ඇමරිකාවේ, ඔක්ලහෝමා ප්‍රාන්තයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
සාදයක් අතරතුර එම වෙඩි තැබීම සිදුව ඇති අතර තුවාලකරුවන් එරට ආරක්ෂක අංශ විසින් රෝහල් ගතකිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම, වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් ද මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

