Author: Bandara Senanayaka

විදෙස් ජාතිකයන් 120ක පිරිසක් මෙරට මහල් නිවාසයක රහසිගතව රැඳී සිටිමින් පරිගණක අපරාධවල නිරත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් වශයෙන් විමර්ශනය ආරම්භ කළ බව වැලිකඩ පොලිසිය අද (6) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය වෙත දැන්වුවා. සිද්ධියට අදාල නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා ඒ බව අධිකරණයට දැන්වුවා. නීතිවිරෝධී මූල්‍ය ජාවාරම්වල නියැලුණු විදේශිකයන් 120 ක් දෙනා රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදීඅත්අඩංගුවට ගත් විදේශිකයන් පිරිස ලබන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා. සැකකරුවන් අද සුම් තාක්ෂණය ඔස්සේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා. නීතිවිරෝධී මූල්‍ය ජාවාරම් සහ අනීතික ක්‍රියාකාරකම්වල නිරත වීමේ චෝදනාව මත විදේශිකයන්…

Read More

රුපියල් 15,000 බැගින් අරන් ඇපයට ඉදිරිපත් වෙලා – හඳුනන්නෙත් නෑල ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබූ එම සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන වෙනුවෙන්, රුපියල් මිලියන සියයක ශරීර ඇප තැබීමට ඉදිරිපත් වූ පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (06) නියෝග කළා. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අලුත්කඩේ උසාවි සංකීර්ණයට නුදුරු සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති සැකකරුවන් දෙදෙනෙක්. අධිකරණය විසින් සැකකාර කපිල චන්ද්‍රසේනට නියම කර තිබූ රුපියල් ලක්ෂ සියයක ශරීර ඇප තුනක් සඳහා මොවුන් ඉදිරිපත් වී තිබුණා. කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ…

Read More

මෙරට තැපැල් දෙපාර්තමේන්තුව අමෙරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට (US Post) ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් 626,000කට අධික මුදලක් අවස්ථා 2කදී තෙවන පාර්ශවයක් වෙත බැහැර කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (6) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. එහිදී අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් කියා සිටියේ, ව්‍යාජ ඊමේල් 03කින් ලද තොරතුරවලට අදාළව තැපැල් දෙපාර්තමේන්තුවේ මෙම මුදල් බැහැර කිරීම් සිදුකර ඇති බවය. තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විදෙස් ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්වයන්ට නොලැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද මුල්වරට කරුණු වාර්තාකළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ මෙම කරුණු දැක්වීම සිදු කළේය.…

Read More

අද (06) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 155.47ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 22,739.77ක් ලෙසින් වාර්තා විය. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 31.89කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,245.13ක් ලෙසින් සටහන් වුණි. දිනය තුළ රු. බිලියන 4.13ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. කෙසේවෙතත් එය වසරේ මේ දක්වා සාමාන්‍ය දෛනික පිරිවැටුම වූ රු. බිලියන 5.15ට වඩා අඩු අගයයකි. දිනය තුළ දේශීය ආයෝජකයින්ගේ සක්‍රීය දායකත්වය ඉහළ මට්ටමක පවතිනු දක්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය මිල දී ගැනීම් රු. බිලියන…

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය සමූහ ව්‍යාපාරයක් වන JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) තම සමාජ මෙහෙවර අරමුණු කරගත් ආයතනය වන ජනශක්ති පදනම හරහා, වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට ලැබෙන සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ජනාධිපති අරමුදල සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට එළඹීමට කටයුතු කළේය. ජාතික අරමුදලක් සහ පෞද්ගලික සමාගමක් අතර මෙබඳු සහයෝගීතාවයක් ඇතිවීම දුර්ලභ සහ වැදගත් සිදුවීමක් වන අතර, එය රටේ යහපත වෙනුවෙන් JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරන්නකි. ජනශක්ති පදනම, ජනාධිපති අරමුදල සමඟ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන ජාතික සත්කාරයක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ තේමාව වන්නේ ‘හෙට දිනනා ලොවකට අද සුවය සදමු’ යන්නයි. එය රටේ දරු පරපුරේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් දරනු…

