Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගම්පහ බබා ඇතුලු සැකකරුවන් තිදෙනා යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    ලොකු පැටී යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 හේ මහා හොරකම

    May 5, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 හේ මහා හොරකම
    උණුසුම් පුවත්

    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 හේ මහා හොරකම

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 5, 2026No Comments4 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    – හර්ෂ ද සිල්වා –

    මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවැනි පාර්ශවයක් අතට පත්වූ බව කියන සිද්ධිය මහා හොරකමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ, අද (05) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

    මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට මූල්‍ය කළමනාකරණය පිළිබඳ නිසි පළපුරුද්දක් නොමැති බවත්, දක්ෂ පරිපාලන නිලධාරීන් වෙනුවට වෙනත් සේවාවල පිරිස් මෙවැනි තනතුරුවලට පත් කිරීමෙන් පද්ධතිය අඩපණ වී ඇති බවත්, ඔහු සඳහන් කරනවා.

    එසේම ද්විපාර්ශ්වික ණය සාකච්ඡා සඳහා පමණක් මැදිහත් විය හැකි විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, මෙම ගනුදෙනුවට සම්බන්ධ වූයේ ඇයිද යන්න පිළිබඳව මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළා.

    රජයේ ණය සේවාකරණය සිදුවිය යුත්තේ ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව හරහා වුවද මෙහිදී එම ක්‍රියාවලිය පැටලැවිල්ලකට ඇති බව ඔහු සඳහන් කරනවා.

    එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පැවසුවා,

    ”මෙතන මහා ලොකු හොරකමක් වෙලා තියෙනවා. ඩොලර් ලක්ෂ ගාණක් නැතිවෙලා තියෙනවා. ඒක අවසානයේදී ගෙවන්න වෙන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවට. වෙන කාටවත් නෙවෙයි. පැලවත්තෙන් ගේන්නේ නැහැ. නමුත් මට කියන්න තියෙන ප්‍රධාන දේ තමයි මුදල් ඇමතිතුමා කලින් මුදල් ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා විස්තර කරනකොට ඔහු නිකන් කියාගෙන ගියා මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේක සාමාන්‍ය දෙයක් වගේ. එහෙම නෙමෙයි. මම මගේ සාමාජිකයන්ට කියලා තිබුණා අපි ක්ලෝස් ඩෝ සෙෂන් එකක් කරපු නිසා ඒ ඉදිරිපත් කරපු කරුණු තාම ජනතාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සංක්ෂිප්තයක් වශයෙන් විතරයි. හරි. නමුත් ඒකේ කියවෙච්ච දේවල්වලට අනුව අපිට තේරෙනවා මෙතන දැවැන්ත ක්‍රියාදාමයේ අවුල් මහා රාශියක් තියෙනවා. මහා ගොඩක් තියෙනවා.

    දැන් උදාහරණයක් හැටියට මොනවටද විදේශ සම්පත් දෙපාර්තමේන්තුවකට මේකට සම්බන්ධ උනේ? ඇයි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට මේ ගනුදෙනුවට කිසිම සම්බන්ධයක් නෑ. මේ තියෙන්නේ පනත. මේ පනතේ ඉතාමත්ම පැහැදිලිව තියෙනවා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය හැක්කේ ද්විපාර්ශ්වික ණය ගැනීම සඳහා සාකච්ඡා කිරීම සඳහා පමණයි. ඊළඟ කියනවා ණය පනතට අනුකූලව කාලීනව ආණ්ඩුවේ ණය සේවාකරණය සිදුකල යුත්තේ ණය කළමනාකරණය දෙපාර්තමේන්තුව හරහා. එතකොට ඇයි මේ පටලැවිල්ල දැන් මෙතන ලොකු ගැටළුවක් තියෙනවා ඒ තමයි මේ කට්ටිය මොනවද කරන්නේ කියලා මේ කට්ටිය දන්නෙත් නෑ. මේ එල් බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා. හරි. අනිත් එක තමයි සාමාන්‍යයෙන් මේ වගේ තනතුරු වලට එන්නේ එස් එල් ඒ එස් එකේ පුද්ගලයෝ ඒගොල්ලෝ තැන් තිහක හතලිහක වැඩ කරලා තමයි මුදල් අමාත්‍යංශයේ වගේ තැනකට එන්නේ. දැන් මේ කරලා තියෙන්නේ අපොන්ශුකරණය කියලා හැමෝම දන්නවා. අපොන්ශුකරණයේදී මොකක්ද වෙන්නේ? ප්ලැනින් සර්විස් එකේ කට්ටිය මේ තැන් වලට දාලා තියෙනවා.

