වැල්ලවාය මහ ආරගම් සිරිපුර ප්‍රදේශයේදී ඊයේ (03දා) උදෑසන සිදු වූ රිය අනතුරකින් දහම් පාසල් ශිෂ්‍යාවකට දිවි අහිමි වී ඇත
මේ ලෙස දිවි අහිමි වී ඇත්තේ ඇත්තේ මහ ආරගම සිරිපුර පදිංචි බුදුරුවගල විද්‍යාලයේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම් ලබන ආර්.එම්. සදිලි නිපුනිකා (14) නැමති ශිෂ්‍යාවකි.
ඇය වෙහෙරයාය ගංගාරාම් විහාරස්ථානයේ දහම් පාසලට සිය සහෝදරයා සමඟ යතුරු පැදියකින් යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි වැල්ලවාය ලංගම ඩිපෝවට අයත් බස් රථයක ගැටී ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා දහම් පාසල් ශිෂ්‍යාව හඳපානාගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුට ශිෂ්‍යාව අවසන් හුස්ම හෙලා තිබේ.
බස් රථයේ රියදුරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇයගේ ම#ර#ණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. කුඩාඔය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

