Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
ඉරානය විසින් පාලනය කරනු ලබන හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) සිරවී ඇති නැව්වලට මඟ පෙන්වා ඒවා මුදාගැනීමේ ප්‍රයත්නයක් අද (04) සිට ආරම්භ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. නෞකා සිය ගණනකට සහ නාවිකයන් 20,000කට පමණ උපකාරී වන මෙම පුළුල් මෙහෙයුම පිළිබඳව ඔහු වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මැයි 3 වන ඉරිදා සමාජ මාධ්‍ය සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියේ ඉරාන යුද්ධය හේතුවෙන් “මධ්‍යස්ථ සහ නිර්දෝෂී” රටවල් පවා පීඩාවට පත්ව ඇති බවයි. “අපි එම රටවලට පවසා තිබෙනවා, ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු නිදහසේ කරගෙන යාම සඳහා ඔවුන්ගේ නැව් මෙම සීමාසහිත මුහුදු මාර්ගවලින් ආරක්ෂිතව පිටතට ගෙන යාමට අප මඟ පෙන්වන…
ඉරාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී කුඩා යාත්‍රා කිහිපයක් මගින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර ඇත. එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය පැවසුවේ, මෙම සිදුවීම ඉරානයේ සිරික් (Sirik) වරායට නාවික සැතපුම් 11ක් බටහිරින් සිදුව ඇති බවය. එම අවස්ථාවේදී නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් තිබූ බවද සඳහන්. ප්‍රහාරයට ලක්වූ නෞකාව ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරන Minoan Falcon නෞකාව විය හැකි බවට විශ්වාස කෙරේ. එම අවස්ථාවේදී එය සිරික් වරායට නාවික සැතපුම් 11ක් බටහිරින් යාත්‍රා කරමින් තිබූ අතර, ඉන් අනතුරුව එහි ට්‍රාන්ස්පොන්ඩරය (Transponder) ක්‍රියා විරහිත කර ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන වාණිජ නෞකාවලට පහර දීම සඳහා කුඩා…
තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිලිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද (04) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව අද පෙරවරුවේ එම නිල පිලිගැනීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරුවේ ආරම්භ වීමට නියමිතය. නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුව දෙරටේ නායකයින් ඒකාබද්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටද නියමිතව තිබේ. දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂිතය. තවද විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිඹිබු කරමින් ඒ මහතාගේ මෙම සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද අත්සන් කෙරෙනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. බස්නාහිර පළාතෙත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව සඳහන්. එමෙන්ම උතුරු සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකියි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම නිවේදනයේ…
කළුතර දකුණ කැලිඩෝ මුහුදු වෙරළේ තිබී හමුවූ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි ගුරුවරියගේ සිරුර ඇගේ ඥාතීන් විසින් හඳුනාගනු ලැබූ බව කළුතර දකුණ පොලිසිය පවසනවා. මියගිය කාන්තාවගේ සැමියා සහ මව කළුතර නාගොඩ රෝහලට පැමිණ ඊයේ (02) එම සිරුර හඳුනාගත් බව ද පොලිසිය සඳහන් කළා. මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරගම, වීදියගොඩ, කනත්තගොඩ පදිංචිව සිටි 41 හැවිරිදි නදීෂානි තරංගිකා අමරනායක නමැති එක්දරු මවක්. ඇය සමාජ මාධ්‍ය තුල ඇය බොහෝදෙනාගේ ආදරය දිනා ගත් දක්ෂ කිවිඳියක් පසුගිය 01 වැනිදා කැලිඩෝ වෙරළ තීරයේ කාන්තා මළ සිරුරක් ඇති බවට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් මත විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පවසනවා. සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය පවුල් ආරවුලක්…
කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී වාහන උපයෝගී කරගනිමින් මහනුවර සහ තදාසන්න ප්‍රදේශවල මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ප්‍රධාන සැකකරුවෙකු ජීප් රථයක් සහ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුගස්තොට, රණවන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 11,130 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,040 ක් සහ මත්කරල් 150 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මීට අමතරව ජාවාරම සඳහා භාවිතා කළ ජංගම දුරකථන 04 ක් සහ මත්ද්‍රව්‍ය කිරුම් බර මැනීමට යොදාගත් ඩිජිටල් තරාදියක් ද සොයාගත් බවයි පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරු රණවන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දෙදරු පියෙක්. මොහු කොළඹ ප්‍රදේශයේ සිට ඉතා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර, මහනුවර…
බිරිඳත් දරුවාත් අවුරුදු උත්සවයකට ඇරලුවූ සැමියෙකු මහ දවාලේ අසල්වැසි කාන්තාවක සිය නිවසට ගෙන්වාගෙන සතුටු වී එළියට එන විට බිරිඳට අසුව සිදුවූ ජංජාලයකි. අගුණකොළපැළැස්ස පොලිසියේ අපරාධ අංශයට කැඳවා සිටි තිදෙනෙකි. ඔවුන් අතර සුළු තුවාල ලැබු කාන්තාවක් සිටි අතර අවිවාහක ඇයගේ වයස අවුරුදු 38 කි. සිද්ධියේ පැමිණිලිකාරිය ඇයයි. අනෙක් කාන්තාව එක්දරු මවකි. ඇයගේ වයස අවුරුදු 37 කි. ඔවුන් අතර සිටි පිරිමියාගේ වයස වයස අවුරුදු 38 කි. අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.පී. වරුශ විතාන මහතා තිදෙනාගෙන් මේ පිළිබඳව විමසා එය විභාග කිරීමට විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයා වෙත යොමු කළේය. පැමිණිලිකාර කාන්තාව: සර් මම මෙයාලගේ ගෙදර ලඟින් අද දවල් පාර…
ලොව මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වන වාර්ෂික දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 2026 වර්ෂයේදී ස්ථාන 05ක් ඉදිරියට පැමිණ තිබේ. 2025 වර්ෂයේදී 139 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර 134 වන ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ. දේශසීමා රහිත මාධ්‍යවේදීයෝ සංවිධානය විසින් වාර්ෂිකව නිකුත්කරනු ලබන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව ඇත. 2026 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව මෙවර ශ්‍රී ලංකාවට ලකුණු 40.77ක් හිමිව ඇති අතර පසුගිය වර්ෂයේදී එම ළකුණු සංඛ්‍යාව 39.93ක් ලෙස පැවතුණි. මෙම දර්ශකයේ පළමු ස්ථානය නොර්වේ රාජ්‍යයට හිමිව ඇති අතර දෙවන ස්ථානය නෙදර්ලන්තයටත් තෙවන ස්ථානය ස්ටෝනියාවටත් හිමිව තිබේ. මාධ්‍ය නිදහස අඩුම රටවල් ලෙස එරිත්‍රයාව, උතුරු කොරියාව,…
ගාල්ල බන්ධනාගාර පරිශ්‍රයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. ඒ එම බන්ධනාගාරයේ සිටි රැඳවියන් දෙදෙනෙකු පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන්. මෙහිදී තුවාල ලැබූ එක් රැඳවියෙකු ගාල්ල කරාපිටිය රෝහල වෙත ප්‍රථිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙම රැඳවියන් දෙදෙනා පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී එය ව්‍යර්ථ කිරීමේ අරමුණින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මොරටුව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි “ශ්‍රීනාත්” නමැති ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයකු ලෙස කටයුතු කළ කාන්තාවක කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට පොලිස් ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා. විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ (I) නිලධාරීන් කණ්ඩායමක් විසින් මොරටුව, මොරටුවැල්ල, ක්ලෝවියස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා මෙම වැටලීම සිදු කර තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ ගණනක් වටිනා කේරළ ගංජා කිලෝ 01 යි ග්‍රෑම් 150 ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක්. ඇය මොරටු වැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශ්‍රීනාත් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය…
