Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
මධ්‍යම, සබරගමුව, ඌව, උතුරුමැද, වයඹ පළාත් සහ වව්නියා, මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ, අදාළ ප්‍රදේශවලට අද (06) සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,648ක් දක්වා ඉහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග අනුව, අද උදෑසන 8.00ට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් 7,000කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද උදෑසන කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 363,400ක් ලෙස සටහන් වී ඇත. එමෙන්ම, ඊයේ දිනයේ රුපියල් 388,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 395,000 දක්වා ඉහළ ගොස් ඇති බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි අද (06) උදෑසන චීනයේ, බීජිං අගනුවර වෙත පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනයේ ඉහළ රාජ්‍ය නායකයින් සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වීම සඳහා ඔහු මෙලෙස චීනයේ සංචාරයකට එක්ව ඇත. ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීන විදේශ කටයුතු අමාත්‍ය Wang Yi සමඟ දෙරට අතර සබඳතා, කලාපීය තත්ත්වයන් සහ ගෝලීය උපායමාර්ගික ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මැදපෙරදිග යුද්ධයේ උණුසුම සහ විශේෂයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වටා ගොඩ නැගී ඇති ආරක්ෂක සහ දේශපාලනික අවදානම් තත්ත්වය හමුවේ ලෝක තෙල් සැපයුම් මාර්ගයන්ට බලපෑම් එල්ල වී ඇති මොහොතක මෙම සංචාරය සිදුවීම කෙරෙහි ලෝකයේම අවධානය යොමුව තිබේ. ඉරානයේ…
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා රු. ලක්ෂ 5,000 කට මදක් අඩු මුදලක් අතිරේක වශයෙන් ගෙවීමක් සිදුවු බවට තොරතුරු වාර්තා වන බව Free Lawyers සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අදාළ අතිරේක මුදල් ගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදුකරන ලෙසය. කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් Free Lawyers සංවිධානය සඳහන් කර ඇත්තේ, සංවරණ හා තුලන පද්ධතිය Checks and Balances ක්‍රමවේදයකින් තොරව සිදුවන රාජ්‍ය මුදල් පරිහණය අපරාධයක්, දුෂණයක්, වංචාවක් බවද අදාළ ලිපිය මඟින් අවධාරණය කර ඇති අතර, 148 ව්‍යවස්ථාව යටතේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුව වෙතින් පහත ප්‍රශ්න සඳහා වහා පිළිතුරු සොයා ගත යුතු බව Free Lawyers සංවිධානය අවධාරණය කර…
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බල ශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ජූනි මස 17 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
කොළඹ – ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කළ ඊ-පාස්පෝට් ටෙන්ඩර් ක්‍රියාවලිය වංචාකාරී බවට චෝදනා කරමින්, පෝලන්ත රජය යුරෝපා සංගමයට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටී. මෙම තීරණයට හේතු වී ඇත්තේ Polish Security Printing Works (PWPW) සමාගම ඇතුළුව ජාත්‍යන්තර සමාගම් හයක්ට කිසිදු විශ්වාසනීය පැහැදිලි කිරීමක් නොමැතිව ටෙන්ඩරයෙන් ඉවත් කර තිබීමයි. Daily Mirror පුවත්පතට අනුව, ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහා ඊ-පාස්පෝට් නිකුත් කිරීම සම්බන්ධ ටෙන්ඩර් කැඳවීම 2025 අප්‍රේල් 27 දින ප්‍රකාශයට පත් කර තිබූ අතර, එයට ජාත්‍යන්තර සමාගම් 8ක් අයදුම් කර තිබුණි. මෙම ටෙන්ඩරයට අයදුම් කළ සමාගම් අතරට ජර්මන් රජය සතු Veridos GmbH සමාගම, එක්සත් අරාබි එමිරේට්ස් පදනම් කර ගෙන…
කුරුණෑගල නගරයේ සහ අවට ජනාකීර්ණ හා හුදෙකලා ප්‍රදේශවල සුඛෝපභෝගී මෝටර් රථයෙන් ගොස් ජිල්බෝල’ භාවිතකර සූක්ෂම ලෙස මත්කුඩු අවුරා ලොකේෂන්වලට මත්කුඩු සහිත ජිල්බෝල ස්ථානගත කර, මත් ලෝලියන්ගෙන් ගිණුමට මුදල් බැර කරගෙන මත්කුඩු අලෙවි කරන ජාවාරමක තොරතුරු පොලිස් බුද්ධි අංශයට ලැබී තිබේ. එම තොරතුරු මත කුරුණෑගල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දනය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක මාලිංග කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරින් කුඩු ජිලා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. වැහැර ප්‍රදේශයේ පාසලක් සමීපයේ මෝටර් රථයෙන් පැමිණ රැඳී සිටිය දී සැකකටයුතු මොහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරිමේදී මත්කුඩු ග්‍රෑම් 75ක් සන්තකයේ තිබුණු බවටත් ජිල්බෝල භාවිත කර සූක්ෂම ලෙස මත්කුඩු අසුරා නියමිත ලොකේෂන්වලට ස්ථානගත…
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකොට සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ අද (05) ආරම්භ වුණා. එහිදී පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වශයෙන් නම් කර සිටි ගයාන් විනෝදක අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ එම ස්ථානයේ සිටි පිරිසක් අනතුර සිදු කළ වාහනය පෙන්වීමෙන් පසු තමා එම වාහනය ලුහුබැඳ ගිය බවයි. පසුව තමා අදාළ වාහනය ඉදිරිපසින් ගොස් යතුරුපැදිය නවතා වාහනයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයාට පහර දීමට උත්සාහ කළ බවත් එහිදී රියැදුරු අසුනේ සිටි පුද්ගලයා, “මම පාඨලී චම්පික” යනුවෙන් සඳහන් කළ බවත් සාක්ෂිකරු…
2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු මහතා මෙරට සිදුකළ පළමු සංචාරය මෙය වීම විශේෂත්වයකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත මාලදිවයින් ජනාධිපතිවරයා මෙරට සංචාරය සඳහා පැමිණ තිබුණි. මෙම සංචාරයේදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත් වුණි. මෙහිදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරමින් අවබෝධතා ගිවිසුම් 07කට ද අත්සන් තැබීම ද සිදුකළේය.
තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස ඉන්දීය සුපිරි කොලිවුඩ් නළු තලපති විජේ හෙට (07) ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දීමට සැලසුම් කර තිබෙනවා. මේ අතර විජේගේ නායකත්වයෙන් යුත් ටී.වී.කේ. පක්ෂයේ නියෝජිතයින් අද (06) ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවීමට ද නියමිත බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 108ක් හිමි කරගත් ටී.වී.කේ පක්ෂය ආසන 118ක් සකස් කර ගනිමින් බලය පිහිටුවීම සඳහා මේ වනවිටත් මැතිවරණය ජයගත් අනෙකුත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වනවා. ඉන්දීය කොංග්‍රස් පක්ෂය මේ වන විටත් ටී.වී.කේ. පක්ෂය සමග රජයක් පිහිටුවීම සඳහා කැමැත්ත පළ කරමින් සිටින බවයි දේශපාලන වාර්තා ප්‍රකාශ කළේ. පෙරේදා නිකුත් කෙරුණු නිල ප්‍රතිඵල…