Read More

රත්තරන් කිලෝ 5 ක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 1800 ක් වංචා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි සහෝදරයන් දෙදෙනා ලබන 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (6)නියෝග කළා. සැකකාර තරුණයින් දෙදෙනා ලබන 12වැනි දින හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් විසින් ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ කොළඹ හෙට්ටිවිදියේ ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකරුවන් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් රත්තරන් භාණ්ඩ ඇති බවට…

Read More

හිමිවරුන් දෙනමකගේ සම්බන්ධයක් ගැනත් සැක – මුදල් කැසිනෝ ගිණුම්වලට ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර ලබාදෙන බව පවසා බලශක්ති අමාත්‍යවරයා සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස පෙනී සිටිමින් වංචනික ලෙස මුදල් රැස්කළ බව කියන පුද්ගලයෙකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (06) නියෝග කළා. වංචාව සිදු කළ ආකාරය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සුදේශ් නලින්ද අල්විස් නමැත්තෙක්.සැකකරු ව්‍යාජ ලේඛන සකස් කරමින් අමාත්‍යවරුන්ගේ නම භාවිත කර මෙරට සහ ඩුබායි රාජ්‍යයේ සිටින ව්‍යාපාරිකයන්ගෙන් ආධාර එකතු කර ඇති බව කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා. සැකකරු කැසිනෝ ක්‍රීඩාවල නිරත වන්නෙකු බවත්, වංචනික ලෙස ලබාගත් මුදල්…

Read More

යෝජිත ගිවිසුමට ඉරානය එකඟතාව පළ කරන්නේ නම්, දැනට ක්‍රියාත්මක “එපික් ෆියුරි” (Epic Fury) මෙහෙයුම සහ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් (හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිරය ) අවසන් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කෙසේ වෙතත්, ඉරානය ඊට එකඟ නොවන්නේ නම්, මීට වඩා දැඩි තීව්‍රතාවයකින් යුතුව යළිත් බෝම්බ ප්‍රහාර ආරම්භ කරන බවට ඔහු අනතුරු ඇඟවීමක් ද සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. දැනට පවතින තාවකාලික සටන් විරාමය හමුවේ වුවද, අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය කලාපීය නොසන්සුන්තාව තවදුරටත් ඉහළ නැංවීමට හේතු වී තිබේ. ජනපතිවරයා පැවසූ අදහස පහතින්. ”එකඟ වූ කරුණු ලබා දීමට ඉරානය එකඟ වන්නේ යැයි උපකල්පනය කළහොත් – එය බොහෝ විට විශාල උපකල්පනයක්…

Read More

ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ලෝක බැංකුවේ සහාය ලෝක බැංකුවේ මෙරට කළමනාකරු Gevorg Sargsyan මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (06) පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය. ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කටයුතු හා රාජ්‍ය සේවකයින්ගේ සුපිළිපන්නභාවය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට බදුන් කෙරිණි. රජයේ ආදායම් උපයන ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණය සඳහා වන වැඩසටහන් හා එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ඒ සඳහා ලෝක බැංකුවේ සහාය ලබා දීම පිළිබඳවද සාකච්ඡා විය. රාජ්‍ය ආයතනයන්හි ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිත…

Read More

අධිබලැති යතුරුපැදි 11ක් ඇතුළු යතුරුපැදි 21ක් නීති විරෝධීව මෙරටට ගෙන්වූ බවට චෝදනා එල්ල වූ හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු අජිත් ගාල්ලගේ නමැත්තා නිදහස් කරන ලෙස හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළේය. අදාළ නඩු විභාගය කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශවය වූ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් අදාළ පැමිණිල්ල තවදුරටත් පවත්වාගෙන නොයන බවට අධිකරණය හමුවේ කරුණු සැළකර සිටීමත් සමග ඉදිරිපත් වු කරුණු සළකා බැලිමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ. හම්බන්තොට කුරුළු උයනේ තිබී රුපියල් කෝටි 25ක් පමණ වටිනා යතුරුපැදි 21ක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් පසුගිය වසරේ ජූලි 12 වනදා එහි සේවකයන් දෙදෙනෙකුද සමග අත්අඩංගුවට ගනු ලැබීය. පසුව සිදුකල…

Read More