Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා-වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය අද (08) දින කොළඹ හිල්ටන් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි. වියට්නාම් වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම සංසදය, වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරයට සමගාමීව ඒ මහතාගේ සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි. මෙම සංසදයේ ප්‍රධාන අරමුණ වූයේ වෙළඳාම ව්‍යාප්ත කිරීම, ආයෝජන ප්‍රවර්ධනය සහ සංචාරක සහයෝගිතාව යන ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කරමින් දෙරටෙහි ද්විපාර්ශ්වික ආර්ථිකමය සබඳතා තවදුරටත්…
ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. එම දෙපාර්තමේන්තුව අද (9) පෙරවරුවේ නිකුත්කළ නිවේදනයට අනුව බස්නාහිර, දකුණ සහ උතුරු පළාත්වලට උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප.ව. 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එහිදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට තද වැසි බලාපොරොත්තු වියහැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ වැසි ඇතිවීමේ හැකියාවක්ද තිබේ. මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටින්නේ, මධ්‍යම, සබරගමුව සහ ඌව…
අල්ලස් චෝදනා එල්ලවී සිටි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක මියගොස් සිටියදී ඔහුගේ සිරුර අද (08) උදෑසන හමුවුණි. ඔහුගේ මළසිරුරේ ගෙලෙහි කැඩුණු රෙදි පටියක කොටසක් තිබී ඇති අතර පොලිසිය සැක කරන්නේ මෙය දිවි නසාගැනීමක් බවටය. මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍යවරු පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළසිරුර හමුවී තිබුණේ කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබියදී ය. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් එම නිවසේ දෙවන…
මාසික වැටුප රුපියල් ලක්ෂයක් ගෙවා, ගෙවත්ත රැක බලාගැනීම සදහා යොදවා තිබු විසි අට හැවිරිදි මුරකරු, වෛද්‍යවරයාගේ නිවසේ තිබු රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් ඉදිකිරීම් උපකරණ, ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ තොගයක් සොරකම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය විසින් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. විෂද්ශගතව සිටින වෛද්‍යවරයෙකුට අයත් ගුරුදෙණිය මාළිගාතැන්න ප්‍රදේශයේ නිවයේ ගෙවත්තේ මුරකරු වන මෙම සැකකරු වසරක පමණ කාලයක් තියේ අවස්ථා ගණනාවකදි මෙම භාණ්ඩ යොරාගෙන ඒවා ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයකට අලෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. අනතුරුව ඒවායින් කොටයක් පොලිස් භාරයට ගෙන ඇත. වෛද්‍යවරයාගේ විශ්වාසය දිනා ගනිමින් කාලයක් තියේ ගෙවත්ත රැක බලා ගත් 28…
ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිත ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේය. “මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වෙලා තියෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය මේ වනවිට සිදුවෙනවා. ඒකට පස්සේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පැහැදිලි කරාවි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සියලු ආකාරයේ විමර්ශන ආරම්භ කරලා තියෙනවා. ප්‍රශ්නය – ඊයේ දිනයේදී වරෙන්තු නිකුත් කරපු වෙලාවේ අත්අඩංගුවට ගත්තා නම් මේක වෙන්නේ නැහැනේ.? පිළිතුර – පොලීසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මොකද ඊයේ හවස තමයි පොලීසිය මේ පිළිබඳව දැනුවත්වෙලා තිබුණේ. පොලීසිය හිතන්නේ නැහැ රාත්‍රී…
