Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නාමල් වත්තල හා බියගම ජනහමු අමතයි

    May 7, 2026

    රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි

    May 7, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»නාමල් වත්තල හා බියගම ජනහමු අමතයි
    උණුසුම් පුවත්

    නාමල් වත්තල හා බියගම ජනහමු අමතයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 7, 2026Updated:May 7, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන පළාත් පාලන කොට්ඨාස ජනහමු මාලාවේ තවත් වැදගත් අදියරක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම සහ වත්තල ආසනවල ජනහමු 06 වන දින පැවැත්විණි. පක්ෂයේ ප්‍රාදේශීය සංවිධාන ශක්තිමත් කිරීම, ක්‍රියාකාරී ජාලය පුළුල් කිරීම සහ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගනිමින් මෙම ජනහමු සංවිධානය කර තිබුණි.

    බියගම ආසන සංවිධායක අජිත් කුමාර සහ වත්තල ආසන සංවිධායක ජයතිස්ස රුද්‍රිගෝ මඟපෙන්වීම සහ නායකත්වය යටතේ මෙම වැඩසටහන් සාර්ථකව සංවිධානය කර තිබූ අතර, ප්‍රදේශවාසී ජනතාවගේ උනන්දුවෙන් හා ක්‍රියාකාරී සහභාගීත්වයෙන් එම ජනහමු උණුසුම් දේශපාලන වාතාවරණයක් මධ්‍යයේ පැවැත්විණි.

    බියගම ප්‍රදේශයේ පැවති ජනහමුව සියඹලාපේ උතුර කොට්ඨාස සංවිධායක හා බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත වික්‍රමරත්න විසින් සංවිධානය කර තිබූ අතර, වත්තල ප්‍රදේශයේ පැවති ජනහමුව පුබුදුගම කොට්ඨාස සංවිධායක හා වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුෂාර සම්පත්ගේ සංවිධානත්වයෙන් පැවැත්විණි. ප්‍රදේශීය ජනතාව සමඟ සෘජු සම්බන්ධතාවය ගොඩනඟා ගනිමින් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි.

    මෙම අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවි‍ධායක පා.ම නාමල් රාජපක්ෂ මෙහෙයුම් ප්‍රධානී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු , හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ගම්පහ දිස්ත්‍රික් නායක ඉන්දික අනුරුද්ධ සහ ප්‍රසන්න රණවීර ද මෙම ජනහමු සඳහා එක්විය.

    එහිදී අදහස් දැක්වූ පක්ෂ නායකයින්, පළාත් පාලන මට්ටමේ දේශපාලන සංවිධාන ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, ජනතාව සමඟ සමීපව කටයුතු කරමින් ප්‍රදේශීය ගැටලු සඳහා විසඳුම් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපවී සිටින බවද ප්‍රකාශ කළහ.

    තවද, වත්මන් දේශපාලන තත්ත්වය, ආර්ථික අභියෝග සහ ජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඉදිරි මැතිවරණ සහ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන්ද ක්‍රියාකාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

    මෙම ජනහමු සඳහා සියඹලාපේ උතුර සහ පුබුදුගම කොට්ඨාසවල පක්ෂ ක්‍රියාකාරීන්, ප්‍රාදේශීය නායකයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූ අතර, පක්ෂයට සහාය පළකරමින් උද්යෝගිමත් වාතාවරණයක් නිර්මාණය වී තිබුණි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිවයින පුරා මෙවැනි ජනහමු මාලාවක් ක්‍රියාත්මක කරමින් පක්ෂ සංවිධාන ශක්තිමත් කිරීමට සහ ජනතාව සමඟ සමීප සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි

    May 7, 2026

    ප්‍රදේශ රැසකට අදත් වැසි

    May 7, 2026

    ලාෆ්ස් ගෑස් මිල ඉහළට

    May 6, 2026

    රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්

    May 6, 2026

    කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

    May 6, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    නාමල් වත්තල හා බියගම ජනහමු අමතයි

    May 7, 2026

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන පළාත් පාලන කොට්ඨාස ජනහමු මාලාවේ…

    රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි

    May 7, 2026

    ප්‍රදේශ රැසකට අදත් වැසි

    May 7, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    නාමල් වත්තල හා බියගම ජනහමු අමතයි

    May 7, 2026

    රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි

    May 7, 2026

    ප්‍රදේශ රැසකට අදත් වැසි

    May 7, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    නාමල් වත්තල හා බියගම ජනහමු අමතයි

    May 7, 2026

    රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි

    May 7, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.