පසුගිය 29 දා කඩවත පොලිස් බල ප්‍රදේශයට අයත් පාසලක පාසල් වාර විභාගය පැවැත්වෙමින් තිබියදී ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියමින් සිටි කඩවත ප්‍රදේශයේ මිශ්‍ර පාසලක 10 වැනි ශ්‍රේණියේ සිසුන්ගේ හිසකෙස් පිළිතුරු පත්‍රය මතට කපා දම්මින් දරුවන්ගේ මානසිකත්වය බිඳහෙළමින් කටයුතු කළ පාසලේ විනය භාර ආචාර්යවරියක පිළිබඳව තොරතුරු වාර්තාවී ඇත.
මෙම සිදුවීමෙන් සිසුන් දැඩි මානසික අපහසුතාවකට පත්ව ඇතැයි දෙමාපියන් කැළණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කර ඇත.
මෙම පාසලේ 10 වැනි ශ්‍රේණියේ පංති හතරක් ඇති අතර මෙම පංති හතරේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් දෙදෙනකු හැර අන් සියලුම සිසුන්ගේ හිසකෙස් මෙලෙස විනය භාර ගුරුවරිය විසින් කපා දමා ඇත.
සිසුන් නිවසට පැමිණ දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලාගෙන බාබර් සාප්පුවට ගොස් හිසකෙස් නිසි පරිදි කපන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ කරණවෑමියා විමතියට පත්ව අපිළිවෙළට කපාදමා තිබූ හිසකෙස් යළි සකස් කිරීම් අපහසු බව පවසා දොස් පවරා ඇතැයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වී ඇත.
විනය භාර ආචාර්යවරියගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද දෙමාපියන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
කාන්තා ආචාරවරියක් සිසුවාගේ කොන්ඩය කපයි ගුරුතුමියක්
ශ්‍රී ලංකාවේ කඩවත ප්‍රදේශයේ මිශ්‍ර පාසලක 10 වැනි ශ්‍රේණියේ පාසල් වාර විභාගය පැවැත්වෙමින් තිබියදී ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියමින් සිටි සිසුන්ගේ හිසකෙස් පිළිතුරු පත්‍රය මතට වැටෙන සේ විනය භාර ආචාර්යවරියක කතුරකින් කපා දම්මින් දරුවන්ගේ මානසිකත්වය බිඳහෙළයි

