වෛද්‍ය දෙවීනා නවාක්ෂි තුර්කියේ පැවැත්වෙන “මිස් ඕරා ඉන්ටර්නැෂනල් 2026” (Miss Aura International 2026) රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ඊයේ, දිවයිනෙන් පිටත්ව ගියාය.
මෙම තරගය මැයි 10 සිට මැයි 24 දක්වා තුර්කියේදී පැවැත්වෙන අතර, එහි අවසන් මහා තරගය මැයි 22 දින පැවැත්වීමට නියමිතයි.
ඇය මීට පෙර “Miss Diamond Queen International 2024” කිරුළ දිනාගෙන ඇති අතර, එහිදී “Miss Intelligent” සහ “Miss Personality” වැනි අනු පදවි රැසක්ද හිමිකර ගත්තාය.
ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක් වන අතර වෛද්‍යවරියක් ජාත්‍යන්තර රූ රැජින තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.
ඇය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන අතර රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇත.

