Author: Bandara Senanayaka

දීර්ඝ කාලයක් අඩපණව පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය යළි ආරම්භ කිරීමට කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. මෙම නඩුව මීට පෙර විභාග කරන ලද්දේ නාමල් බලල්ලේ , මහේන් වීරමන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය. නමුත් නාමල් බලල්ලේ විනිසුරුවරයා විනය පරීක්ෂණයක් හේතුවෙන් වැඩතහනමට ලක්වීම නිසාත්, මහේන් වීරමන් විනිසුරුවරයා විශ්‍රාම යාම නිසාත් මෙම නඩු විභාගය මාස ගණනාවක් අඩාල වී තිබුණි. මේ හේතුවෙන් මෙම නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ. ඒ අනුව…

Read More

මේ වසරේ ජූලි මස පළමුවන දිනට පෙර දිවයිනේ සියලු පෙරපාසල් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ ඉදිරියේ දී පෙරපාසලක් ආරම්භ කිරීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බවය. පෙර පාසල් අධ්‍යාපනය සඳහා වන වැඩපිළිවෙළ අමාත්‍යංශයේ විෂය පථයත් සමග ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබදව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මේ බව සඳහන් කළාය.

Read More

හෝමූස් සමුද්‍ර සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති අමෙරිකානු නෞකා ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කර දමන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත. විදෙස් මාධ්‍ය නාලිකාවක් සමඟ පැවැති දුරකතන සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරාන සාකච්ඡාකරුවන් පෙරට වඩා නම්‍යශීලී වී ඇති බවය. මීට පෙරද ට්‍රම්ප් මෙවැනිම තර්ජන එල්ල කර තිබූ අතර පසුගිය මාසයේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු කියා සිටියේ සම්පූර්ණ ශිෂ්ටාචාරයක් විනාශ වනු ඇති බවය. ටෙහෙරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු හමුදාව විසින් ඉරාන බෝට්ටු හතක් වෙඩි තබා බිම හෙළූ බව ජනාධිපතිවරයා සිය ටෘත් සෝෂල් වෙබ්…

Read More

අන්තර් නිර්වතන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළ අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ හේතුවෙන් හෙට (06) දිනයෙන් පසු දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවටයි එහි සඳහන් වෙන්නේ. එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (05) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට සඳහන් වෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුළින් බරව පවතින අතර, උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත්…

Read More

කොස් ගෙඩියක් කැඩීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් පියෙකු විසින් යකඩ පොල්ලකින් පහරදී සිය දියණිය ඝාතනය කිරීමේ පුවතක් කළුතර උතුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ, මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර බෝසිරිපුර පදිංචිව සිටි 35 හැවිරිදි දිලිනි මධුෂිකා නමැති එක්දරු මවක බවයි. පොලිසිය පවසන පරිදි දියණිය සහ පියා යාබද නිවෙස්වල පදිංචිව සිට ඇති අතර, ඔවුන් අතර කලක පටන් පැවති පවුල් ආරවුලක් හේතුවෙන් දියණිය සිය නිවසින් තාවකාලිකව ඉවත්ව ගොස් තිබෙනවා. ඊයේ (04) පෙරවරුවේ පියා විසින් දියණිය පදිංචිව සිටි ඉඩමේ කොස් ගසකින් ගෙඩියක් කඩා ඇති බවත්, ඒ පිළිබඳව අසල්වැසියෙකු දියණියට දුරකථනයෙන් දැනුම් දී ඇති අතර, එම පුවත සැලවීමත් සමග…

Read More

පාර්ලිමේන්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (05) රැස්වනවා. ඒ අනුව, එහිදී කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ වූ නියමයන් 04ක් සහ නියෝගයක් විවාදයට ගැනීමට නියමිතයි. එමෙන්ම මේ මස 08 වැනිදා දිවයිනට පැමිණෙන වියට්නාම ජනාධිපති ටෝලාම් එදින පෙරවරුවේ පාර්ලිමේන්තුව ඇමතිීමටද නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ.

