Author: Bandara Senanayaka

පසුගිය 2022 වසරේ ජූලි මස 25 වනදා අරගලකරුවන්ට පහරදුන් බව කියන සිද්ධියේ හිටපු ඇමැති සනත් නිශාන්ත ඇතුලු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ ඇප නොදෙන ලෙස ඉල්ලමින් කොටුව අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළ බවට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇතුලු අයවළුන්ට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා අගෝස්තු මස 17 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (04) නියෝග කළා. නඩුව කැඳවූ අවස්ථාවේදී කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිපති උපදෙස් සදහා යොමු කර ඇතැයි දන්වා සිටියා. පසුගිය නඩු දින අධිකරණය හමුවේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ වෛද්‍ය…

Read More

දෙමටගොඩ දුම්රිය ස්ථානයේ සිදුවූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මරදාන සිට දකුණු කළුතර සහ කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වන දුම්රිය ගමන් වාර ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, පීලි පැනීමට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Read More

මෙරට මත්පැන් පරිභෝජනය ඉහළ යමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි. 2025 වසරේ දත්තවලට අනුව බියර් නිෂ්පාදනය 5%න් සහ මධ්‍යසාර නිෂ්පාදනය 17%න් ඉහළ ගොස් ඇති අතර ඒ හරහා මධ්‍යසාර පරිභෝජනය ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂණය වන බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි. 2024 වසර ආරම්භයේ සිදුවූ සංශෝධනයෙන් පසු මේ දක්වා මධ්‍යසාර මිලෙහි සංශෝධනයක් සිදු නොවීම මෙම තත්ත්වයට බලපාන ප්‍රධානතම සාධකය වී ඇති බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි. උද්ධමනය සහ පුද්ගල ආදායම් වර්ධනයට සාපේක්ෂව මධ්‍යසාර මිල ස්ථාවරව පැවතීම හේතුවෙන් මධ්‍යසාර මිලදී ගැනීමේ හැකියාවේ විශාල වර්ධනයක් සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි. මෙම කාලය…

Read More

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තුළ වෙඩි වැදී ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීව නමැත්තාගේ කොන්ත්‍රාක් වෙඩික්කරු යැයි සැලකෙන හිටපු යුද හමුදා සෙබළෙකු වන මහේෂ් ඔබේසේකර ලබන 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(4) නියෝග කළා. සිද්ධියට අදාල වැඩිදුර වාර්තාවක් අධිකරණට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව මෙලෙස නියෝග කලා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙම සැකකරු මේ වන විට රඳවා තබාගෙන ප්‍රශ්න කළ බවයි. එහිදී අනාවරණය වූ කරුණු අනුව මෙම සැකකරු පාතාල කල්ලි නායකයන් බොහෝ දෙනකු සමඟ සබඳතා පවත්වා ඇති බවත් ඔහු පදිංචි නිවසේ තිබි යුධ…

Read More

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඇමරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව ඉරානයේ ‘ෆාර්ස්’ (Fars) පුවත් ඒජන්සිය වාර්තා කරනවා. දේශීය මූලාශ්‍ර උපුටා දක්වමින් ඉරානය පවසන්නේ, ජස්ක් (Jask) දූපත ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවට ගමන් නවත්වන ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (Revolutionary Guard) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ බවයි. එම අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්. මෙම වාර්තාගත ප්‍රහාරය එල්ල වී ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකාවන්ට ආරක්ෂිතව පිටතට පැමිණීම සඳහා මඟ පෙන්වීමට ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ නමින් විශේෂ මෙහෙයුමක් ලබන සඳුදා සිට ආරම්භ කරන බව…

Read More

දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීමේ (Online Sheet Booking) පහසුකම සපයා ඇති බව මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. දුරගමන් යන මගීන්ට www.busticket.gov.lk වෙබ් අඩවියට පිවිස හෝ 0112 001 266 යන ක්ෂණික දුරකතන අංකය මගින් ආසන වෙන්කරවා ගැනීමට අද සිට හිමිවන බවයි අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ. අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ, ‘මගනැගුම මහමැදුර’ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී අද දින (04) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීමේ (Online Sheet Booking) පහසුකම දැන් තියෙනවා. නියමු ව්‍යාපෘතියක් හැටියට අපි මේක ආරම්භ කලේ පෞද්ගලික බස් රථවලින්. මේනිසා මගීන්ට…

Read More

හදිසි රෝගියෙකු රෝහල්ගත කිරීම සඳහා මාන්කුලමේ සිට සෙල්වපුරම් ගම්මානය දක්වා ගිය 1990 ගිලන් රථයක රියදුරුට හා සහායකවරයාට ඉකුත් 02 දා සවස පිරිසක් විසින් පහර දී තිබේ. පහර කෑමෙන් තුවාල ලැබූ රියදුරා හා සහායකයා මාන්කුලම රෝහලට ඇතුළත් කොට තිබේ. මාන්කුලම පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ රෝගියාගේ ඥාතීන් දෙදෙනකු හා ඔවුන්ගේ හිතවතුන් පිරිසක් ගිලන් රථ රියදුරාට හා සහායකයාට ප්‍රහාර එල්ල කොට ඇත්තේ රෝගියා රැගෙන යෑමට ගිලන් රථය පැමිණීමට වූ ප්‍රමාදය නිසා බවයි. සිද්ධියට සම්බන්ධ හය දෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර වැරදි කරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට පොලීසිය පියවර ගෙන ඇත.

Read More

ඇමරිකාවේ, ඔක්ලහෝමා ප්‍රාන්තයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. සාදයක් අතරතුර එම වෙඩි තැබීම සිදුව ඇති අතර තුවාලකරුවන් එරට ආරක්ෂක අංශ විසින් රෝහල් ගතකිරීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත්, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම, වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් ද මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

Read More

හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකා මුදාගැනීම සඳහා ඇමරිකානු හමුදා මැදිහත් වුවහොත් ඔවුන්ට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය විසින් අනතුරු අඟවා තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකාවලට ආරක්ෂාව සපයමින් පිටතට රැගෙන ඒමට ඇමරිකාව කටයුතු කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් අනතුරුවයි ඉරානය මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ. ඇමරිකානු ජනාධිපතිවරයා එම මෙහෙයුම හඳුන්වනු ලැබුවේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් ලෙසයි.

Read More

නිරිතදිග මෝසම සමඟ ඉදිරියේදී එල්ලිනෝ තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ මේ හේතුවෙන් නිරිත දිග මෝසම් වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවය. එමෙන්ම මැයි 15න් පසුව නිරිත දිග මෝසමේ කාලපරිච්චේදයට අනුරූපව සුළං හමන රටාවෙහි ද වෙනස්වීමක් අපේක්ෂා කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එහිදී අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා, ”ඉදිරියේ අපිට එළඹෙන්නේ නිරත දිග මෝසම් කාල පරිච්ඡේදය.. ඒක මැයි මාසයේ ඉඳන් සැප්තැම්බර් වෙනකල් තියෙනවා.. මේ නිරිත දිග මෝසම ආරම්භ වන විට අපිට පැහැදිලිව පේනවා මැයි මාසයේ ඉඳන් ක්‍රම ක්‍රමයෙන් එල්ලිනෝ තත්ත්වයක් වර්ධනය වන බව..…

Read More