    මම අභියෝග කරනවා පුළුවන්නම් කියන්න. මම වැරදිනම් සමහරවිට වැරදි වෙන්න පුළුවන්. හැබැයි මං දන්න විදියට එකයි, ඩී ජී පී ඩී එම් ඕ එකයි ඩී ජී ඊ යාඩ් එකයි දෙන්නම ප්ලැනින් සර්විස් එකේ කට්ටිය. ප්ලැනින් සර්විස් එකේ කට්ටියට මේ අවශ්‍ය එක්පිරියන්ස් එක කොහොම නෑ එතකොට භාණ්ඩාගාරයේ ලේකම්තුමාත් ලංකාවේ ඉතිහාසයට ප්‍රථම වතාවට මෙතන වාඩිවෙලා හිටපු මන්ත්‍රී කෙනෙක්. හරි ඔහුටත් මේ කළමනාකරණය පිළිබඳව එක්ස්පිරියන්ස් එකක් නෑ.

    මම දන්නවා මං මේක පත් වුනහම ඇත්ත වශයෙන්ම අපි ආණ්ඩුවේ ඉන්නකොට මම නියෝජ්‍ය ඇමති හැටියට මම තමයි එස් සී සී එකේ වැඩ බැලුවේ. එතකොට එස් සී සී එකේ හිටපු අධ්‍යක්ෂකලා මං හිතන්නේ දහයක්, පහළොවක් ඉන්න ඇති. ඒ කට්ටියගෙන් එක්කෙනෙක් හැටියට තමයි මෙතුමා වැඩ කරලා තියෙන්නේ. හරි ද? එතනින් පස්සේ මුදල් අමාත්‍යංශයේ ලේකම් කියන්නේ ඉතාමත්ම ලොකු කාර්යභාරයක් සිද්ධ කළ යුතු පුද්ගලයෙක්. එතකොට සේකට්‍රිටත් නැත්නම් මේ පළපුරුද්ද ඩී ජීලටත් නැත්නම් ඉතින් මේකේ වෙන දේවල් ගැන අහන්න දෙයක් නැහැ.

    අනිත් එක තමයි ඩෙලිගේෂන් ඔෆ් ඔතෝරිටි කියලා තියෙනවා. ඒ කියන්නේ ඩිරෙක්ටර් කෙනෙක්ට දැන් මේ කිව්වනේ ලක්ෂ නමයක පේමන්ට් එකකුත් කරයි කියලා එක පාරක්. ඩොලර් ලක්ෂ නමයක පේමන්ට් එකක් කරයි කියලා අනිල් ඇමතිතුමා කිව්වා. එතකොට ඩොලර් ලක්ෂ නමයක පේමන්ට් එක ඇපරු කරේ කවුද? ඩිරෙක්ටර් කෙනෙක්ට පුළුවන්ද ඒක කරන්න. ඩෙලිගේෂන් ඔෆ් ඔතෝරිටි කරේ නැද්ද? ඕනම ආයතනයක ලේකම්තුමා දැනගන්න ඕනේ පළවෙනි කාර්යය මම කරනවා ඩෙලිගේට් කරනවා ලක්ෂයක් මෙයා, ලක්ෂ පහක් මෙයා, ඩිජිට ලක්ෂ දහයක්. ඇමෙරිකන් ඩොලර් ලක්ෂ නමයක පේමන්ට් එකක් කරාලු. කොහොමද කරේ?

