Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කේසර සහ කියාරා සිංහ යුවළට දාව උපන් සිංහ පැටවුන් දෙදෙනා ජනතා ප්‍රදර්ශනයට

    May 9, 2026

    “මරණය මත ලැබූ ජයග්‍රහණය” රුසියාවේ මැයි 9

    May 9, 2026

    මහ බැංකුව සතු විදෙස් සංචිතයේ පහළ යාමක්

    May 9, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ආදරයකට මගේ හිත තාමත් සූදානම් නෑ කියලයි හිතෙන්නේ – සවිනි යකුපිටිය –
    උණුසුම් පුවත්

    ආදරයකට මගේ හිත තාමත් සූදානම් නෑ කියලයි හිතෙන්නේ – සවිනි යකුපිටිය –

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 9, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දික ධර්මතිලකගේ ‘කළු අහස’ ටෙලි නිර්මාණය මේ දිනවල බොහෝ දෙනාගේ ආදරය දිනාගැනීමට සමත්වී ඇත. එහි තාරකීගේ භුමිකාවට පණ පොවන සවිනි යකුපිටිය ඔබට වඩාත්ම සමීප වන්නේ ‘අළු පාට දේදුනු’ ටෙලි නිර්මාණයේ චාතූර්යා, ‘මාස්ටර් සර්’හි අසිනි මෙන්ම ‘මා’ ටෙලි නිර්මාණයේ නිරාශා යන භූමිකා ඔස්සේය. ‘ලොක්කි- 2’ හි තරූ මෙන්ම ‘හිත ළඟ හිනැහුණා’හි උදානා ද ඇයට ප්‍රේක්ෂක ආදරය ලබාදුන් අවස්ථාය. මියුසික් වීඩියෝ රංගනය ඔස්සේද ඇය ජනප්‍රිය චරිතයකි. ‘යන්නම් මා’ ගීතය ඔස්සේ මිලියනයකට අධික ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ඇය අද අප හා කතාබහට එක්වූවාය.

    මේ දිනවල ‘කළු අහස’ තාරකී නිසා ඔබ නැවතත් කතාබහට ලක්වෙලා. කොහොමද ඒ අත්දැකීම?

    කළු අහස ඉන්දික ධර්මතිලකගේ අධ්‍යක්ෂණයක්. මං එහි තාරකී කියන තරුණියගේ චරිතයට පණපොවනවා. ඇය පෙම්වතියක්. ඇයගේ පෙම්වතා අනුරාධ විදිහට ඉන්නේ සචින් ලියනගේ. දේශපාලන පසුබිමකුත් තියෙන පවුල් දෙකක් සම්බන්ධ කතාවක්. තාරුකී කියන්නේ හරිම සපෝටිව් පෙම්වතියක්. චරිතය සාර්ථක කරගන්න සචින් අයියගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.

    කොහොමද තාරුකීට ලැබෙන ප්‍රතිචාර?

    ගොඩක් හොඳයි. ලොකු ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා. ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැම කමෙන්ට් එකක්ම වගේ මං බලනවා. දුරකතනයෙන් ගොඩක් හොඳට කතා කරනවා. ලැබෙන ප්‍රතිචාර ගැන හරිම සතුටුයි.

    කලාවට සවිනිගෙ හිත යන්නේ පාසල් කාලෙ ඉඳන් නේද?

    ඔව්. මං කලා ක්ෂේත්‍රයට ඇවිත් තාම ලොකු කාලයක් නැහැ. පුංචි කාලෙ ඉඳන්ම කලාව ගැන ආසාවක්, වුවමනාවක් තිබුණා. කොහොමහරි ටීවී එකට යන්න ඕන කියන සිතුවිල්ල තදින්ම දැනුණේ පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ 8 වසරෙ ඉගෙන ගනිද්දි. පොඩි කාලෙ ඉඳන්ම මං ගොඩක්ම දක්ෂ වුණේ නර්තනයට. ඒත් ඒ දවස්වල කලා උලෙළට මාව ගන්නෙ නෑ චූටියි කියලා. 8 වසරට ගියාට පස්සෙ තමයි මට ඒ සඳහා සුදුසුකම් ලැබෙන්නේ.

