Author: Bandara Senanayaka

ප්‍රබල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දිනේෂ් නිශාන්ත කුමාර නොහොත් “ගම්පහ බබා” ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(5) නියෝග කළා. එදිනට සැකකරුට අදාලව නීති විරෝධී ලෙස රටින් පැනයමට පෙර වෙනත් වැරදි මත අත්අඩංගුවට ගෙන නඩු ගොනුකර තිබේද යන්න පිළිබඳ විමර්ශනය කර සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍රිය අපරාධ විමර්ශන අංශයට නියෝග කළා. සිද්ධියට අදාල සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී නීතිඥවරිය කළ ඇප ඉල්ලීමට අදාල නියෝගය එම වාර්තාව ලැබීමෙන් පසුව ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැන්වූවා. මන්නාරම වෙරළක් හරහා නීති විරෝධී ලෙස බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලා ගොස්…

Read More

මුදල් විශුද්ධිකරණ පනත යටතේ තුස්තුන් කෝටියක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලොකු පැටී ලබන 15 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(5) නියෝග කළා. නීති විරෝධී වත්කම් ඒකකය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස නියෝග කළා. සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගන්දර දේවාලයේ කපුවා ඇතුලු දෙදෙනා පෙර නඩු දිනයේදි ඇප මත මුදා හැර තිබුණා. සිද්ධියට අදාල පළමු සැකකරු සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටියා. නඩුව ලබන 15 දින නැවත කැඳවිමට නියමිතයි.

Read More

– හර්ෂ ද සිල්වා – මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවැනි පාර්ශවයක් අතට පත්වූ බව කියන සිද්ධිය මහා හොරකමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ, අද (05) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට මූල්‍ය කළමනාකරණය පිළිබඳ නිසි පළපුරුද්දක් නොමැති බවත්, දක්ෂ පරිපාලන නිලධාරීන් වෙනුවට වෙනත් සේවාවල පිරිස් මෙවැනි තනතුරුවලට පත් කිරීමෙන් පද්ධතිය අඩපණ වී ඇති බවත්, ඔහු සඳහන් කරනවා. එසේම ද්විපාර්ශ්වික ණය සාකච්ඡා සඳහා පමණක් මැදිහත් විය හැකි විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, මෙම ගනුදෙනුවට සම්බන්ධ වූයේ ඇයිද යන්න පිළිබඳව මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළා. රජයේ…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා මහතා එළැඹෙන 07 සහ 08 යන දිනයන් හී මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. එහිදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි රාජ්‍ය සංචාරය අතරතුරදී අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත අතර එම ගිවිසුම් සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ. ඒ අනුව, යන ගිවිසුම් කිහිපය සඳහා අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමත් සමග ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදය යටතේ විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට අදියර 2ක් යටතේ වන්දි ලබාදීමට බලාපොරොත්තු වන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. එහි පළමු අදියර යටතේ මුළු වන්දි මුදලෙන් 50%ක් මහා භාණ්ඩාගාරයේ අරමුදල්වලින් ලබාදීමට කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ඊට අදාළ පත්‍රිකාව මේ වන විට කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අතර එළැඹෙන සතිය තුළ ඊට අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවය. ඒ අනුව මෙම…

Read More

– විපක්ෂය – රජය අධිකරණය ඉලක්ක කර ගනිමින් කරනු ලබන ප්‍රකාශ වහාම නතර කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් සිදු කරනු ලබයි. විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, පසුගිය මැයි රැලියේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතු බවය. මේ මස 25 වනදා අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නඩු තීන්දුවකින් අනතුරුව අත්පොලසන් නැගීමට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි. මෙම ප්‍රකාශය ස්වාධීන අධිකරණ ක්‍රියාදාමයට එල්ල කළ බරපතළ තර්ජනයක් බව ඔවුන් පෙන්වා දෙයි. අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීමට වචනයෙන් හා ක්‍රියාවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියා කළ යුතුය. අදාළ…

Read More

-අර්චුනා රාමනාදන්- තමිල්නාඩු මහ ඇමති ලෙස පත්වූ තලපති විජේ වෙත ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ප්‍රසාදය පිරිනමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසනවා. “ඩෙල්ෆ් දූපතේ භාගයකටම කරන්ට් නෑ සතියේ දවස් හතෙන් දවස් පහක් කරන්ට් නෑ. විජේ කච්චතිව් දූපත ඉල්ලපු එකට ජනාධිපතිතුමා දෙන්න බෑ කියලා කිව්වනේ. කච්චතිව් විතරක් නෙමෙයි යාපනයත් තමිල්නාඩුවට දෙන්න තමිල්නාඩු මිනිස්සු අපිව ආරක්ෂා කරයි.” ජනාධිපතිවරයා ඊට විරෝධය ප්‍රකාශ කර තිබූ බවත් අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

Read More

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු වන චමින්ද රවී ජයනාත් නොහොත් ‘දෙමටගොඩ චමින්ද’ නමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අද (05) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දුන්නේය. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

Read More

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිස අද (05) මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ පසුගිය (28) මුදල් ලේකම් හර්ශන සූරියප්පෙරුම මහතාගේ නිවස අසලට ගොස් විරෝධතාවකට ගිය නව ජනතාව පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසට හර්ෂණ සූර්යා පෙරුම මහතාගේ ආදාරකරුවන් පිරිසක් විසින් අසූචි ප්‍රහාරයක් සහ පහර දීමක් කළ බවට චෝදනාකරමින් ය.

Read More

ඕපනායක, පොල්වත්ත හේන වසමේ අසමාන කන්දේ උඩ කොටස අද (05) පෙ.ව. 08.20 පමණ නාය යෑමකට ලක් වී තිබෙනවා. එම අවදානම් ප්‍රදේශයේ ජීවත් වන ජනතාව හැකි ඉක්මනින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබා දී ඇත්තේ. ඒ අනුව එම ප්‍රදේශය අයත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දිස්ත්‍රික් නියෝජිත, අදාළ ප්‍රාදේශීය ලේකම් හා පොලිසියේ සහාය ඇතිව එම ඉවත් කිරීමේ කටයුතු කර කඩිනමින් සුදුසු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

Read More