Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
වැලිසර අතරමැදි කඳවුරෙන් පලාවිත් අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධී මූල්‍ය ජාවාරම්වල යෙදුණු විදෙස් ජාතිකයන් 30 දෙනෙකු පොලීසිය විසින් අද (7) අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් බොරලැස්ගමුව 10 කණුව ප්‍රදේශයේ කුලියට ගත් ගොඩනැගිල්ලක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේය. සැකකාර විදේශීය ජාතිකයන් අතර චීන ජාතික තරුණියන් දෙදෙනෙක් ඇතුළු 21ක්, වියට්නාම් තරුණියක් ඇතුළු 9ක් සිටින බව පොලිසිය පැවසීය. එම සැකකරුවන් සමග පරිගණක 10, ඇපල් වර්ගයේ ජංගම දුරකථන 29ක්, අන්තර්ජාල පහසුකම් ලබාගන්නා උපාංග ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙවැනිම ආකාරයේ වරදකට ඉකුත් අප්‍රේල් 2වැනිදා විදෙස් ජාතිකයන් 152ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන්…
මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු සිය වැඩිමල් සහෝදරයාට පිහියෙන් ඇන ඝාතනය කළැයි කියන තරුණයෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරලැස්ගමුව, ලියනගේ පාරේ පදිංචිව සිටි මොහොමඩ් පයිස් මොහොමඩ් ෆශිල් නමැති 26 හැවිරිදි පරිගණක ක්‍රියාකරුවෙක්. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා පසුගිය දින කිහිපය පුරාම සිය දෙමාපියන්ගෙන් සහ මිත්තණියගෙන් මුදල් ඉල්ලා නිතර ආරවුල් ඇති කරගෙන තිබූ බවයි. ඊයේ (06) රාත්‍රියේ ද මෙම මුදල් ප්‍රශ්නය මුල් කරගනිමින් නිවසේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, එහිදී සිය වැඩිමල් සහෝදරයා දෙමාපියන්ට සහ මිත්තණියට සිදු කළ දැඩි අපහාස හා බැණ වැදීම් ඉවසාගත නොහැකි වූ තැන,…
පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන්, දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට (08) වසා තැබීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය ප්‍රකාශ කර ඇත. ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස වසා දමෙනු ඇත. අදාළ පාසල්වල සිසුන් සහ ගුරුවරුන් අතර රෝග ව්‍යාප්තිය ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස…
කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ – නාකොළගනේ පුරාණ රජමහා විහාරයට අයත් බව පවසමින් රජයට අයත් වනාන්තර පෞද්ගලික වායි තකා එළි පෙහෙළි කිරීම් සහ විදුලි වැටවල් ඉදිකිරීම මගින් ප්‍රදේශයේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06දා) තීරණය කළේය. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද නඩුවේ තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් සිල්වා, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යහ යෝගිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල විසින් පරිසරය සුරැකිම රජයේ මෙන්ම පුද්ගලයන්ගේ වගකීමක් ද බව අවධාරණය කරන ලදි. නඩුවට පාදක වී තිබුණේ නාකොළගනේ රජමහා විහාරය ආශ්‍රිත අක්කර 1,500ක පමණ වනාන්තර ප්‍රදේශයක් එම විහාරාධිපති හිමියන් (10 වන වගඋත්තරකරු) විසින්…
කතරගම පොලිස් වසමේ දෙටගමුව පිහිටි හෝටලයකින් මත්පැන් පානය කළ අයෙකු ලබාදුන් මුදල් නෝට්ටු පිළිබඳ මුදල් අයකැමිවරයාට සැක සිතී ඒ සම්බන්ධයෙන් කතරගම පොලිසිය දැනුවත් කර ඇත. ඒ අනුව කතරගම පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් අදාළ පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබි අංක 604004182 දරණ එකම් අංකය සහිත රුපියල් 1000 නෝට්ටු 04ක් හා අංක 369388400 අංකය දරණ රුපියල් 500 16ක්ද අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරු සෙල්ල කතරගම පිහිටි විහාරස්ථානයක ඇති දේවාලයක පූජකවරයකු ලෙස සේවය කරන බව අනාවරණය වූ අතර මෙම මුදල් නාඳුනන පුද්ගලයෙකු විසින් දේවාලයට පූජාකළ මුදල් බව සඳහන් කර සිටී. සිද්ධියට අදාළව කතරගම පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන පළාත් පාලන කොට්ඨාස ජනහමු මාලාවේ තවත් වැදගත් අදියරක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම සහ වත්තල ආසනවල ජනහමු 06 වන දින පැවැත්විණි. පක්ෂයේ ප්‍රාදේශීය සංවිධාන ශක්තිමත් කිරීම, ක්‍රියාකාරී ජාලය පුළුල් කිරීම සහ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගනිමින් මෙම ජනහමු සංවිධානය කර තිබුණි. බියගම ආසන සංවිධායක අජිත් කුමාර සහ වත්තල ආසන සංවිධායක ජයතිස්ස රුද්‍රිගෝ මඟපෙන්වීම සහ නායකත්වය යටතේ මෙම වැඩසටහන් සාර්ථකව සංවිධානය කර තිබූ අතර, ප්‍රදේශවාසී ජනතාවගේ උනන්දුවෙන් හා ක්‍රියාකාරී සහභාගීත්වයෙන් එම ජනහමු උණුසුම් දේශපාලන වාතාවරණයක් මධ්‍යයේ පැවැත්විණි. බියගම ප්‍රදේශයේ පැවති ජනහමුව සියඹලාපේ උතුර කොට්ඨාස සංවිධායක හා බියගම ප්‍රාදේශීය…
රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට ඔහු 62 හැවිරිදි වියේ පසුවුණා.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට ගමන් කිරීමට සහාය වීම සඳහා වූ තම සැලසුම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේම අවලංගු කර ඇත්තේ, ප්‍රමුඛ පෙළේ ගල්ෆ් කලාපීය මිත්‍ර රටක් විසින් එම මෙහෙයුම සඳහා අමෙරිකානු හමුදාවට තම කඳවුරු සහ ගුවන් සීමාව භාවිත කිරීමට ලබා දී තිබූ අවසරය අත්හිටුවීම නිසා බව අමෙරිකානු නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය ඉරිදා සමාජ මාධ්‍ය හරහා ට්‍රම්ප් විසින් “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” (Project Freedom) මෙහෙයුම ප්‍රකාශයට පත් කිරීමෙන් ගල්ෆ් මිත්‍ර රටවල් මවිතයට පත් වී ඇති අතර, එය සවුදි අරාබියේ නායකත්වයේ දැඩි නොසතුටට හේතු වූ බවයි එම නිලධාරීන් පවසා ඇත්තේ. මෙයට ප්‍රතිචාර වශයෙන්, රියාද් අගනුවරට ගිනිකොන දෙසින් පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරෙන් ගුවන්…
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (07) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව සඳහන්. එසේම සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත…
ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව 5kg ගෑස් සිලින්ඩරයක් රු:220.00කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රු: 2500ක් ලෙසයි. එමෙන්ම 12.5kg ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් රු:545කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රු: 6245.00ක් ලෙසයි.