    මං උසස් පෙළට තෝරගත්තේ වාණිජ විෂය. ඔයා දක්ෂ නර්තනයටනෙ. ඒ පැත්ත තෝරගන්න කියලා හැමෝම කියද්දිත් මං තෝරගත්තෙ වාණිජ. කොහොමහරි විභාගෙ ඉවරවෙලා අන්තිම දවසෙ ගෙදර ගිහින් මං යුනිෆෝම් එක පිටින්ම ස්ටේටස් එකක් දැම්මා මෙතැන ඉඳන් මගේ ජීවිතේ ලොකු වෙනසක් වේවි කියලා. එදා හැමෝම කලබල වෙලා ඇයි මොකද වුණේ කියලා අහලා මැසේජ් ගොඩක් දාල තිබුණා. ඒත් එදා මං කාටවත් රිප්ලයි කළේ නෑ.

    නර්තනයට ආස කළ සවිනි රංගනයට යොමු වුණේ කොහොමද කියලත් කියමු?

    හැමදාම මට ඉලක්කයක් තිබුණා. මං ඒ ඉලක්කය හඹා ගියා. ඉස්කෝලෙ ගිහින් ඉවර වුණාට පස්සේ මට ඕන කළේ කොහොමහරි ටීවී එකට යන්න. Fb පේජ්වල දාන පෝස්ට්වලට රිප්ලයි කරලා ඒවයේ ඔඩිෂන්වලට ගියා. ඒවයින් තේරුණ අවස්ථා තිබුණා. ඒ හරහා වර්ක් ෂොප්වලට ගිහින් රංගනය පිළිබඳ අත්දැකීම් එකතු කරගන්නයි මං උත්සාහ කළේ. වර්ක් ෂොප්වලදී මට ෆීල්ඩ් එකේ ගොඩක් දෙනා අඳුනගන්නත් ලැබුණා. ඒ හඳුනාගැනීම් ඔස්සේ වෙළෙඳ දැන්වීම්වලට පෙනී ඉන්න අවස්ථාව ලැබුණා. ඔය අතරෙ තමයි ධනුෂ්ක රත්නායකගේ ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නිර්මාණයට ආරාධනා ලැබෙන්නේ. මුලින්ම ප්‍රධාන චරිතයේ කැම්පස් එකේ යාළුවෙක් විදිහටයි මාව තෝරගත්තේ. මගේ දක්ෂතාව තේරුම් ගත්ත අධ්‍යක්ෂවරයා මගේ චරිතය ඩිවෙලොප් කරලා ප්‍රධාන චරිතයේ හොඳම යාළුවා බවට පත්කළා. කතාව අවසන් වෙද්දී ප්‍රධාන මේල් කැරැක්ටර් එකට ලව් කරන තැන දක්වාම ගෙනාවා. උදානා කියන්නෙ මගේ මුල්ම රංගන අත්දැකීම. ඒ සඳහා මාව තෝරගත්තට ධනුෂ්ක අයියට ගොඩක් ස්තුතියි. ඒ ආපු ගමන තමයි මේ දක්වා හරිම පරිස්සමට තෝරා බේරාගෙන හෙමින් හෙමින් යන්නේ.

    ඔබ සිනමාවටත් සම්බන්ධ වුණා නේද?

    ඔව්. මං මේ වෙද්දි සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් ඒ දෙකම තවමත් තිරගත වුණේ නැහැ.

    ‘යන්නම් මා’ මියුසික් වීඩියෝව නිසාත් ඔබ ගොඩක්ම කතාබහට ලක්වුණා?

