Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්

    May 6, 2026

    කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්
    උණුසුම් පුවත්

    රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 6, 2026No Comments5 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදෙස් ජාතිකයන් 120ක පිරිසක් මෙරට මහල් නිවාසයක රහසිගතව රැඳී සිටිමින් පරිගණක අපරාධවල නිරත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් වශයෙන් විමර්ශනය ආරම්භ කළ බව වැලිකඩ පොලිසිය අද (6) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය වෙත දැන්වුවා.

    සිද්ධියට අදාල නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා ඒ බව අධිකරණයට දැන්වුවා.

    නීතිවිරෝධී මූල්‍ය ජාවාරම්වල නියැලුණු විදේශිකයන් 120 ක් දෙනා රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී
    අත්අඩංගුවට ගත් විදේශිකයන් පිරිස ලබන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.

    සැකකරුවන් අද සුම් තාක්ෂණය ඔස්සේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

    නීතිවිරෝධී මූල්‍ය ජාවාරම් සහ අනීතික ක්‍රියාකාරකම්වල නිරත වීමේ චෝදනාව මත විදේශිකයන් 120 දෙනෙකු රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි මහල් නිවාසයකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

    මෙම විදේශීය ජාතිකයන් පිරිස අතර චීනය, වියට්නාමය, මැලේසියාව, මැඩගස්කරය, පිලිපීනය, තායිලන්තය සහ කාම්බෝජය වැනි රටවල වැසියන් සිටින අතර, ඔවුන් සතුව තිබුණු පරිගණක සහ ජංගම දුරකථන රැසක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

    එම විදේශීය ජාතිකයන්ගේ නම් යොදා අධිකරණයට ඉදිරිපත් කිරීම අපහසු බැවින් අංක යොදා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බව මහේස්ත්‍රාත්වරයා එහිදි දැන්වුවා.

    සිද්ධිය සම්බන්ධය වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් වැලිකඩ පොලිස් ස්ථානාධිපති සමන් ජයසිංහ මෙලෙස සඳහන් කළා.

    ” ස්වාමීනි, සිද්ධියට අදාලව විදේශ ජාතිකයින් 120 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කළා. අද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා. සැක කටයුතු විදේශීය පිරිසක් ඉහත ලිපිනයේ රැඳී සිටින බවට වැලිකඩ පොලිස් වසමේ බුද්ධි අංශයේ සහ සිවිල් නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් පරිදි මෙහි විමර්ශන කටයුතු ආරම්භ කළා. අංක 26 , රාජගිරිය ලිපිනයේ මෙම ව්‍යාජ වංචාව සිදුකර තිබෙනවා. මෙම ස්ථානය සම්බන්ධයෙන් සෝදිසි වරෙන්තු ගෙන 2026 මැයි 2 වන දින වැලිකඩ පොලිස් නිලධාරීන් සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව එම ගොඩනැගිල්ල පරීක්ෂාවට ලක් කළා.”

    “එහිදී පිරිමි විදේශීය ජාතිකයන් 89 දෙනෙක් සහ කාන්තාවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම ගොඩනැගිල්ල මහල් හතකින් සමන්විත ගොඩනැගිල්ලක් බෝල වර්ගයේ ගේට්ටුවක් තිබෙනවා. ඇතුල්වීමට පමණක් පොඩි යකඩ ගේට්ටුවත් තමයි තිබෙන්නේ.”

    “එහි විශේෂ ආරක්ෂක නිලධාරියෙක් යොදා තිබෙනවා. පිටිතින් කිසිදු අයෙකුට යන්න බැහැ. කාඩ්පත් ඇතුලු කිරීමකින් තමයි ඇතුලුවන්නට තිබෙන්නේ. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් කිසිම සහයෝගයක් දැක්වූයේ නෑ.”

    “මේ සිද්ධිය සම්බන්ධයෙන් කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් පවා දැනුවත් කරලා ග්‍රාම නිලධාරී හරහා විමසීමක්ද කළා.ඉකුත් තුන්වන දින පිරිමි විදේශීය ජාතිකයන් 73ක් සහ කාන්තා විදේශීය ජාතිකයන් 19 දෙනෙකුට විසා පත් තිබෙන බවත් අනෙක් විදේශීය ජාතිකයන් 28 දෙනාට වීසා නොමැතිව සිටින බවයි විමර්ශනවලදී අනාවරණය වුණේ. වීසා තිබුණත් ලංකාවට පැමිණ රැකියාවක නිරතවීමට හැකියාව තිබේද යන්න විමර්ශනය සිදු කරනවා.

