි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනප්‍රිය දේශපාලන පක්ෂයකින් නාම යෝජනා ලබාගෙන මන්ත්‍රී ධූරයක්ද ලබා ගැනීමට හෙතෙම සමත් වන්නේය. දැන් ඔහු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙකි. ඔහු සභිකධූරය දරන පළාත් පාලන ආයතනය මගින් ප්‍රදේශයේ අතුරු මාර්ගයක සෝලා විදුලි පහන් සවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේය. එහි පළමු පියවර ලෙස පළාත් පාලන ආයතනයේ සේවකයෝ අදාළ මාර්ගය දෙපස එළිපෙහෙළි කිරීම ආරම්භ කළහ. මෙම ස්ථානයට ආ මෙම මන්ත්‍රීවරයා…

Read More

මන්නාරම දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීමේ බලපත්‍ර සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් සියලු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. නීතිවිරෝධී වැලි ජාවාරම මැඩලීම, වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම සහ වැලි මිල පාලනය සම්බන්ධයෙන්, නිලධාරීන් හා වැලි ව්‍යාපාරිකයින් අතර මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (10) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ. වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නව නීති මාලාවක් ඔස්සේ සිදු කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා, ”වැලි හිමියන්ගේ පැත්තෙන් එයාලාගේ ගැටලු, අදහස්, යෝජනා මතු වුණා.. වැලි…

Read More

” යම් තැනැත්තෙකු සිය පණ හානි කර ගනු ලැබුවහොත්,එකී සිය පණ හානිකර ගැනීමේ ක්‍රියාවට අනුබල දෙන තැනැත්තකුට ම#රණ දඬුවමින් දඬුවම් කල යුතුය”ලෙසයි. මේ අනුව සියදිවි නසාගත් පුද්ගලයා ඒ තත්ත්වයට පත්කිරීමට හේතු වූ කරුණු මත යම් කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් එයට දායක වී තිබේ නම් සියදිවි හානි කර ගැනීම සඳහා අනුමිත පෙළඹවීමක් (constructive abets )සිදුකළ බව ඔප්පු කිරීමෙන් ඔවුන්ටද මරණ දඬුවමින් දඬුවම් කල හැකි බව පැහැදිලිය. මෙහිදී “අනුබලදීම” යන්න දණ්ඩ නීති සංග්‍රහයේ 100 සහ 101 වගන්තිවල පැහැදිලිව දක්වා තිබෙනවා. වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ මහතා සිය ෆේස් බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා එම සම්පූර්ණ සටහන පහතින්…

Read More

පවතින අයපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ සංවි­ධා­නය පවසනවා. ඒ අනුව බදුල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක් සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි සඳහන් වෙන්නේ. එමෙන්ම කිරිඳිඔයේ, තණමල්විල ජල මාපකය ස්ථානයේ ජල මට්ටම මහගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කිරිඳිඔය සහ මැණික් ගඟ දෙපස පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි එම මධ්‍යස්ථානය ජනතාවට උපදෙස් ලබා දෙන්නේ.

Read More