Author: Bandara Senanayaka

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම සහ, ඒ අශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් අද (06) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අහස වලාකුළින් බරව පවතින අතර උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී…

Read More

පුත්තලම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට අයත් යැයි පැවසෙන අට්ටවිල්ලුව ප්‍රදේශයෙ ඉඩමක තිබී ගිනි අවි පතොරම් හා දිවියකුගේ සමකින් සකසන අනුරුවක් හා තිත් මුව සමක් ඇතුළු දේ අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ගුවන් හමුදා බුද්ධී ආවේක්ෂණ නිළධාරීන්ට ලැබුණ තොරතුරක් මත කරුවලගස්වැව,රිටිගල,කුරුණැගල වනජීවි නිළධාරීන් හා පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිළධාරීන් ඒකාබද්ධව අද (5) සිදුකළ වැටලිමකදි මෙම දෑ අත් අඩංගුවට ගැනිමට සමත්ව ඇත. වැටලීම සිදුවන අවස්ථාවේ අදාල ඉඩම නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් බදු පදනම මත ගොවිතැන් කටයුතු සදහා ලබා ගෙන වගා කරමින් සිටි තැනැත්තෙකු අත් අඩංගුවට ගෙන තිබු අතර අත් අඩංගුවට ගත් තැනැත්තා විසින් තමන් මෙම ඉඩම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් ගොවිතැන් කටයුතු සදහා…

Read More

මහනුවර දිස්ත්‍රික් ⁣පාතහේවාහැට ආසන සංවිධායකවරයා ලෙස හිමේෂ් තෙන්නකෝන් මහතාව පක්ෂ නායකත්වය විසින් පත්කරමින් සුභාශිංසන පිරිනැමීය. පාතහේවාහැට ආසනයේ පක්ෂ සංවිධාන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට සහ පක්ෂ ප්‍රතිපත්ති ජනතාව අතර ව්‍යාප්ත කිරීමට ඔහුගෙන් අපේක්ෂා කරන බව ප්‍රකාශ කෙරිණි. එමෙන්ම ඉදිරි දේශපාලන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ප්‍රදේශීය මට්ටමින් ක්‍රියාශීලී හා සම්මුතික නායකත්වයක් ගොඩනැගීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි. මේ සමඟ පාතහේවාහැට ආසනයේ පක්ෂ ක්‍රියාකාරීත්වය නව උද්යෝගයකින් යුතුව ඉදිරියට ගෙන යා හැකි වනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. තවද, ග්‍රාමීය මට්ටමින් සංවිධාන ජාලය පුළුල් කරමින්, තරුණ සහ නව සාමාජිකයන් පක්ෂය වෙත ආකර්ෂණය කරගැනීමට ද නව සංවිධායකවරයාගේ අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පැවති මැයි දින රැලියක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කර ඇත්තේ එළැඹෙන මැයි 25 වැනිදා ලබා දීමට ඇති අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් මැයි දින රැලියේදි සිදුකළ ප්‍රකාශය සම්බන්ධව තමන් දැඩි කනස්සල්ල පළකරන බවය. එම තීන්දුව ලබාදුන්විට ඒ පිළිබඳව උදම් ඇනීමට ජනතාවට හැකිවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම අධිකරණ ක්‍රියාවලියට මැදිහත්වීමක් ලෙස මතයක් ගොඩනගන බවත් එවැනි ප්‍රකාශ මගින් අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පළුදුවීමට හේතුවිය හැකි බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ. අධිකරණයේ ස්වාධීනත්වය සහ සම්පූර්ණතාව සහතික කිරීම සඳහා ශ්‍රී…

