Author: Bandara Senanayaka

අධිකරණයේ ස්වාධීනත්වයට විධායකය විසින් සිදුකරනු ලබන බලපෑම් සහ අතපෙවීම් දැඩි ලෙස හෙළා දකිමින්, ඒ පිළිබඳ කල් තැබීමේ විවාදයක් ඉල්ලා සිටින විශේෂ යෝජනාවක් අද (06) කතානායකවරයා වෙත භාර දී තිබෙනවා. විපක්ෂනායකවරයාගේ උපදෙස් මත සකස් කරන ලද මෙම යෝජනාව, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇතුළු කණ්ඩායමක් විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත නිල වශයෙන් භාර දෙනු ලැබුවා. මෙම යෝජනාවට මූලික වී ඇත්තේ 2026 මැයි මස 1 වන දින පැවැති මැයි දින රැලියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කරන ලද ප්‍රකාශයක්. එහිදී ජනාධිපතිවරයා අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක තීන්දුව ලබා දෙන දිනය සහ එහි ප්‍රතිඵලය සැමරීමට සූදානම් වන ලෙස කළ ප්‍රකාශය…

Read More

තමිල්නාඩුවේ ආණ්ඩුව පිහිටුවීම සඳහා තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය වෙත සිය පූර්ණ සහයෝගය ලබා දීමට ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය තීරණය කර තිබෙනවා. TVK පක්ෂ නායක තලපති විජේ විසින් කරන ලද ආරාධනයයි මෙසේ කොංග්‍රස් පක්ෂය පිළිගෙන ඇත්තේ. තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී TVK පක්ෂය ආසන 108ක් දිනාගත් අතර, කොංග්‍රස් පක්ෂය ආසන 5ක් ජයග්‍රහණය කළා.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ආසන සංවිධායකවරුන් වෙත නිල වශයෙන් පත්වීම් ලිපි ලබාදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක පා.ම නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා බත්තරමුල්ල, නෙළුම් මාවත පක්ෂ කාර්‍යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ නායකත්වය තුළ තරුණ බලය ඉදිරියට ගෙන ඒමට වැදගත් පියවරක් ගෙන තිබේ. එහි කොටසක් ලෙස මහියංගන ආසන සංවිධායක ලෙස තේනුක විදානගමගේ, බදුල්ල ආසනය සදහා සසී සුරංග වීරරත්න සහ බණ්ඩාරවෙල ආසනය සදහා චමින්ද රණසූර යන තරුණ නායකයින් නිල වශයෙන් පත් කර තිබීම විශේෂ අවධානයක් ලබයි. මෙම පත්වීම් ශ්‍රී ලංකා දේශපාලනය තුළ…

Read More

පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ගෙවීම් අංශයේ මුදල් භාරව කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකි ඔහු පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් තිස්පන් ලක්ෂ හතලිස්දහස් හාරසිය පහලොවක මුදලක් වංචා කර ඇති බව පොලීසිය පැවසීය. පොදු දේපොළ පනත යටතේ සැකකරුට චෝදනා එල්ල කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය. පොලිස්පතිවරයාගේ උපෙදස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අධික්ෂණයෙන් නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් ආරියවංශ මහතා විසින් විමර්ශන සිදුකරයි.

Read More

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවුලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර මරාදැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හතරදෙනෙකුට පනවනු ලැබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (06) තහවුරු කළේය. අදාළ දඬුවමින් තමන්ම නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා විභාග කොට නිෂ්ප්‍රභ කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුවක් ලබා දුන්නේය. කෙසේ වෙතත් තවත් විත්තිකරුවන් දෙදෙනෙකුගේ දඬුවම් ඉවත් කිරීමටද අධිකරණය විසින් නියම කරනු ලැබීය. මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ මරණීය දණ්ඩනය නියම වී සිටි…