    මං රංගනයෙන් දායක වුණු මියුසික් විඩියෝ අතරින් ගොඩක්ම ජනප්‍රිය වුණේ ‘යන්නම් මා’. ගායනය ශනුක ඒකනායක. මිලියනයකටත් වඩා නරඹලා තිබුණා. ගීතය කරලත් දැන් අවුරුද්දක් විතර වෙනවා. අදටත් බොහෝදෙනා කතා කරලා ඒක හරිම ලස්සනයි කියනවා.

    සවිනි කියන්නේ සුන්දර යුවතියක්නේ. ආදරණීය ඇරියුම්වලින් නම් අඩුවක් නැතුව ඇති?

    ආරාධනා නම් ගොඩක් එනවා. නමුත් ආදරය නිසා මං ලබල තියෙන්නේ අමිහිරි අත්දැකීම්. ඒ නිසා මං ගොඩක්ම දැන් පරිස්සම් වෙනවා. දැන්ම සම්බන්ධතාවකට මගේ හිත සූදානම් නෑ කියලයි මට හිතෙන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    කේසර සහ කියාරා සිංහ යුවළට දාව උපන් සිංහ පැටවුන් දෙදෙනා ජනතා ප්‍රදර්ශනයට

    May 9, 2026

    “මරණය මත ලැබූ ජයග්‍රහණය” රුසියාවේ මැයි 9

    May 9, 2026

    මහ බැංකුව සතු විදෙස් සංචිතයේ පහළ යාමක්

    May 9, 2026

    යල කන්නයේ කිසිදු භෝගයකට පොහොර හිඟයක් නැති බව කෘෂි ඇමති කියයි

    May 9, 2026

    සූදු ඔට්ටුවෙන් පැරදුණු මිතුරාට සල්ලි සොයන්න හරක් හොරකමේ ගිය පාසල් සිසුවා එළු මස් විදිහට මී හරක් පැටවුන්ගේ මස් විකුණලා

    May 9, 2026

    වැලිගම හිටපු සභාපති බැට්ටගේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට : 18 දක්වා රිමාන්ඩ්

    May 9, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    කේසර සහ කියාරා සිංහ යුවළට දාව උපන් සිංහ පැටවුන් දෙදෙනා ජනතා ප්‍රදර්ශනයට

    May 9, 2026

    කේසර සහ කියාරා සිංහ යුවළට දාව උපන් සිංහ පැටවුන් දෙදෙනා ජනතා ප්‍රදර්ශනයට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ…

    “මරණය මත ලැබූ ජයග්‍රහණය” රුසියාවේ මැයි 9

    May 9, 2026

    මහ බැංකුව සතු විදෙස් සංචිතයේ පහළ යාමක්

    May 9, 2026

    යල කන්නයේ කිසිදු භෝගයකට පොහොර හිඟයක් නැති බව කෘෂි ඇමති කියයි

    May 9, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    කේසර සහ කියාරා සිංහ යුවළට දාව උපන් සිංහ පැටවුන් දෙදෙනා ජනතා ප්‍රදර්ශනයට

    May 9, 2026

    “මරණය මත ලැබූ ජයග්‍රහණය” රුසියාවේ මැයි 9

    May 9, 2026

    මහ බැංකුව සතු විදෙස් සංචිතයේ පහළ යාමක්

    May 9, 2026

    යල කන්නයේ කිසිදු භෝගයකට පොහොර හිඟයක් නැති බව කෘෂි ඇමති කියයි

    May 9, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    කේසර සහ කියාරා සිංහ යුවළට දාව උපන් සිංහ පැටවුන් දෙදෙනා ජනතා ප්‍රදර්ශනයට

    May 9, 2026

    “මරණය මත ලැබූ ජයග්‍රහණය” රුසියාවේ මැයි 9

    May 9, 2026

    මහ බැංකුව සතු විදෙස් සංචිතයේ පහළ යාමක්

    May 9, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.