Read More

වැල්ලවාය මහ ආරගම් සිරිපුර ප්‍රදේශයේදී ඊයේ (03දා) උදෑසන සිදු වූ රිය අනතුරකින් දහම් පාසල් ශිෂ්‍යාවකට දිවි අහිමි වී ඇත මේ ලෙස දිවි අහිමි වී ඇත්තේ ඇත්තේ මහ ආරගම සිරිපුර පදිංචි බුදුරුවගල විද්‍යාලයේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම් ලබන ආර්.එම්. සදිලි නිපුනිකා (14) නැමති ශිෂ්‍යාවකි. ඇය වෙහෙරයාය ගංගාරාම් විහාරස්ථානයේ දහම් පාසලට සිය සහෝදරයා සමඟ යතුරු පැදියකින් යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි වැල්ලවාය ලංගම ඩිපෝවට අයත් බස් රථයක ගැටී ඇත. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා දහම් පාසල් ශිෂ්‍යාව හඳපානාගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුට ශිෂ්‍යාව අවසන් හුස්ම හෙලා තිබේ. බස් රථයේ රියදුරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඇයගේ ම#ර#ණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ආසන්න හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියාවට අයත් ‘HMM Namu’ නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සැක කෙරෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිදුවීමට සුළු වේලාවකට පෙර එම මුහුදු සීමාවේදීම ADNOC ආයතනයට සම්බන්ධ තෙල් ප්‍රවාහන නෞකාවකට ද ප්‍රහාරයක් එල්ල වූ බවට එක්සත් අරාබි එමීර් බලධාරීන් වාර්තා කර තිබූ බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට මෙලෙස එල්ල වන ප්‍රහාර හේතුවෙන් කලාපයේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවදානමක් මතු වී තිබෙනවා.

Read More

වසර 50ක ඉතිහාසය තුළ පළමු වතාවට ඉන්දියාවේ කිසිදු ප්‍රාන්තයක කොමියුනිස්ට් පාලනයක් නොමැති තත්ත්වයක් උදාවෙමින්, කේරළ ප්‍රාන්ත සභා මැතිවරණයෙන් පාලක වාම ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (LDF) පරාජයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රකාශිත නිල නොවන වාර්තාවලට අනුව, අප්‍රේල් 9 වන දින පැවැති මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී කොංග්‍රසය ප්‍රමුඛ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (UDF) පැහැදිලි ඉදිරියක් ලබාගෙන තිබෙනවා. කේරළ ප්‍රාන්ත සභාවේ මුළු ආසන 140න් ආසන 100ක බලය තහවුරු කරගැනීමට කොංග්‍රසය ප්‍රමුඛ UDF සන්ධානය සමත්ව ඇති අතර, පින්යාරායි විජයියන්ගේ නායකත්වයෙන් යුත් පාලක LDF සන්ධානයට ලබාගත හැකි වී ඇත්තේ ආසන 40ක් පමණයි. මෙම පරාජයත් සමඟ 1977 වසරෙන් පසු ඉන්දියාවේ කිසිදු ප්‍රාන්තයක කොමියුනිස්ට් මහ ඇමතිවරයෙකු නොමැති…

Read More

තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී ආසන 100ක සීමාව අභිබවා යමින් ඉතිහාසගත ජයග්‍රහණයක් කරා ගමන් කරන සුපිරි නළු විජේ ප්‍රමුඛ ‘තමිලග වෙට්ට්‍රි කලගම්’ (TVK) පක්ෂයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සුබපැතුම් එක් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා සිය නිල X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින්, TVK පක්ෂය මෙවර මැතිවරණයේදී පෙන්වූ සුවිශේෂී දස්කම් පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. නිල මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමටත් පෙරම අග්‍රාමාත්‍යවරයා මෙලෙස සුබපැතුම් එක් කිරීම විශේෂත්වයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. එමෙන්ම, තමිල්නාඩු මැතිවරණයේදී NDA සන්ධානයට සහය දැක්වූ ඡන්දදායකයින්ට සිය කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍යවරයා, තමිල්නාඩුවේ ප්‍රගතිය සහ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් මධ්‍යම රජය උපරිමයෙන් කැපවන බව ද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Read More