Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
අනුරාධපුර පූජාභූමියේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකු විසින් 15 හැවිරිදි බාලවයස්කාර දැරියක්ව අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව, නඩුවට අදාළව සොයාගත් ජීව විද්‍යාත්මක සාක්ෂි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සම්පත් විදානආරච්චි මහතා ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර ඇත. ඊට අමතරව මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ. මෙම වින්දිත දැරිය නිට්ටඹුව ප්‍රදේශයේදී ඇයගේ පෙම්වතා යැයි කියන 18 හැවිරිදි තරුණයෙකු සමඟ රැඳී සිටියදී පොලිස් භාරයට ගෙන ඇති අතර, එම තරුණයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.…
දූෂණ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට පනවා තිබෙන විදේශ ගමන් තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරු විසින් ගොනු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 12 වනදා සිය ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියම කළා මෙම ඉල්ලීමට අදාළ මෝසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී සැකකාර චාමර සම්පත් දසනායක වෙනුවෙන් නීතිඥ අජිත් වික්‍රමසිංහ සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයට චීනයේ සංචාරය කිරීමට අවශ්‍ය වී තිබෙන බවත් ඒ අනුව අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමේ නියෝගයක්…
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත් කිරීම නිවැරදි තීන්දුවක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ජනතාවගේ ප්‍රාර්ථනය සහ අභිලාශය වනුනේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින තත්ත්වයෙන් ඉහළට එසැවීම වන බැවින් ඔහු ඇතුළු කණ්ඩායමට මේ වෙනුවෙන් වෙහෙසීමට හැකියාව පවතින බවය. එමෙන්ම හිටපු සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා තනතුර සුහදශීලිව අත්හැරීමට එකඟවීම ලබා දුන් යහපත් ආදර්ශයක් වන බවත් ඒ අනුව ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායමට ඉදිරි වැඩකටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දීම සිදුකළ යුතු බවද ඒ මහතා මෙහිදී පැවසීය.…
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂිකරුවකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. අදාල නඩුවේ දොළොස්වන සාක්ෂිකරු අද (05) සාක්ෂි ලබා දීම සඳහා අධිකරණයේ පෙනී සිට නොමැති බව සඳහන් වෙයි. ඒ අනුව, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකර තිබේ.
ප්‍රබල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දිනේෂ් නිශාන්ත කුමාර නොහොත් “ගම්පහ බබා” ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(5) නියෝග කළා. එදිනට සැකකරුට අදාලව නීති විරෝධී ලෙස රටින් පැනයමට පෙර වෙනත් වැරදි මත අත්අඩංගුවට ගෙන නඩු ගොනුකර තිබේද යන්න පිළිබඳ විමර්ශනය කර සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍රිය අපරාධ විමර්ශන අංශයට නියෝග කළා. සිද්ධියට අදාල සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී නීතිඥවරිය කළ ඇප ඉල්ලීමට අදාල නියෝගය එම වාර්තාව ලැබීමෙන් පසුව ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැන්වූවා. මන්නාරම වෙරළක් හරහා නීති විරෝධී ලෙස බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලා ගොස්…
මුදල් විශුද්ධිකරණ පනත යටතේ තුස්තුන් කෝටියක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලොකු පැටී ලබන 15 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(5) නියෝග කළා. නීති විරෝධී වත්කම් ඒකකය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස නියෝග කළා. සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගන්දර දේවාලයේ කපුවා ඇතුලු දෙදෙනා පෙර නඩු දිනයේදි ඇප මත මුදා හැර තිබුණා. සිද්ධියට අදාල පළමු සැකකරු සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටියා. නඩුව ලබන 15 දින නැවත කැඳවිමට නියමිතයි.
– හර්ෂ ද සිල්වා – මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවැනි පාර්ශවයක් අතට පත්වූ බව කියන සිද්ධිය මහා හොරකමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ, අද (05) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට මූල්‍ය කළමනාකරණය පිළිබඳ නිසි පළපුරුද්දක් නොමැති බවත්, දක්ෂ පරිපාලන නිලධාරීන් වෙනුවට වෙනත් සේවාවල පිරිස් මෙවැනි තනතුරුවලට පත් කිරීමෙන් පද්ධතිය අඩපණ වී ඇති බවත්, ඔහු සඳහන් කරනවා. එසේම ද්විපාර්ශ්වික ණය සාකච්ඡා සඳහා පමණක් මැදිහත් විය හැකි විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, මෙම ගනුදෙනුවට සම්බන්ධ වූයේ ඇයිද යන්න පිළිබඳව මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළා. රජයේ…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා මහතා එළැඹෙන 07 සහ 08 යන දිනයන් හී මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. එහිදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි රාජ්‍ය සංචාරය අතරතුරදී අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත අතර එම ගිවිසුම් සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ. ඒ අනුව, යන ගිවිසුම් කිහිපය සඳහා අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමත් සමග ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදය යටතේ විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට අදියර 2ක් යටතේ වන්දි ලබාදීමට බලාපොරොත්තු වන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. එහි පළමු අදියර යටතේ මුළු වන්දි මුදලෙන් 50%ක් මහා භාණ්ඩාගාරයේ අරමුදල්වලින් ලබාදීමට කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ඊට අදාළ පත්‍රිකාව මේ වන විට කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අතර එළැඹෙන සතිය තුළ ඊට අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවය. ඒ අනුව මෙම…
– විපක්ෂය – රජය අධිකරණය ඉලක්ක කර ගනිමින් කරනු ලබන ප්‍රකාශ වහාම නතර කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් සිදු කරනු ලබයි. විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, පසුගිය මැයි රැලියේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතු බවය. මේ මස 25 වනදා අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නඩු තීන්දුවකින් අනතුරුව අත්පොලසන් නැගීමට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි. මෙම ප්‍රකාශය ස්වාධීන අධිකරණ ක්‍රියාදාමයට එල්ල කළ බරපතළ තර්ජනයක් බව ඔවුන් පෙන්වා දෙයි. අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීමට වචනයෙන් හා ක්‍රියාවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියා කළ යුතුය. අදාළ…
