Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව තත්ත්පරයට ඝන අඩි 11,100 බැගින් ජලය දැදුරුඔයට නිකුත් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර අද (01) පස්වරු 01.15 පමණ වනවිට රාජංගනය ජලාශයේ වාන්දොරු 8ක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව වාන් දොරටු දෙකක් අඩි පහ බැගින් ද වාන් දොරටු හතරක් අඩු තුන බැගින් ද වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය. එමගින් ඝන අඩි 8,113ක ජලය මුදාහැරෙන බව ඔවුන් ප්‍රකාශ කරයි.
කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල්, තානාපති කාර්යාල සහ වෙනත් කාර්යාල පරිශ්‍ර සඳහා වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මේ අනුව කලාප 1 ස්ටැන්මෝ චන්ද්‍ර වංකය මැකෙන් සි පාර කැප්පෙටිපොළ මාවත පැජට් පාර බංගලා දොළහක් සිල්ලර වෙළඳාම (Boutique Suites) කැෆේ සහ ආපනශාලා සඳහාද තනි පරුෂදය 1 බෞද්ධාලෝක මාවත 02 (D2,D4) නිවාස සිල්ලර වෙළඳාම තානාපති කාර්යාල සහ නිවාස සඳහාද තනි පර්ෂදය 2 (ස්කෙල්ටන් පාර) 02 (E1,E2) බුටික් හෝටල් සහසිල්ලර වෙළඳාම සඳහාද කලාප දෙක විජේරාම මාවත සහකොබ්බෑකඩුව මාවත බංගලානවයක් නිවාස සානාපති කාර්යාල කාර්යාල පරිශ්‍ර සඳහා වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මෙම සංවර්ධන ව්‍යාපෘතියෙන්…
ඉංග්‍රීසි ජාතික, සර් ඩේවිඩ් ෆෙඩ්රික් ඇටෙන්බරෝ ඉදිරිපත් කරන රූපවාහිනී වාර්තා වැඩ සටහනක් නොබැලූ අයෙකු ලොවේ කොතැනකවත් නැති තරම්. එලෙස ම පෘථිවියේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා ඔහු ගේ පහස නො ලද එකදු ස්වාභාවික පරිසරයක් නැති තරම්. ඔහු BBC ආයතනය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ , ශ්‍රව්‍ය දෘශ්‍ය සන්නිවේදකයකු මෙන් ම, ස්වාභාවික ඉතිහාසඥයකු ද වනවා. මිහිතලය මත වෙසෙන සත්ත්ව හා ශාක ජීවිතය පිළිබඳ ඔහුගේ ගවේෂණයන් ඇතුළත් මාතෘකා 8 කින් යුත්, DVD තැටි 24 ක එකතුවක් BBC ස්වාභාවික ඉතිහාසය පිළිබඳ ඒකකයේ “Life collection” නම් එකතුවට අයත් කර තිබෙනවා. 2018 සහ 2019 වසර දෙකේ දී ම විශිෂ්ඨතම වැඩසටහන් ඉදිරිපත් කරන්නා වෙනුවෙන් වසරකට…
දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාවලට අනුව, දැනට පවතින මෙම වායුගෝලීය කැළඹිලි ස්වභාවය එළඹෙන මැයි 11 වැනිදා (අනිද්දා) වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතිනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවතින තත්ත්වය මත දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් මොයුනුදීන් මහතා එළඹෙන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනුණේ කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීමට අදාළව අල්ලසක් ලබාගැනීමට යාමේදීය. ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් මොයුනුදීන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (08) බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ, කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළිය පිරිසිදුකිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 30ක මුදලක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 30ක මුදල…
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඒකක 180ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොවන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය. විදුලි පිරිවැය ඉහළයෑම හේතුවෙන් රුපියල් බිලියන 38ක පමණ හිඟයක් මෙම කාර්තු සහ ඉදිරි කාර්තුවට බලපෑම සහ ප්‍රධාන කාරණා 3ක් මුල්කර ගනිමින් විදුලි ගාස්තුව 18%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ. කෙසේවෙතත් රු. බිලියන 15ක සහනයක් ලබාදීමට රජය ලිඛිතව එකඟවීමත් සමග 5%කට පමණ විදුලි…
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ. ඔහුගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර මේ වන විට මරණ පරීක්ෂණය පැවැත්වෙන බව වාර්තා වෙයි. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබියදී හමුවූයේ ඊයේ උදෑසනය. ගෙල වැළලාගෙන මියයන්නට ඇතැයි සැක කෙරුණු මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ. මේ අතර චන්ද්‍රසේන මහතාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය…
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට කැඳවීමක් ලැබී තිබේ. ඒ අනුව එළැඹෙන 12 වැනි දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත. මෙම ලිපිය අද දින (09) දින තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස්ට භාරදී ඇති අතර පසුගිය සතියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කර ඇති බවට මාධ්‍ය මගින් පැවසුවත් ලිපියක් භාරදී නොතිබිණි. මෙම ලිපිය ලැබී ඇත්තේ ශ්‍රී ලන්කන් හිටපු සභාපති කපිල චන්ද්‍රසේන අභිරහස් ලෙස මියගිය පසු පැය 24 ක් යන්නට මත්තෙනි. 2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන්…
මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නල්ලතන්නිය මෝහිණි දිය ඇල්ල සක්‍රීය වී ඇත.කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (08) දින පස්වරුවේ තද වැසි පතිත වූ බව එම ජලාශභාර ඉංජිනේරුවෝ පැවසූහ.කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණූ අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමු ඔය ජල මට්ටම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
කේසර සහ කියාරා සිංහ යුවළට දාව උපන් සිංහ පැටවුන් දෙදෙනා ජනතා ප්‍රදර්ශනයට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උපත ලැබූ කේසර සහ කියාරා සිංහ යුවළට දාව 2025 දෙසැම්බර් 24 වැනිදා උපත ලැබූ සිංහ පැටවුන් දෙදෙනා මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර ඇත. ඒ අනුට දිනපතා උදෑසන 10.00 සිට 11.30 දක්වා ඒ පැටවුන් දැක ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දී ඇත. එසේම සිංහ පැටවුන් දෙදෙනා සමග දෙහිවල ජාතික සත්වෝද්‍යානය සහ හම්බන්තොට රිදියගම සෆාරි සත්වෝද්‍යානය සතුව සිංහයින් 39 දෙනකු සිටින බට ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් අප සමග පැවසුවාය