Read More

එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෑත කාලයේ වාර්තා වූ ඉහළම අගයයන් වෙත අද (06) දින පැමිණ තිබේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 316.40ක් ලෙසින් වාර්තා වන අතර විකුණුම් මිල රු. 324.03 ක් ලෙසින් වාර්තා වේ. 2024 ජනවාරි 18 දිනෙන් පසු පළමු වරට ඩොලරයේ ගැනුම් මිල ඊයේ (05) දිනයේ දී රු. 316 සීමාව ඉක්මවා ගිය අතර අද (06) දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල 2024 ජනවාරි 24 දිනෙන් පසු පළමු වරට රු. 324 සීමාව ඉක්මා ගොස් තිබේ. මේ අතර ඩොලරයේ මධ්‍ය අගය අද (06) දිනයේ දී රු. 319.78 ක් ලෙසින් සටහන්ව ඇත. පසුගිය සඳුදා (04) ඩොලරයේ මධ්‍ය අගය රු. 319.93…

Read More

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජයගත් තලපති විජේ හෙට මහ ඇමති ධුරයේ දිවුරුම්දීමට සැලසුම් කරමින් සිටින බවට ඉන්දීය මාධ්‍ය පවසයි. මේ අනුව රජයක් පිහිටුවීමට අවශ්‍ය බලය තහවුරු කරගැනීමට ඔහුගේ TVK පක්ෂය කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. ඉන්දියානු ද්‍රවිඩ ප්‍රජාවගේ බලකොටුව ලෙස සැලකෙන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ අවසන් ප්‍රතිඵල පසුගියදා නිකුත් විය. ඒ අනුව ප්‍රාන්ත ආසන 234න් 108ක් දිනා එම ප්‍රාන්තයේ ජය තහවුරු කරගත්තේ ජෝෂප් විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය විසිනි. කෙසේ වෙතත් ප්‍රාන්තයේ මහඇමති ලෙස පත්වීමට නම් එක් පක්ෂයක් හෝ සන්ධානයක් ආසන 118ක් තහවුරු කරගත යුතු වේ. මේ අනුව විජේගේ පක්ෂයට සහාය ලබාදීමට ආසන 5ක් සතු කොංග්‍රස පක්ෂය දැනටමත් ඉදිරිපත්ව සිටියි.…

Read More

ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයකට අනුව, ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 50 දක්වා වැඩි කර ඇත. මෙම සංශෝධිත බදු අනුපාතය 2026 මැයි 5 වන දින සිට 2026 දෙසැම්බර් 31 වන දින දක්වා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. එමෙන්ම, 2025 දෙසැම්බර් 31 දින නිකුත් කළ අංක 2469/12 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ පැවති පෙර බදු නියමයද මේ සමඟ සංශෝධනය කර තිබේ. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී 2026 මැයි 04 දින මෙම ගැසට්…

Read More

රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා, එහි තිබූ රන් පවුම් විස්සක් සහ රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසකට අධික මුදලක් සොරාගෙන ගොස් ඇති බව සීගිරිය පොලිසිය පවසනවා. පසුගිය 01 වැනිදා රාත්‍රියේ බැංකුවේ දොරවල් කඩා ඇතුළු වී ඇති සොරුන්, ස්වයංක්‍රීය කැපුම් යන්ත්‍ර (Grinders) යොදාගෙන එහි සවිකර තිබූ සේප්පුව කපා මෙම සොරකම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා. මහජනතාව උකසට තැබූ රන් භාණ්ඩ සහ බැංකුවේ තැන්පත් කර තිබූ මුදල් මෙලෙස සොරාගෙන ඇතැයි වාර්තා වෙනවා. මෙම බැංකු ශාඛාව සඳහා ආරක්ෂක මුරකරුවෙකු යොදවා නොතිබීම සහ එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතිය සොරකම සිදුවූ දින…

Read More

අපරාධ රැසකට සම්බන්ධ බව කියන ව්‍යාජ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කුරුණෑගල පන්නල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙකි. පොළොන්නරුව දීප උයන අසලදී මෙම සැකකරු ඊයේ (05) රාත්‍රීයේදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ සඳහන් කරයි. බොරැල්ල, නුවර, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන පොලිස් ස්ථාන මගින් මෙම සැකකරු විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු වසර දෙකක කාලයක් බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙක් බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණවී ඇත. මෙම ව්‍යාජ වෛද්‍යවරයා සතුව තිබී වෙද නලාවක්, වෛද්‍ය නිල ඇඳුමක් සහ ව්‍යාජ හැඳුනුපතක් ඇතුළු තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු හිඟුරක්ගොඩ රෝහලේ ප්‍රසූතිකාගාරයේ…

Read More