Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්

    May 6, 2026

    කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා
    උණුසුම් පුවත්

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 6, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට තැපැල් දෙපාර්තමේන්තුව අමෙරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට (US Post) ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් 626,000කට අධික මුදලක් අවස්ථා 2කදී තෙවන පාර්ශවයක් වෙත බැහැර කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (6) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

    එහිදී අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් කියා සිටියේ, ව්‍යාජ ඊමේල් 03කින් ලද තොරතුරවලට අදාළව තැපැල් දෙපාර්තමේන්තුවේ මෙම මුදල් බැහැර කිරීම් සිදුකර ඇති බවය.

    තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විදෙස් ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්වයන්ට නොලැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද මුල්වරට කරුණු වාර්තාකළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

    කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ මෙම කරුණු දැක්වීම සිදු කළේය.

    එහිදී අධිකරණයට කරුණු වාර්තා කරමින් විමර්ශන නිලධාරින් කියා සිටියේ, තැපැල් දෙපාර්තමේන්තුව විසින් ‘US POST’ හෙවත් අමෙරිකානු තැපැල් සේවයට සිදුකරන ලද ගෙවීමකට අදාළ මුදලක් එම දෙපාර්තමේන්තුවට නොලැබීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවය.

    ගෝලීය මට්ටමේ තැපැල් කටයුතු සිදුකිරීමේදී ගෙවීම් සිදුකිරීමට අදාළ නිල ඊමේල් සහ ගිණුම් තොරතුරු සපයන්නේ ‘Universal Postal Union’ හෙවත් විශ්ව තැපැල් සංගමය විසින් බවත්, මෙම ප්‍රශ්නගත ගෙවීමේදී ඔවුන් ලබාදුන් ඊමේල් ලිපිනයට පරිබාහිර වෙනත් ඊමේල් ලිපිනයක් සමග පණිවිඩ හුවමාරු වී ඇති බවත් විමර්ශන නිලධාරින් සඳහන් කළේය.

    ඒ අනුව අමෙරිකානු තැපැල් සේවයට සිදුකළ යුතු ගෙවීමක් ලැබී නොමැති බව දන්වමින් 2023 වසරේ ජුනි මස සිට වෙනත් ඊමේල් පණිවුඩ 9ක් ලැබී ඇති අතර, ඉන් 03කට තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දක්වා ඇති බව විමර්ශන නිලධාරියා මෙහිදී පැවසීය.

    එහිදී 2025 පෙබරවාරි 19 වනදා අමෙරිකානු ඩොලර් 435,864ක්, 2025 ඔක්තෝබර් 16 අමෙරිකානු ඩොලර් 190,891ක් ලෙස අවස්ථා දෙකකදී අමෙරිකානු ඩොලර් 626,755ක මුදලක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් තෙවන පාර්ශවයක් වෙත බැහැර කර ඇති බව විමර්ශන නිලධාරියා මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළේය.

    මෙහිදී කොටුව මහෙස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේ, අදාළ මුදල කුමන පාර්ශවයක් වෙත ගියේ දැයි මේ වනවිට අනාවරණය වී ඇත්ද යන්නයි.

    ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරියා කියා සිටියේ, එම මුදල ලද නිශ්චිත පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බවය.

    අදාළ සිදුවීමේදී අපරාධමය වරදක් සිදුවී ඇති බව අනාවරණය වන්නේදැයි මහෙස්ත්‍රාත්වරයා යළි ප්‍රශ්න කළේය.

    එහිදී විමර්ශන නිලධාරියා කියා සිටියේ, දණ්ඩ නීති සංග්‍රහය, පරිගණක අපරාධ පනත සහ පොදු දේපොළ පනත ප්‍රකාරව වැරදි සිදුවී ඇතැයි දැනට අනාවරණය වී ඇති බවය.

    ඊට අදාළව සැකකරුවන් හඳුනාගෙන ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා විමසූ විට, දැනට සැකකරුවන් හඳුනාගෙන නොමැති බවට විමර්ශන නිලධාරියා පිළිතුරු දුන්නේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් පද්ධතිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයට අවසර ලබාදුන්නේය.

    නඩුව යළි ජුලි 22 වනදා කැඳවීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්

    May 6, 2026

    කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

    May 6, 2026

    කොටස් වෙළෙඳපොළ ඉහළට, පිරිවැටුම රු. බිලියන 4 ඉක්මවයි

    May 6, 2026

    ජනශක්ති පදනම සහ ජනාධිපති අරමුදල දරුවන්ගේ යහපැවැත්ම අරමුණු කරගත් ජාතික සත්කාරයක් වෙනුවෙන් අත්වැල් බැඳගනී

    May 6, 2026

    රන් කිලෝ 5ක් ලබා දෙන බව පවසා කෝටි 18ක් වංචා කළැයි ගලේවෙල සහෝදරයන් දෙදෙනා රිමාන්ඩ්

    May 6, 2026

    ‘දිට්වා’ ආධාර වංචා කර කැසිනෝ ගහලා සැකකරු රිමාන්ඩ්

    May 6, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්

    May 6, 2026

    විදෙස් ජාතිකයන් 120ක පිරිසක් මෙරට මහල් නිවාසයක රහසිගතව රැඳී සිටිමින් පරිගණක අපරාධවල නිරත වීමේ සිද්ධිය…

    කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026

    කොටස් වෙළෙඳපොළ ඉහළට, පිරිවැටුම රු. බිලියන 4 ඉක්මවයි

    May 6, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්

    May 6, 2026

    කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026

    කොටස් වෙළෙඳපොළ ඉහළට, පිරිවැටුම රු. බිලියන 4 ඉක්මවයි

    May 6, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්

    May 6, 2026

    කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.