Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න නිට්ටඹුව පොලිසියට අද ( 08) නියෝග කළේ ය. සැකකාර පල්ලේගම හේමරතන හිමියන් විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද එහිදී නිකුත් කෙරිණ. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ, හිමිනමක හා තවත් සැකකරුවන් දෙදෙනෙකු 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 22424/2026 බී දරන නඩුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහගේ උපදෙස්…
භාණ්ඩාගාරයේ මුදල් ගිය ගිණුමින් ජාත්‍යන්තර හැකර් කෙනකු ඒ සල්ලි අරගෙන නම් විවිධ ආයතනවලට පැමිණිලි කළත් එම මුදල් රටක රජයකට වුවත් ආපසු ගැනීමට අපහසු බව මහාචාර්ය අනුරාධි හපුආරච්චි මහත්මිය පවසයි. භාණ්ඩාගාරයට අහිමි වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල ගැන විවිධ පරීක්ෂණ ආයතන වලට පැමිණිලි කළත් එම මුදල් රජයට ගැනීමට හැකියාවක් තිබේද යන්න ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් මහාචාර්යවරිය මේ බව කීවාය.” සාමාන්‍ය මුදලක් ලබාගත්තත් සාමාන්‍ය වංචාවක දීමේක ටිකක් අපහසුයි” යනුවෙන් ඇය සඳහන් කළාය. “මේ මුදල් නැවත ගන්න පුළුවන් නම් හොඳයි. ඒත් ජාත්‍යන්තර හැකර් කෙනෙක් නම් මේ මුදල් ගැනීම් අපහසුයි. මොවුන් තාක්ෂණිකට ඉතා ප්‍රබලයි. කිසිම සාක්ෂියක් ඉතුරු කරන්නේ නැහැ ” යැයි…
මේ වන විට ගල් අගුරු තුළින් විදුලි උත්පාදනයේදී මතුව ඇති අකාර්යක්ෂමතා හේතුවෙන් දෛනිකට මතුව ඇතිමේගාවොට් එකසිය පනහක තරම් වන හිඟය පියවා ගැනීමට ඩීසල් සහ දැවි තෙල් භාවිතා කිරීමත් ඊට අදාළ වන ගෙවීම් සඳහා ප්‍රමුඛතාවය ලබාදීමත් හේතුවෙන් පුනර්ජනනීය බල ශක්තිය සඳහා වන ගෙවීම පමා කර ඇති බවත් එබැවින් මෙම අවදානම් තත්ත්වය උදාවී ඇති බවත් පුනර්ජනනීය බල ශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනයේ උප සභාපති ප්‍රභාත් වික්‍රමසිංහ මහතා ප්‍රකශ කරයි මැද පෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් මතුව ඇති ඉන්ධන මිල ඉහළ යෑම නිසා තාප විදුලි උත්පාදනය කිරීමේ පිරිවැය ඉතා ඉහළ ගොස් ඇති බවත් එහි අගය ඒකකයට රුපියල් දහයකට ආසන්න හෝ ඊට වැඩි අගයක් බවත් හෙතෙම…
මහජන ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවට ලක්වන මේ අවස්ථාවේ විෂය භාර අමාත්‍යවරයා අදාල කරුණු කාරණා ඉදිරිපත් කළේ මහපොළොවේ සිටගෙන ද කියා ගැටලුවක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. දිට්වා ව්‍යසනයෙන් විපතට පත් අයට සහනාධාර දුන් ආකාරය කිව්වත් ටකරමක් ගියත් රු. මිලියනයක්, නිවාස හානිවලට මිලියන 5ක් සහ ඉඩම සහ නිවස නැති අයට කෝටියක් දෙන පැවසූ ජනාධිපතිවරයාගේ පොරොන්දු කීයක් ඉටු කළාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත්, ආපදාව නිසා මොරගහකන්දේ පාලමක් කැඩි ඇති අතර, ඊට අමතරව තවත් පාලම් රැසක් කැඩී ගියත් ප්‍රතසංස්කරණය නොවීම, උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය තවමත් ක්‍රියාත්මක නොවීම වැනි ගැටලු ඇති මොහොතක මහජන ආරක්ෂාව ගැන මේ අවස්ථාවේ කතා කළත් තවමත් වත්මන් රජයට…
උඩරට සහ පහතරට එළවළු මිල මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා. මෙම මාසයේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිවීම හමුවේ මෙලෙස එළවළු මිල ඉහළ යෑමට හේතු වී ඇති බවයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ නිළධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ඒ අනුව, බෝංචි කිලෝවක් රුපියල් 500ක්, ලීක්ස් කිලෝවක් රුපියල් 300ක්, කැරට් කිලෝවක් රුපියල් 450ක්, මාළු මිරිස් කිලෝවක් රුපියල් 400ක් සහ ගෝවා කිලෝවක් රුපියල් 200 ක් වැනි වැනි සිල්ලර මිලකට අලෙවි වන බව ගොවීන් පැවසුවා.
කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ආශ්‍රිතව වාර්තා වන උණ රෝගය වෛරස් තත්ත්වයක් ලෙස හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි. ඔහු පවසන්නේ ගත වූ මාසයේදී මෙම වෛරසය ආසාදිත රෝගීන් 47 දෙනෙකු වාර්තා වී ඇති බවය. උණ, තද හිසරදය, වමනය මෙම වෛරසයේ රෝග ලක්ෂණ වන අතර පාසල් යන වයසේ පසුවන අවුරුදු 14ත් 15ත් අතර ළමුන් අතර මෙය වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. වෛරසය ආසාදනයවූවන් දෙනියාය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර ඔවුන්ගෙන් බොහෝමයක් දෙනා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවද විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසීය.…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය, එළැඹෙන 14 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (8) දැනුම්දුන්නේය. අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව දැන්වීය. එහිදී යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මැන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුවේ පළමුවන ‘කුමන්ත්‍රණය’ නමැති චෝදනාවෙන් විත්තිකාරියක වශයෙන් නම්කර සිටි ඩේසි ෆොරස්ට් මේ වන විට නිදහස් කර ඇති නිසා තම සේවා දායකයාට එරෙහිව එම චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කළේය. ඒ අනුව සිය සේවාදායකයාට…
තැන්පත්කරුවන් තම ස්ථාවර තැන්පත් ගිණුම්වලට යොමු කළ රුපියල් එක්කෝටි අනුහතර ලක්ෂ හතලිස්දෙදහස් තුන්සිය හැටහතක (1.94,42,367) මුදලක් ගිණුම්වලට නොදමා වංචා කරන ලදැයි කළුතර – විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවනු ලැබූ කළුතර, කොහොලාන සණස බැංකුවේ කළමනාකාරිනිය සහ ලේකම්වරිය මැයි මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කවීතර ප්‍රධාන මහේස්ත්‍රාත්, මහේෂ් වාකිෂ්ඨ මහතා පෙරේදා (06) සවස නියම කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ කොහොලාන සණස බැංකුවේ. කළමනාකාරිනිය වූ කළුතර දකුණ,හෙට්ටිගොඩ පදිංචි නිදැල්ල ආරච්චිගේ දෝන නිලන්ති දීපිකා (අවු 56) සහ එහි ලේකම් කළුතර, කොහොලානේ පදිංචි හේවා කංකානම්ගේ පුෂ්පලතා (අවු.58) යන දෙදෙනාය. කළුතර දිසාව හාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිනී…
ඇමති නලින්ද ජයතිස්සගේ ප්‍රකාශයේ කිසිදු වගකිවයුතු පිළිතුරක් නොවන බවත් ඔහුගේ එම පිළිතුර කිසිසේත් වගකීමක් සහිත පිළිතුරක් ලෙස භාරගත නොහැක්කේ මීට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක අශෝක සපුමල් රන්වල මහතාගේ ආචාර්ය උපාධි සහතිකය සම්බන්ධයෙන්ද කිසිදු වගකීමකින් තොර පිළිතුරක් ලබාදී,එම පිළිතුරට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් නිර්මාණය වෙමින් රන්වල මහතා කථානායක ධූරයෙන්ද ඉල්ලා අස් වූ බවත් එබැවින්හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව වගකීමක් සහිත පිළිතුරක් ලබා දෙන ලෙස දිනන දකුණ සාමුහිකය මධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා. එම මාධ්‍ය නිවේදනය පහතින්
2009 සිට 2026 අප්‍රේල් 16 දක්වා කාලය තුළ ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ මූලික විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. මෙම කොමිෂන් සභාව 5 වන මහල, මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය, අධිකරණ පියස, සාන්චි ආරච්චි වත්ත, අධිකරණ මාවත, කොළඹ 12හිදී ස්ථාපන කර ඇත. ඒ අනුව මෙම කාරණය සම්බන්ධයෙන් මහජනයා හෝ ආයතන වෙත ඇති තොරතුරු මැයි මස 22 වන දිනට පෙර එවන ලෙසට කොමිෂන් සභාව ඉල්ලා සිටියි. 2009 සිට 2026 අප්‍රේල් 16 දක්වා ගල්අඟුරු ආනයනය කිරීම, එම ගල්අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය කිරීම සහ ඒ හා අනෙකුත් සියලුම ක්‍රියාකාරකම්වලදී සිදුවී ඇතැයි කියනු ලබන විවිධ අක්‍රමිකතා සහ නීතිවිරෝධී…