ප්‍රදේශ දෙකකදී සිදු වූ පුද්ගල ඝාතනවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පිටිගල, හොරංගල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 60 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පැවසීය. දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර එහිදි තුවාල ලැබු සැකකරු අත්අඩංගුවට ගෙන ඇල්පිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන් වේ. එමෙන්ම තිස්සමහාරාම, ගැමුණුපුර ප්‍රදේශයේ නිවසක් තුළ දී ද කාන්තාවක් ඝාතනය කර ඇත. අදාළ කාන්තාවගේ සිරුරේ කැපුම් තුවාල නිරීක්ෂණය වී ඇති අතර ඝාතනය සිදු කළ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව සඳහන්. මෙලෙස මියගොස් ඇත්තේ 88 හැවිරිදි ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
අද (08) පෙරවරුවේ ගිනි කන්ද සක්‍රිය වීමත් සමඟ කන්ද තරණය කරමින් සිටි 20දෙනෙකුට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවද සඳහන් වේ. කෙසේවෙතත් එහිදී තිදෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ 15දෙනෙකු සහන සේවකයින් විසින් මුදාගෙන රෝහල් ගත කර ඇත. කඳු තරණය කළ පිරිස අතර සිංගප්පූරු ජාතිකයින් 09දෙනෙකු ද වූ බව වාර්තා වේ. ගිනිකන්ද සක්‍රිය වීම සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් නොසලකමින් ඔවුන් මෙලෙස කඳු තරණය කිරීමට එක්ව ඇති බව බලධාරීන් සඳහන් කර තිබේ. කඳු තරණය කරන්නන් හා සංචාරකයින් අතර ප්‍රචලිත ‘ඩුකෝනෝ ගිනි කන්ද‘ ඉන්දුනීසියාවේ වඩාත් සක්‍රිය ගිනි කන්දක් ලෙස සැලකේ.
චෙම්මනි – සිත්තුපත්ති සමූහ මිනීවළේ මේ දක්වා සිදුකළ කැණීම් කටයුතුවලින් මිනිස් අස්ථි කොටස් 260ක් සොයාගෙන තිබේ. ඉන් සිරුරු 256කට අයත් අස්ථි කොටස් ගොඩගෙන ඇති බව සඳහන්ය. තෙවන අදිරයරේ 11 වන දිනයේ කැණීම් කටයුතු අද (08) සිදු කෙරුණු අතර එහිදී තවත් සිරුරු තුනකට අයත් අස්ථි කොටස් සොයා ගත් අතර ඉන් සිරුරු දෙකක් ගොඩගෙන ඇති බව සඳහන්ය. තෙවන අදියරේ කැණීම් කටයුතුවලදී අද (08) දින දක්වා මිනිස් අස්ථි කොටස් 17ක් සොයාගෙන තිබේ.
පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම හරහා බිලියන 13ක මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාලව සිදු කරන ලද අභ්‍යන්තර විගණනයේදී එම බැංකුවේ පරිගණක දත්ත පද්ධතියට හානියක් නොවන ලෙසට කටයුතු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (8) එම බැංකුවට නියෝග කළා. විමර්ශන කටයුතුවලට අදාලව බැංකු පද්ධතිය තුළ සිදු කරන විගණන කටයුතුවලදී සිද්ධියට අදාල පරිගණකවල මුල් දත්තවලට හානියක් නොවන ලෙස ලබා ගන්නා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ අංශයේ නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියෝග කරනු ලැබුවා. බැංකුවේ මේ වන විට සියලුම අභ්‍යන්තර විගණන වාර්තා සිදුකිරිමක් සිදු කරන බව බැංකුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු…
තමිල්නාඩු ප්‍රාන්තයේ රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතර බලය තහවුරු කර ගැනීමට කොලිවුඩ් නළු විජේ නායකත්වය දරන TVK (තමිළග වෙට්ට්‍රි කලගම්) පක්ෂය ප්‍රමුඛ සන්ධානය සමත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ සඳහා තීරණාත්මක වී ඇත්තේ, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (CPI) සහ CPM යන පක්ෂ දෙකේ සහයෝගය එම සන්ධානයට හිමි වීමත් සමඟයි. කොංග්‍රසය සහ VCK පක්ෂයේ සහයද සමඟින් විජේගේ සන්ධානය සතු මුළු ආසන සංඛ්‍යාව 118 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ඔවුන්ට තමිල්නාඩුවේ පාලන බලය පිහිටුවීමේ හැකියාව හිමිව තිබෙනවා. මූලාශ්‍රය | ටයිම්ස් ඔෆ් ඉන්දියා / NDTV
