Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළ තුළ හයවන අදියරේ කැණීම් කටයුතු හයවන දිනයටත් ඊයේ (03) පවත්වා ඇති අතර එහිදී තවත් මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන තිබේ. ඉන් මිනිස් සිරුරු 243කට අදාළ අස්ථි කොටස් ගොඩගැනීම සිදුකළ බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ.නිරංජන් මහතා පැවසීය. චෙම්මනි සමූහ මිනිවළ හයවන අදියර කැනීම් කටයුතු පසුගිය අප්‍රේල් 27වැනිදා යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කෙරිණ. යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළ පස්වන අදියර කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06වැනිදා නවතා දැමු බව සමූහ මිනිවළ කැනීම් නිලධාරීන් පැවසීය. පස්වන අදියර කැනීම් කටයුතු අවසන් වන විට සමූහ…
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති රාජ්‍ය නායක හමුවෙන් පසුව අවබෝධතා ගිවිසුම් 7ක් සඳහා අත්සන් තබා තිබේ. ඒ අනුව සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය , ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශවල කේෂ්ත්‍රවල සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුම්වල මෙලෙස අත්සන් තබා ඇති බවද සඳහන්.
අතුරුගිරිය – කොට්ටාව මාර්ගයේ පරණ හන්දිය ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය කළ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් සිදු වූ අනතුරින් පැදිකරු සහ පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පරිගණක විද්‍යාව පිළිබඳ උපාධියක් සදහා ඉගෙනුම ලබමින් අවුරුදු 20ක තරුණයෙක් සහ හෝමගම ප්‍රදේශයේ ගරාජයක සේවය කරමින් සිටි තරුණයෙක්. මියගිය තරුණයින් දෙදෙනා තවත් යතුරුපැදිකරුවන් පිරිසක් සමග කොට්ටාව දෙස සිට අතුරුගිරිය දෙසට අළුයම 2ට පමණ පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුරින් පසු බරපතල තත්වයේ සිටි තුවාලකරුවන් දෙදෙනා හෝමගම මූලික රෝහලට ඇතුලත් කිරීමට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බවයි වාර්තා වෙන්නේ.
තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිලිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මේ වන විට ආරම්භ වී තිබේ. නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුව දෙරටේ නායකයින් ඒකාබද්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටද නියමිතව තිබේ. දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂිතය. තවද විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිඹිබු කරමින් ඒ මහතාගේ මෙම සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද අත්සන් කෙරෙනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ලබන…
තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. ඒ අනුව පෙරවරු 10.00 වන විට තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කලගම් (TVK) පක්ෂය ආසන 85ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මහ ඇමති ස්ටාලින් නායකත්වය දෙන ද්‍රාවිඩ මුන්නේට්‍ර කලගම් (DMK) පක්ෂය ආසන 77ක් දිනගෙන ඇති අතර සමස්ත ඉන්දියා අන්නා ද්‍රාවිඩ මුන්නේට්‍ර කලගම් (AIADMK) පක්ෂය ආසන 54ක් දිනාගෙන තිබෙනවා
මුලතිව්, කල්ලප්පාඩු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. අදාළ ධීවරයින් දෙදෙනා පසුගිය 02 වනදා පෙරවරුවේ කල්ලපාඩු වෙරළ තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණි. කෙසේ වෙතත් ඊයේ දිනය වන තුරුත් ඔවුන් නැවත ගොඩබිමට පැමිණ නොමැති බව අතුරුදන්වූ ධීවරයින්ගේ ඥාතීන් පවසයි. මේ සම්බන්ධව ඥාතීන් විසින් නාවික හමුදාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ප්‍රදේශයේ ධීවරයින් එක්ව අදාළ මුහුදු ප්‍රදේශයේ ඊයේ දිනයේ සෝදිසි මෙහෙයුමක්ද දියත් කර ඇත. කෙසේ නමුත් එම සෝදිසි මෙහෙයුම් අසාර්ථක වී ඇති අතර අද දිනයේද නැවත සෝදිසි මෙහෙයුම් සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.
කටුගස්තොට, ගොහාගොඩ ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලබාසිටි පුද්ගලයෙකු මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එලෙස තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. මොහු මහනුවර ජාතික රෝහලේ පිරිසිදු කිරීම් අංශයේ වැඩ අධීක්ෂකවරයෙකු ලෙස සේවය කරනවා. ඊයේ දහවල් නිවසින් ගොස් ඇති මෙම පුද්ගලයා යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් සොයාබැලීමක් සිදුකර තිබෙනවා. එම අවස්ථාවේදිීයි වෙඩි වැදුම් තුවාල සහිතව මාර්ගයේ වැටී සිටි මොහු හමුවී ඇත්තේ.
අම්බලන්ගොඩ, බලපිටිය ප්‍රදේශයේ දී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, පතරොම් ගැබ් 01ක්, ජීව පතරොම් 16ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අහුංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31ක් වන බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පිස්තෝල අවිය මීට දින කිහිපයකට පෙර වෙනත් පුද්ගලයෙකු විසින් මොහුට ලබාදී ඇති බවට අනාවරණය වී ඇති අතර එම සැකකරුද පෙරේදා (03) දින රාත්‍රීයේ දී අම්බලන්ගොඩ, වාද්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 22ක් වන බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී නමැත්තාගේ…
රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකරුවන් ඊයේ (03) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.ඩී ජනක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. නීතිවිරෝධී මූල්‍ය ජාවාරම් සහ නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීමේ චෝදනාව මත මෙම පිරිස රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි මහල් නිවාසයකදී අත්අඩංගුවට ගනු ලැබූ අතර එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ විදෙස් ජාතිකයින් 120කි. එම පිරිස අතරට චීන, වියට්නාම, මැලේසියා, මැඩගස්කර්, පිලිපීන, තායිලන්ත, කාම්බෝජය වැනි රටවල් නියෝජනය කරන පිරිස් සිටින බවද සඳහන්ය. එහිදී ඔවුන් සතුව තිබූ පරිගණක සහ ජංගම දුරකථන රැසක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබුණි. සැකකරුවන් පිරිස අදාළ මහල් නිවාසයේ මහල් කිහිපයක් කුලී…
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු හෙවත් වැට් පනත සංශෝධනය කිරීම සඳහා වන නව කෙටුම්පතක් මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමගින් මේ වසරේ ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වැට් බදු කිහිපයක් පැනවීමට යෝජිතයි. ඒ අනුව මූල්‍ය සේවා මත වැට් බදු 18% සිට 20.5%ක් දක්වා වැඩි කිරීමට කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා. එමෙන්ම ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සපයනු ලබන සේවා එනම් අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයින්ගෙන් 18%ක වැට් අය කිරීම ද මෙම වසරේ ජූලි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීම ද එමගින් යෝජිතයි. මෙය පසුගිය වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව…
