Author: Bandara Senanayaka

මැයි 9: නාසි ජර්මනියේ යටත් වීමේ දිනය නූතන රුසියාවේ ප්‍රධාන ජාතික සැමරුමක් වූ ආකාරය මොස්කව් — ජයග්‍රහණයේ දිනය ( Victory Day ) හෙවත් මැයි 9 වැනිදා, අද වන විට රුසියාවේ හි වඩාත්ම වැදගත් ජාතික සැමරුම්වලින් එකක් බවට පත්ව තිබේ. රුසියානුවන් සඳහා එය හුදෙක් යුද ජයග්‍රහණයක් පමණක් නොව, “මරණය මත ලැබූ ජයග්‍රහණයක්” ලෙසද සැලකේ. දෙවන ලෝකයුද්ධය ( World War II ) අවසන් කරමින් Surrender of Nazi Germany පිළිබඳ නිල ලේඛනය 1945 මැයි 8 දින රාත්‍රියේ අත්සන් තැබුණද, මොස්කව් වේලාවෙන් එය මැයි 9 අලුයම විය. එදින උදෑසන, මිලියන 27කට ආසන්න සෝවියට් ජනතාවගේ ජීවිත බිලිගත් යුද්ධය අවසන් වී ඇති බව රුසියානුවන් දැනගත්හ. මුල්…

Read More

2026 අප්‍රේල් මාසය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම යළිත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7 මට්ටමින් පහළ වැටී තිබේ. මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව, 2026 මාර්තු මාසය අවසානයේ ඩොලර් මිලියන 7,026ක් ලෙස වාර්තා වූ සමස්ත නිල සංචිත වත්කම් ප්‍රමාණය, අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,759ක් දක්වා පහළ ගොස් ඇත. අසංචිත වත්කම්වල ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතයද අප්‍රේල් මාසය තුළ ඩොලර් මිලියන 6,800 සිට ඩොලර් මිලියන 6,505 දක්වා පහත වැටී ඇති බව දත්ත පෙන්වා දෙයි. එමෙන්ම මහ බැංකුව සතු රන් සංචිතයද ඩොලර් මිලියන 222 සිට ඩොලර් මිලියන 219 දක්වා අඩු වී තිබේ. වසර…

Read More

මෙවර යල කන්නයේදී කිසිදු භෝගයකට පොහොර හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) ගන්නොරුව ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති පොහොර ක්ෂේත්‍රයට අදාළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. දැනට යල කන්නයට අවශ්‍ය පොහොර තොග රට තුළ පවතින අතර, ඒවා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහැරීම සිදුකරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම, රජයේ ඉල්ලීමක් මත තාවකාලිකව නතර කර තිබූ පෞද්ගලික අංශයේ පොහොර බෙදාහැරීම්ද යළි සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට තීරණය කර ඇති බවද ඔහු පැවසීය. යම් ප්‍රදේශවල බෙදාහැරීමේ ප්‍රමාදයන් පවතින නමුත්, ඒවා විසඳා ඉදිරියේදී කිසිදු…

Read More

සූදු ක්‍රීඩාවෙන් පරාජය වූ තම හිතවතෙකුට මුදල් සොයාදීම සඳහා මෝටර් රථ කුලියට ගෙන මී ගව පැටවුන් සොරකම් කර, එළු මස් ලෙස අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙය වූ පාසල් සිසුවෙකු අම්බලන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය දිනවල ගව සොරකම් පිළිබඳ අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර, ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයේදී සැකකාර පාසල් ශිෂ්‍යයා තල්ගස්ගොඩ, ගොඩහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එම ශිෂ්‍යයා අම්බලංගොඩ ප්‍රධානපෙළේ පාසලක ඉගෙනුම ලබන අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්ගොඩ හා වතුගෙදර ප්‍රදේශවල පදිංචිකරුවන් වන‍ ඔවුන්ද පාසල් සිසුන් බව පොලීසිය පවසයි. මෙහිදී පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ, සැකකාර පාසල් සිසුන් තිලකපුර…

Read More

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන දයා පුෂ්පකුමාර බැට්ටගේ යන අය දූෂණ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (08) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොමිෂන් සභාවට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එහිදී, ඔහුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා ලෙස, තමාට අයත් ඉඩමක් නීති විරෝධී ලෙස ප්‍රාදේශීය සභාවට මිල දී ගැනීමට සලස්වා රුපියල් ලක්ෂ 94 ක මුදලක් ලබා ගැනීම, රජයේ ඉඩමක් ප්‍රාදේශීය සභාවට අත්පත් කර ගන්නා බව පවසා නිසි ක්‍රමවේදයෙන් බැහැරව රුපියල් ලක්ෂ 40 ක මුදලක් ගෙවා එම ඉඩම නීත්‍යනුකූලව පවරා…