Read More

ඉන්දියානු නාවික හමුදාව සමඟ එක්ව ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO), ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වූ බෙංගාල බොක්ක මුහුදු තීරයේදී නාවික හෙලිකොප්ටර් යානයක සිට “Naval Anti-Ship Missile–Short Range” (NASM-SR) මිසයිල සාර්ථකව අත්හදා බලා තිබෙනවා. මෙය එකම අවස්ථාවක මිසයිල කිහිපයක් පිට පිට මුදාහැරීමේ මංගල අත්හදා බැලීමයි. මෙම සන්ධිස්ථානය ඉන්දියාවේ සාගරික ආරක්ෂක හැකියාවන්හි කැපී පෙනෙන දියුණුවක් සනිටුහන් කරනු ලබනවා. මෙම පරීක්ෂණයේදී එකම හෙලිකොප්ටර් යානයකින් ඉතා කෙටි කාල පරාසයක් තුළ මිසයිල දෙකක් දියත් කරන ලද අතර, එය ඉන්දියාව විසින් උසස් ගුවන් දියත් නෞකා නාශක මිසයිල පද්ධතියක් එවැනි ආකාරයෙන් අත්හදා බැලූ පළමු අවස්ථාවයි. ඉන්දීය ජනමාධ්‍ය වාර්තාවලට අනුව, මෙම මිසයිලය කිලෝමීටර් 1,500 කට වඩා වැඩි…

Read More

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාවට එක්වීම සම්බන්ධයෙන් දකුණු කොරියාවේ විශේෂ අවධානය යොමු වී ඇති බව එරට විදේශ අමාත්‍යාංශය පවසයි. ජාත්‍යන්තර මුහුදු මාර්ගවල නිදහස් නාවික ගමනාගමනය සහ ආරක්ෂාව තහවුරු කිරීම සියලු ජාතීන්ගේ පොදු යහපතට හේතු වන බවත්, එය ජාත්‍යන්තර නීතියට අනුකූලව ආරක්ෂා කළ යුතු බවත් දකුණු කොරියානු රජය අවධාරණය කරයි. අමෙරිකානු හමුදාව විසින් පසුගිය සඳුදා ‘Project Freedom’ නමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන ලදී‍. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීමය. දකුණු කොරියාව සහ අමෙරිකාව මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන මුහුදු මාර්ගවල ආරක්ෂාව සම්බන්ධයෙන්…

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්සිත ගුණරත්න නොහොත් පානදුර කුඩු සළිඳු නැමැත්තාගේ සමීපතමයෙකු වන ඩුබායි අසිත නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයෙන් ඉපයූ බව කියන රුපියල් කෝටි හතරකට අධික දේපොළ මධ්‍යඹ අපරාධ විමර්ශන කාර්යාංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (05) තහනම් කර තිබේ. අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතාගේ සහ එහි පාලන හා විමර්ශන භාර සහකාර පොලිස් අධිකාරි බී.එම්.ටී. බස්නායක මහතාගේ උපදෙස් පරිදි නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම දේපොළ තහනම් කරනු ලැබීය. මෙලෙස තහනම් කර ඇත්තේ පානදුර, මාදුපිටිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින…

Read More

ඉරානය සමඟ ඇති කරගත් සටන් විරාමය තවමත් ක්‍රියාත්මක මට්ටමේ පවතින බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා. ආරක්ෂක ලේකම්වරයා මේ බව අවධාරණය කළේ කලාපීය ආරක්ෂාව සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) වර්තමාන තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙග්සෙත් පෙන්වා දුන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සිදුවන ක්‍රියාන්විතයන් සටන් විරාමයට අදාළ නොවන, “වෙනම සහ පැහැදිලි” මෙහෙයුමක් ලෙස සලකන බවයි.

Read More

විදෙස් ණය වාරිකයන් ලෙස ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධව විවිද පාර්ශ්වයන් අදහස් දැක්වුවද මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අමාත්‍යවරයා පැවසුවේ මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳව තොරතුරු වාර්තා වීමෙන් පසුව අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ කළමනාකාරීත්වය විසින් අදාළ සිදුවීම සම්බන්ධව ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වෙතද පැමිණි කර ඇත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේද අනුමැතිය අනුව…

Read More

අන්තර් නිවර්තන අභිසාරි කලාපය සහ ඒ ආශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් හෙට (06) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මෙම පද්ධතියේ වර්ධනය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානය යොමු කරන බවත් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව මහජනතාව අවධානයෙන් යුතුව පසුවන ලෙසත්ය. එමෙන්ම ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක හෙට දිනයේදී මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය. විශේෂයෙන් සබරගමුව, මධ්‍යම සහ…

Read More