    ඉතින් ඒ නිසා මෙතන හොරකමක් වෙලා තියෙනවා. ඒකෙන් කාටවත් ගැලවෙන්න බැහැ. හොරකමක් වෙලා තියෙනවා. හොරා කවුද කියන එක අල්ලන්න තියෙනවා. ඒක සීඅයිඩී එක කරපුවාවේ. ඔබතුමත් ඉන්නවා. මමත් ඉන්නවා අපේ මුදල් කමිටුවේ. අපි මුදල් කමිටුවේ මේකේ ප්‍රතිපත්තිමය වශයෙන් තියෙන, පරිපාලනය වශයෙන් තියෙන ගැටළු හොයාගමු. හොයාගෙන අපි මේ නිර්දේශ කරමු. මොකක්ද විය යුත්තේ කියලා.

    හැබැයි මම අවසාන වශයෙන් එකක් කියනවා. වාර තුනක් තිස්සේ මුදල් ඇමති, මුදල් අමාත්‍යංශයේ ලේකම් හෝ නියෝජ්‍ය ලේකම්ලා අපේ කමිටුවට ආවේ නෑ. මම ජනාධිපතිතුමාට ඒ සම්බන්ධයෙන් බැරිම තැන ලියුමකුත් ලිව්වා. මං ඒකත් සභාගත කරන්නම්. ඒ ලියුම ලිව්වයින් පස්සේ තමයි මේ ඊයේ පෙරේදා දවසකත් ඔවුන් කිව්වේ එන්න විදිහක් නෑ කියලා. එහෙම කරන්න බෑ. මම හොඳ වැඩිවුණා. ඒකයි වුණේ අවුල. මම හොඳ වැඩි වුණා. මට තිබුණා ඕන්නං වරප්‍රසාද ප්‍රශ්නයක් ගේන්න. මං ගෙනාවේ නෑ. ඇයි ඒ? මං ඔවුන්ට අවස්ථාව දුන්නා. හරි නමුත් ඒ අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා. අපිට අන්තිමට තැන් තැන් වලින් කියන්නේ අපි මේ කට්ටියට ඕනවට වඩා දුන්න ඔය ලිහිල්කම.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ගම්පහ බබා ඇතුලු සැකකරුවන් තිදෙනා යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    ලොකු පැටී යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    වියට්නාම ජනපතිගේ මෙරට සංචාරය අතරතුර අත්සන් තැබෙන අවබෝධතා ගිවිසුම් මෙන්න

    May 5, 2026

    ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය විදුලි සේවකයින්ට වන්දි ලැබෙන හැටි

    May 5, 2026

    ”අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් මතුවී ඇත”

    May 5, 2026

    ”කච්චතිව් විතරක් නෙමෙයි යාපනයත් තමිල්නාඩුවට දෙන්න තමිල්නාඩු මිනිස්සු අපිව ආරක්ෂා කරයි.”

    May 5, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ගම්පහ බබා ඇතුලු සැකකරුවන් තිදෙනා යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    ප්‍රබල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දිනේෂ් නිශාන්ත කුමාර නොහොත් “ගම්පහ බබා” ලබන…

    ලොකු පැටී යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 හේ මහා හොරකම

    May 5, 2026

    වියට්නාම ජනපතිගේ මෙරට සංචාරය අතරතුර අත්සන් තැබෙන අවබෝධතා ගිවිසුම් මෙන්න

    May 5, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ගම්පහ බබා ඇතුලු සැකකරුවන් තිදෙනා යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    ලොකු පැටී යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 හේ මහා හොරකම

    May 5, 2026

    වියට්නාම ජනපතිගේ මෙරට සංචාරය අතරතුර අත්සන් තැබෙන අවබෝධතා ගිවිසුම් මෙන්න

    May 5, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ගම්පහ බබා ඇතුලු සැකකරුවන් තිදෙනා යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    ලොකු පැටී යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 හේ මහා හොරකම

    May 5, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.