Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් මි.මී 100 ඉක්මවු වැසි ගැනත් අනතුරු අඟවයි

    May 5, 2026

    අනුරාධපුර හිමිනමගෙන් පැය 03 ක් ප්‍රශ්න කෙරේ දැරියගේ පෙම්වතා අත්අඩංගුවට

    May 5, 2026

    චාමර සම්පත්ගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමේ ස්ථාවරය 12 වැනිදා දක්වන්න නියෝග

    May 5, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»අනුරාධපුර හිමිනමගෙන් පැය 03 ක් ප්‍රශ්න කෙරේ දැරියගේ පෙම්වතා අත්අඩංගුවට
    උණුසුම් පුවත්

    අනුරාධපුර හිමිනමගෙන් පැය 03 ක් ප්‍රශ්න කෙරේ දැරියගේ පෙම්වතා අත්අඩංගුවට

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 5, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුර පූජාභූමියේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකු විසින් 15 හැවිරිදි බාලවයස්කාර දැරියක්ව අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව, නඩුවට අදාළව සොයාගත් ජීව විද්‍යාත්මක සාක්ෂි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සම්පත් විදානආරච්චි මහතා ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර ඇත. ඊට අමතරව මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.

    මෙම වින්දිත දැරිය නිට්ටඹුව ප්‍රදේශයේදී ඇයගේ පෙම්වතා යැයි කියන 18 හැවිරිදි තරුණයෙකු සමඟ රැඳී සිටියදී පොලිස් භාරයට ගෙන ඇති අතර, එම තරුණයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව දැරිය ගම්පහ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඇය මෑත කාලයේදී සහ ඊට පෙර අවස්ථා කිහිපයකදීම දැඩි ලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව වෛද්‍ය පරීක්ෂණ වාර්තා මගින් තහවුරු වී තිබේ.

    පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දැරිය විසින් අනාවරණය කර ඇත්තේ, අනුරාධපුර පූජාභූමියේ පිහිටි අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම විසින් තමන්ව මුලින්ම අපයෝජනයට ලක් කළ බවයි. ඉන්පසුව සිය පෙම්වතා විසින් සහ මස්සිනා කෙනෙකු බව කියන පුද්ගලයෙකු විසින්ද තමන්ව දූෂණය කළ බව ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත. මෙම අපරාධය ස්ථාන කිහිපයකදී සිදුවී ඇති බැවින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අධිකරණයෙන් පොලිසියට අවසර ලබා දී තිබේ.

    සිද්ධියට අදාළව විමර්ශන සිදුකරන සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් අනුරාධපුරයට ගොස් දින කිහිපයක් එහි රැඳී සිටිමින් විමර්ශන සිදුකර ඇත. එහිදී චෝදනාවට ලක්ව සිටින විහාරාධිපති හිමිනමගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. තවද, අපරාධය සිදුවූ බව කියන විහාරස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සඳහා වින්දිත දැරියද එම ස්ථානයට රැගෙන ගොස් ඇති අතර, ත්‍රීරෝද රථ රියදුරන් ඇතුළු තවත් පාර්ශ්ව කිහිපයකින්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මූලික විමර්ශනවලදී දැරියගේ මව සහ පියා විසින් අදාළ විහාරාධිපති හිමිනමගෙන් විවිධ අවස්ථාවලදී විශාල මුදලක් ලබාගෙන ඇති බවද හෙළි වී ඇත.

    ගම්පහ ළමා හා කාන්තා කාර්යාංශය විසින් 1995 අංක 22 දරන පනතින් සංශෝධිත ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 364(2) සහ 365(ආ)(2)(අ) යන වගන්ති ප්‍රකාරව බී 22424/2026 දරන නඩු අංකය යටතේ මෙම අපරාධය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. වින්දිත දැරිය මේ වන විට විශේෂ ළමා නිවාසයක ආරක්ෂාව යටතේ රඳවා සිටින අතර, මෙම අපරාධයේ මූලාරම්භය අනුරාධපුරයෙන් සිදුවී ඇති බැවින්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් මි.මී 100 ඉක්මවු වැසි ගැනත් අනතුරු අඟවයි

    May 5, 2026

    චාමර සම්පත්ගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමේ ස්ථාවරය 12 වැනිදා දක්වන්න නියෝග

    May 5, 2026

    ඉරාන්ව පත්කිරීම නිවැරදි තීන්දුවක් – ඇමති නලින්ද ජයතිස්ස –

    May 5, 2026

    ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ සාක්ෂිකරුවෙකුට වරෙන්තු

    May 5, 2026

    ගම්පහ බබා ඇතුලු සැකකරුවන් තිදෙනා යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    ලොකු පැටී යළිත් රිමාන්ඩ්

    May 5, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් මි.මී 100 ඉක්මවු වැසි ගැනත් අනතුරු අඟවයි

    May 5, 2026

    අන්තර් නිවර්තන අභිසාරි කලාපය සහ ඒ ආශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ…

    අනුරාධපුර හිමිනමගෙන් පැය 03 ක් ප්‍රශ්න කෙරේ දැරියගේ පෙම්වතා අත්අඩංගුවට

    May 5, 2026

    චාමර සම්පත්ගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමේ ස්ථාවරය 12 වැනිදා දක්වන්න නියෝග

    May 5, 2026

    ඉරාන්ව පත්කිරීම නිවැරදි තීන්දුවක් – ඇමති නලින්ද ජයතිස්ස –

    May 5, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් මි.මී 100 ඉක්මවු වැසි ගැනත් අනතුරු අඟවයි

    May 5, 2026

    අනුරාධපුර හිමිනමගෙන් පැය 03 ක් ප්‍රශ්න කෙරේ දැරියගේ පෙම්වතා අත්අඩංගුවට

    May 5, 2026

    චාමර සම්පත්ගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමේ ස්ථාවරය 12 වැනිදා දක්වන්න නියෝග

    May 5, 2026

    ඉරාන්ව පත්කිරීම නිවැරදි තීන්දුවක් – ඇමති නලින්ද ජයතිස්ස –

    May 5, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් මි.මී 100 ඉක්මවු වැසි ගැනත් අනතුරු අඟවයි

    May 5, 2026

    අනුරාධපුර හිමිනමගෙන් පැය 03 ක් ප්‍රශ්න කෙරේ දැරියගේ පෙම්වතා අත්අඩංගුවට

    May 5, 2026

    චාමර සම්පත්ගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමේ ස්ථාවරය 12 වැනිදා දක්වන්න නියෝග

    May 5, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.