    “වීසා නොමැති සැකකරුවන් කුමන රටේද යන්න පිළිබඳව ද හඳුනා ගැනීමට හැකි වූයේ ඔවුන් ලබා දුන් ප්‍රකාශවලින් පමණයි.තවද මෙම සැකකරුවන් තට්ටු හතකින් යුත් ගොඩනැගිල්ලක කිසිදු අයකුට ඇතුළත් වීමට නොහැකිි පරිදි එම භූමිය වටා ආරක්ෂිත බැමි ඉදිකර ඇති බවත් එම ගොඩනැගිලි සංකීර්ණය තුළ සිදුවන කිසිදු දෙයක් පිටතට දර්ශනය නොවන ලෙස සාදා ඇති බවද විමර්ශන නිලධාරියා අධිකරණයට දැන්වුවා.”

    තවද මෙම ගොඩනැගිල්ල තුළ පළමුවන මහලේ සේවය කරන ලද පුද්ගලයන් අනිත් මහලේ පුද්ගලයන් සමඟ කිසිදු සබඳතාවයක් පවත්වා නොමැති බවත් ඔවුන් ඒ පිළිබඳව නොදන්නා බව ද පොලිසිය සඳහන් කළා.

    මේ වන විට සිදු කරන ලද විමර්ශනවලින් පළමුවන මහලේ තිබූ පරිගණක සහ නවීන තාක්ෂණ උපකරණ සම්බන්ධයෙන් පමණක් විමර්ශනය කර නඩු භාණ්ඩ ලෙස අද අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකි වූ බව පැවසූ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ මහල් සංකීර්ණය හත තුළම විශාල ලෙස පරිගණක උපකරණ සහ නවීන තාක්ෂණ උපකරණ තිබෙන බවයි.

    එම ගොඩනැගිල්ල තුළ සිටි කාර්මික සේවකයා, පිරිසිදු කිරීමේ සේවකයන් සහ ආරක්ෂක නිලධාරීන්ගේ මේ වනවන විට සිද්ධියට අදාලව ප්‍රකාශ ලබාගෙන ඇති බවත් ඔහු මෙම ගොඩනැගිලි තුළ සිදුවන කිසිදු දෙයක් සම්බන්ධයෙන් නොදන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

    තවද මෙම චීන ජාතිකයන් සඳහා ආහාර ලබාදීමට කේටරින් සමාගමක් සිටි බවද මේ වන විට අනාවරණය වී තිබෙනවා. මෙම සැකකරුවන් කොල්ලූපිටිය ආදී කොළඹ අවට ප්‍රදේශවල සිට මෙම ගොඩනැගිල්ල වෙත පැමිණ රැකියාවේ නිරති වී ඇති බවයි විමර්ශන නිලධාරියා සඳහන් කළේ.

    වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා

    මෙම විදේශීය ජාතිකයන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට සුඛෝපභෝගී වාහන 15ක් යොදාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ද විමර්ශන කටයුතු සිදුකරනවා.මෙම මහල් නිවාසයේ හිමිකරුගෙන් කරන ලද ප්‍රශ්නවලදී සඳහන් වුණා ගොඩනැගිල්ල තුළ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ ඔහු නොදන්නා බව.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම සැකකරුවන් විවිධ රටවල සමඟ සබඳතා පවත්වාගෙන යන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

    “විදේශීය රටවල් පහකට අධික ප්‍රමාණයකට මෙම ගොඩනැල්ලේ සිට එම ගිණුම් වලට මුදල් යවා තිබෙනවා. මහල් සංකීර්ණය තුළ පරිගණක ජාලයක් වශයෙන් තමයි මෙම කටයුතු සිදු කරන්නේ.බොහෝ රටවලට මේ වන විට ව්‍යාප්ත වී ඇති නීති විරෝධී ආයතනයක් විසින් මෙම මහල් සංකීර්ණයේ කටයුතු මෙහෙයවා ඇති බවද එම ආයතනයේ නම සඳහන් දවටනයක් අධිකරණයට පෙන්වමින් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දැන්වුවා.

