Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත් කිරීම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්

    May 4, 2026

    විශේෂ පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයටපරිගණක යන්ත්‍ර විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

    May 4, 2026

    වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් විපක්ෂනායක X පණිවිඩයක් තබමින් කියයි

    May 4, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත් කිරීම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්
    උණුසුම් පුවත්

    ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත් කිරීම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 4, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සම්බන්ධීකාරකවරුන් පත් කිරීම හරහා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට ඉදිරියේදී බරපතළ බලපෑමක් සිදුවිය හැකි බැවින් එම තීරණය ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීයලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ලේකම්වරයා වෙතින් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
    එම සංගමයේ සභාපති ආර්. සෙන්තිල් සහ ලේකම් ආර්. එම්. නුවන් සි. හේමකුමාර යන මහත්වරුන්ගේ අත්සනින් යුතු ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ මෙසේද සඳහන් වේ.

    උක්ත කරුණ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් ඇමතු ඔබේ අංක PS/CSL/01/02 හා 2026.03.20 දිනැති ලිපිය හා එම ලිපියට අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දෙමින් නිකුත් කර ඇති ලිපිය හා බැඳේ.

    රාජ්‍ය සේවය තුළ පරිපාලන යාන්ත්‍රණය මනාව මෙහෙය වීම සඳහා අප රට තුළ විධිමත් යාන්ත්‍රණයක් අනාධිමත් කාලයක සිට ස්ථාපිතව ඇති අතර එය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාරියාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම මෙන්ම ග්‍රාම නිලධාරි වසම් මට්ටම දක්වා දිවයන ප්‍රශස්ත ක්‍රියාකාරි ව්‍යුහයක් වේ. මෙහිදී මෙම ව්‍යුහයේ ක්‍රියාකාරිත්වය හා ගැටලු පරීක්ෂා කර නිවැරදි කිරිම සඳහා අභ්‍යන්තර විගණන ඒකක, ජාතික විගණන ඒකක මෙන්ම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා ඒ ඒ විෂයන්හි ප්‍රගතිය විමසීමේ විශේෂ කමිටු ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් මෙන්ම ජාතික මට්ටමින් ද ක්‍රියාත්මක වේ.

    වර්තමාන රජයේ ප්‍රධාන වැඩ සටහන් අතර කලින් ශ්‍රී ලංකා වැඩසටහන ප්‍රධාන වැඩ සටහනක් ලෙස ක්‍රියාවට නැංවීමේදී එහි ක්‍රියාකාරි වැඩ කොටස් ඉටු කිරීමට නිශ්චිත රාජ්‍ය නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාරියාල මට්ටමින් අනුයුක්ත කර ඊට අදාළ වැඩ කොටස් මේ වන විටත් ක්‍රියාවට නැංවෙන අතර දැනටමත් ස්ථාපිත ප්‍රජා සංවර්ධන කමිටු මෙන්ම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා මෙම වැඩ සටහන් සමාලෝචනය කර කාරියක්ෂමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව හා ඉඩකඩ මේ වන විට ද පවතී.

    කෙසේ වෙතත් උක්ත ඔබේ ලිපිය අනුව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ක්ලින් ශ්‍රී ලංකා වැඩ සටහන සම්බන්ධව සම්බන්ධීකාරකවරුන් පත් කර ඇති බැවින් ඔවුන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ භෞතික පහසුකම් සැපැයීමත් ඒ සම්බන්ධයෙන් නිලධාරියෙකු අනුයුක්ත කර පහසුකම් සපයන ලෙසත් දන්වා ඇත.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනු ප්‍රදේශයේ ජනතාව සමග ඉතා සමීපව සේවා සැපැයීම් හා සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ආයතනයක් වන අතර එහිදී ප්‍රශස්ත මපවමින් සියලු දෙනාටම කිසිදු ජාතික, ආගමික හෝ දේශපාලන භේදයකින් තොරව සේවා සැපැයීමත්, ඒ අනුව සැමගේ පිළිගැනීමට ලක් වූ ආයතන ව්‍යුහයක් ලෙසත් මෙම ව්‍යුහය මේ වන විටද ක්‍රියාත්මක වේ.

    මෙහිදී ඉතා සුළුතරයක් නිලධාරීන් එදා සිට මේ දක්වාම පුද්ගලබද්ධව යම් යම් පක්ෂග්‍රාහී ක්‍රියාකාරකම් සිදු කර ඇතත් පොදුවේ. මෙම ව්‍යුහය ස්වාධීන ආයතන ව්‍යුහයක් හා නිර්දේශපාලන ව්‍යුහයක් ලෙස ක්‍රියාත්මක වන බව සඳහන් කළ යුතුය.

    වර්තමාන රජය බලයට පත්වීමේදි රාජ්‍ය ආයතන වල ස්වාධීන ක්‍රියාකාරිත්වයට බාධා වන කිසිදු ක්‍රියාකාරිත්වයක් සිදු නොවන බවත් වඩාත් කාරියක්ෂමව මහජන සේවාවක් සැපැයීම රජයේ අරමුණ බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් රාජ්‍ය සේවය වෙත ලබාදීම රජයේ ප්‍රතිපත්තියක් බවත් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින්ම අවධාරණය කරන ලදී.

    කෙසේ වෙතත් දේශපාලනය ඍජුවම සම්බන්ධ මෙම ක්ලින් ශ්‍රී ලංකා සම්බන්ධීකරණ නිලධාරියකු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පත් කිරීම හා රාජ්‍ය නිලධාරියකු ඔහු හෝ ඇය වෙත අනුයුක්ත කිරීමට උපදෙස් ලබාදීම තුළ මෙම ස්වාධීන ක්‍රියාකාරිත්වය බරපතළ ලෙස අභියෝගයට ලක් කර ඇති බව පෙන්වා දෙනු කැමැත්තෙමු. තවද රාජ්‍ය නිලධාරියකු නොවන තැනැත්තෙක් සඳහා රජයේ අරමුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම නෛතිකව ද ගැටලුසහගතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    විශේෂ පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයටපරිගණක යන්ත්‍ර විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

    May 4, 2026

    වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් විපක්ෂනායක X පණිවිඩයක් තබමින් කියයි

    May 4, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු තලපති විජේ පෙරමුණට

    May 4, 2026

    එන මාසේ නඩු තීන්දුව ජනාධිපති දැන්ම කියන්නේ කොහොමද? නීතිඥ මෛත්‍රී ගුණරත්න

    May 4, 2026

    චෙම්මනි සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගනී

    May 4, 2026

    මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

    May 4, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත් කිරීම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්

    May 4, 2026

    පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සම්බන්ධීකාරකවරුන් පත් කිරීම හරහා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට…

    විශේෂ පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයටපරිගණක යන්ත්‍ර විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

    May 4, 2026

    වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් විපක්ෂනායක X පණිවිඩයක් තබමින් කියයි

    May 4, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු තලපති විජේ පෙරමුණට

    May 4, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත් කිරීම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්

    May 4, 2026

    විශේෂ පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයටපරිගණක යන්ත්‍ර විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

    May 4, 2026

    වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් විපක්ෂනායක X පණිවිඩයක් තබමින් කියයි

    May 4, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු තලපති විජේ පෙරමුණට

    May 4, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත් කිරීම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්

    May 4, 2026

    විශේෂ පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයටපරිගණක යන්ත්‍ර විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

    May 4, 2026

    වැට් බදු සංශෝධනය ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක් විපක්ෂනායක X පණිවිඩයක් තබමින් කියයි

    May 4, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.