Read More

මහ භාණ්ඩාගාරයේ සිදුවූ බව කියන ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව පිළිබදව රජයේ මුදල් කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන පරිදි එය ‘තාක්ෂණික දෝෂයක්’ ලෙස හඳුන්වමින් වසා ගැනීමට දරන උත්සාහය තරයේ හෙළා දකින බව දිනන දකුණ සාමූහිකය සඳහන් කරනවා. එසේම වහාම රටට යථාර්ථවාදී හා සත්‍යවාදී කමිටු වාර්තාවක් නිකුත් කරන ලෙස රජයේ මුදල් කාරක සභාවට බලකර සිටින බවයි ඔවුන් පවසන්නේ. ඊයේ (08) සභාගත කරන ලද මෙම වාර්තාව පිළිබඳව සිය දැඩි කණස්සල්ල පළ කරමින් එම සාමූහිකය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, මෙම වාර්තාව මගින් උත්සාහ කර ඇත්තේ සිදු වූ දැවැන්ත වංචාව සහ කළමනාකරණ අසාර්ථකත්වය “ආයතනික සංක්‍රාන්ති සමයක් ” යන ලේබලය යටතේ යටපත් කිරීමට…

Read More

ඉන්දික ධර්මතිලකගේ ‘කළු අහස’ ටෙලි නිර්මාණය මේ දිනවල බොහෝ දෙනාගේ ආදරය දිනාගැනීමට සමත්වී ඇත. එහි තාරකීගේ භුමිකාවට පණ පොවන සවිනි යකුපිටිය ඔබට වඩාත්ම සමීප වන්නේ ‘අළු පාට දේදුනු’ ටෙලි නිර්මාණයේ චාතූර්යා, ‘මාස්ටර් සර්’හි අසිනි මෙන්ම ‘මා’ ටෙලි නිර්මාණයේ නිරාශා යන භූමිකා ඔස්සේය. ‘ලොක්කි- 2’ හි තරූ මෙන්ම ‘හිත ළඟ හිනැහුණා’හි උදානා ද ඇයට ප්‍රේක්ෂක ආදරය ලබාදුන් අවස්ථාය. මියුසික් වීඩියෝ රංගනය ඔස්සේද ඇය ජනප්‍රිය චරිතයකි. ‘යන්නම් මා’ ගීතය ඔස්සේ මිලියනයකට අධික ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ඇය අද අප හා කතාබහට එක්වූවාය. මේ දිනවල ‘කළු අහස’ තාරකී නිසා ඔබ නැවතත් කතාබහට ලක්වෙලා. කොහොමද ඒ අත්දැකීම? කළු අහස ඉන්දික ධර්මතිලකගේ අධ්‍යක්ෂණයක්. මං එහි තාරකී…

Read More

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අෂාර්ඩීන් මොයුනුදීන් අද (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේදී ඊයේ (08) මොහුව අත්අඩංගුවට ගෙන තිබුණේ, රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට තැත් කළ අවස්ථාවේදීයි. සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් මොහු කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වූ අතර, පසුව බලය පිහිටුවීමේදී මොහුගේ සහාය ද ජාතික ජන බලවේගයට හිමිවුණා. කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව සඳහන්.

Read More

පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (09) පෙරවරුවේ කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණියා. ඒ, මුදල් අමාත්‍යාංශයේ හිටපු සහකාර අධ්‍යක්‍ෂ රංග නිශාන්ත රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් පදනම් විරහිත අසත්‍ය ප්‍රචාර සමාජගත කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවීමත් සමගයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ.වුට්ලර් පසුගිය 5 වැනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ, හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් සටහන් කරගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර සාක්ෂි මෙහෙයවීම සිදුකරන බවයි. පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබුණේ, රංග නිශාන්තගේ මරණය සැකසහිත බවට ඔහුගේ බිරිඳ විසින් කුලියාපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි. මියගිය නිලධාරියාගේ…

Read More

ලෙෆ්කාඩා හි අයෝනියන් දූපතට ඔබ්බෙන් ධීවරයින් විසින් සොයා ගන්නා ලද සැක සහිත යුක්රේන මගුරා පන්තියේ මුහුදු ඩ්‍රෝන යානයක් පිළිබඳව ග්‍රීක බලධාරීන් විමර්ශනය කරමින් සිටී. සොයා ගන්නා විටත් ධාවනය වෙමින් පැවති මිනිසුන් රහිත යාත්‍රාව හමුදාව පරීක්ෂා කරමින් සිටී. ලෙෆ්කාඩා නම් අයෝනියන් දූපතට ඔබ්බෙන් ධීවරයින් විසින් සොයා ගන්නා ලද හඳුනා නොගත් මුහුදු ඩ්‍රෝන යානයක් පිළිබඳව ග්‍රීක බලධාරීන් විමර්ශනය කරමින් සිටින අතර, එය යුක්රේනයේ නිෂ්පාදිත මගුරා පන්තියේ මිනිසුන් රහිත මතුපිට වාහනයක් විය හැකි බව නිලධාරීන් සහ විශේෂඥයින් යෝජනා කරති. මැයි 8 වන සිකුරාදා, ග්‍රීසියේ වෙරළාරක්ෂක බලකාය ධීවරයින්ගේ වාර්තාවලට ප්‍රතිචාර දැක්වූ අතර ඩ්‍රෝන යානය නැවත ලබා ගැනීම සඳහා මුර සංචාර යාත්‍රාවක් යෙදවීය. පසුව එය…

Read More