    මෙම සිද්ධිය හරහා මිනිස් ජාවාරමක් සිදුකර ඇද්ද , සයිබර් හරහා නීති විරෝධී මුදල් වංචාවක් සිදු කර තිබේද වීසා නොමැතිව ලංකාව තුළ රැකියාවක් කෙසේ කර තිබේද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බව විමර්ශන නිලධාරියා අධිකරණයට දැන්වුවා.

    තවද මේ දිනවල සිදුවන මහා භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් 2.5 වංචාවක් සිදුව තිබෙන අවධියක මෙලෙස සයිබර් අවකාශය හරහා මෙම විදේශීය ජාතිකයන් මෙලෙස මහල් සංකීර්ණයක් තුළ සිදු කරන ලද ජාවාරම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්විය යුතු බව වැලිකඩ පොලිසිය සඳහන් කළා.

    තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව කඩවි විශාල තර්ජනයක් සිදු විමට හැකි බවද වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

    තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාල තොරතුරු වර්තා ලබාදීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාගරික කොමසාරිස්වරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර අංශයේ අධ්‍යක්ෂවරයා සහ විදුලි සංදේශන කොමිෂමේ අධ්‍යක්ෂකවරයා වෙත වාර්තා නිකුත් කිරීමට නියෝග නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    තවද මෙම සිද්ධියට අදාලව තොරතුරු වර්තා ලබා දිමට අවශ්‍ය නියෝග ලබාගෙන ලෙස
    අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනි නීතිඥවරුන් සඳහන් කර සිටියේ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් නොමැතිව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයේ තබාගෙන සිටින බවයි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ සෝදිසි වරෙන්තු ලබාගෙන විමර්ශනයට ගිය අවස්ථාවේදී මෙම චීන ජාතිකයන් පලා යෑමට කටයුතු කර ඇති බැවින් මෙම විදේශීය ජාතිකයන්ට ඇප ලබා දුන්නොත් අධිකරණය මගහැරීමට හැකියාව තිබෙන බවයි.

    තවද සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකිරීමට තිබෙන බවට නිලධාරීන් සඳහන් කර තිබෙන බැවින් සැකකරුවන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

    තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාල තොරතුරු වර්තා ලබාදීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාගරික කොමසාරිස්වරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර අංශයේ අධ්‍යක්ෂවරයා සහ විදුලි සංදේශන කොමිෂමේ අධ්‍යක්ෂවරයා වෙත වාර්තා නිකුත් කිරීමට නියෝග නිකුත් කරන ලෙසයි.

    සිද්ධියට අදාල සැකකරුවන් ලබන 15 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කළා

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026

    කොටස් වෙළෙඳපොළ ඉහළට, පිරිවැටුම රු. බිලියන 4 ඉක්මවයි

    May 6, 2026

    ජනශක්ති පදනම සහ ජනාධිපති අරමුදල දරුවන්ගේ යහපැවැත්ම අරමුණු කරගත් ජාතික සත්කාරයක් වෙනුවෙන් අත්වැල් බැඳගනී

    May 6, 2026

    රන් කිලෝ 5ක් ලබා දෙන බව පවසා කෝටි 18ක් වංචා කළැයි ගලේවෙල සහෝදරයන් දෙදෙනා රිමාන්ඩ්

    May 6, 2026

    ‘දිට්වා’ ආධාර වංචා කර කැසිනෝ ගහලා සැකකරු රිමාන්ඩ්

    May 6, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්

    May 6, 2026

    විදෙස් ජාතිකයන් 120ක පිරිසක් මෙරට මහල් නිවාසයක රහසිගතව රැඳී සිටිමින් පරිගණක අපරාධවල නිරත වීමේ සිද්ධිය…

    කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026

    කොටස් වෙළෙඳපොළ ඉහළට, පිරිවැටුම රු. බිලියන 4 ඉක්මවයි

    May 6, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්

    May 6, 2026

    කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026

    කොටස් වෙළෙඳපොළ ඉහළට, පිරිවැටුම රු. බිලියන 4 ඉක්මවයි

    May 6, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්

    May 6, 2026

    කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.