Author: Bandara Senanayaka

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවැනි පාර්ශවයක් අතට පත්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි පාර්ලිමේන්තු විවාදය අද (05) ප.ව. 3.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට ආණ්ඩු පක්ෂයේ එකඟතාව හිමිව තිබෙනවා. මේ පිළිබඳව විවාදයක් අවශ්‍ය බවට විපක්ෂ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගී සිට කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළ අතර, එහිදී මුලින් එකඟතාව පළ වුණේ පැය දෙකක විවාදයක් පැවැත්වීමටයි. කෙසේ වෙතත්, පසුව පැය එකහමාරක කාලයක් පැවැත්වීමටයි එකඟතාව පළ වුණේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තමිල්නාඩු මැතිවරණයෙන් ජයගත් තලපති විජේට සිය සුබාශිංසන එක් කර තිබේ. සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත. – උපුටා ගැනීම – “අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් සී. ජෝසප් විජේ මහතාට සුබ පැතුම්! සැබෑ කාර්යය දැන් ආරම්භ වන අතර, ඉදිරි අභියෝග ජය ගැනීමට සහ ජනතාවට අර්ථවත් ප්‍රතිලාභ ලබා දීමට ඔබට සහ ඔබේ කණ්ඩායමට ශක්තිය සහ අධිෂ්ඨානය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. ජාතීන් දෙකෙහිම ජනතාවට බලපාන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සහ වඩාත් ධනාත්මක සම්බන්ධතාවයක් බලාපොරොත්තු වෙමි. ඔබට සහ ඔබේ කණ්ඩායමට මගේ සුබ පැතුම්… – උපුටා ගැනීම අවසන් –

Read More

TVK නායක විජේ විසින් සිය පෞද්ගලික රියැදුරුගේ පුත්‍රයාට ප්‍රාන්ත සභා (MLA) අපේක්ෂකත්වය ලබා දුන් අතර, ඔහු විරුගම්බාක්කම් (Virugambakkam) ආසනය ජයග්‍රහණය කර තිබෙනවා. EVM ගණන් කිරීමේ වට 24ම අවසානයේ ආර්. සබරිනාදන් (Sabarinathan R) මෙම ජයග්‍රහණය තහවුරු කර ගෙන ඇති බව සඳහන්. ඔහු ඡන්ද 76,092ක් ලබා ගත් අතර, ඔහුගේ සමීපතම ප්‍රතිවාදියාට වඩා ඡන්ද 27,086ක බහුතරයකින් ජයග්‍රහණය කර තිබෙනවා. DMK අපේක්ෂක ප්‍රභාකර රාජා ඡන්ද 49,006ක් ලබා දෙවැනි ස්ථානයට පත් වූ අතර, AIADMK අපේක්ෂක විරුගෙයි වී.එන්. රවී ඡන්ද 38,767ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත්වුණා. -The Times of India-

Read More

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (5) නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරිර ඇප 3ක් මතයි. සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයෙක් ද අධිකරණයෙන් නිකුත් කෙරුණා. මෙම නඩුකරය ඉකුත් 28 වැනදා කැඳවූ අවස්ථාවේදී සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්කුසලරත්න විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා. ‍ එම…

Read More

හෝමුස් සමුද්‍ර සන්ධියේදී අමෙරිකානු හමුදාවේ ඉලක්ක බවට පත්වූ ඉරාන යාත්‍රා හය, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) අයත් යාත්‍රා නොව භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය කළ සිවිල් යාත්‍රා බවත්, එම ප්‍රහාරයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බවත්, ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. තස්නිම් (Tasnim) පුවත් ඒජන්සිය වෙත අදහස් දැක්වූ හමුදා නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකානු වාර්තාවලින් පසුව ඉරාන බලධාරීන් පරීක්ෂණයක් පවත්වන ලද බවයි. එහිදී අනාවරණය වී ඇත්තේ, ඕමාන වෙරළ තීරයේ පිහිටි කසාබ් (Khasab) සිට ඉරාන වෙරළ දෙසට ගමන් කරමින් තිබූ සිවිල් වැසියන් රැගත් කුඩා භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා දෙකකට අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති බවයි. “සතුරාගේ මෙම හදිසි සහ අදූරදර්ශී හැසිරීමට…

Read More

17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු විජේගේ TVK පක්ෂය දැවැන්ත ජයක් ලබා ගෙන තිබේ. දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ DMK සහ AIADMK පක්ෂවල ආධිපත්‍යය බිඳ දැමීමට මෙමගින් ඔහු සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම මැතිවරණයේ දී DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇති අතර AIADMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත් ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ TVK පක්ෂය ප්‍රාන්තය පුරා ඡන්ද කෝටි 1.6කට වඩා ලබා ගනිමින් 35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බවය. කෙසේවෙතත් තමිල්නාඩු ප්‍රාන්තයේ බලය පිහිටුවීම…

Read More

මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 77ක් හෙරොයින් ග්‍රෑම් 60ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 508,100.00ක මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21ක් වන කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

නොච්චියාගම, ඔයාමඩුව මාර්ගයේ රනෝරාව රක්ෂිත ප්‍රදේශයේ මාර්ගයට ආසන්නයේ පිළිස්සෙමින් තිබිය දී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ. මෙම මෘත ශරීරය හඳුනාගත නොහැකි ආකාරයට පාදවල දණහිස් දක්වාම පිළිස්සී ඇති බව පොලීසිය පැවසීය. කෙසේවෙතත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම මළසිරුරෙහි දකුණු අතේ මැදගිල්ලේ මුදුවක් තිබී හමු වූ බවය. මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර නොච්චියාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

දීර්ඝ කාලයක් අඩපණව පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය යළි ආරම්භ කිරීමට කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. මෙම නඩුව මීට පෙර විභාග කරන ලද්දේ නාමල් බලල්ලේ , මහේන් වීරමන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය. නමුත් නාමල් බලල්ලේ විනිසුරුවරයා විනය පරීක්ෂණයක් හේතුවෙන් වැඩතහනමට ලක්වීම නිසාත්, මහේන් වීරමන් විනිසුරුවරයා විශ්‍රාම යාම නිසාත් මෙම නඩු විභාගය මාස ගණනාවක් අඩාල වී තිබුණි. මේ හේතුවෙන් මෙම නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ. ඒ අනුව…

Read More

මේ වසරේ ජූලි මස පළමුවන දිනට පෙර දිවයිනේ සියලු පෙරපාසල් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ ඉදිරියේ දී පෙරපාසලක් ආරම්භ කිරීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බවය. පෙර පාසල් අධ්‍යාපනය සඳහා වන වැඩපිළිවෙළ අමාත්‍යංශයේ විෂය පථයත් සමග ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබදව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මේ බව සඳහන් කළාය.

Read More