Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
යල කන්නය සඳහා පොහොර ලබාදීමේදී ගොවීන්ගෙන් අයකළ ප්‍රවාහන ගාස්තුව ඉහළ දමා ඇති බවට ගොවීන් චෝදනා කරති. මීට පෙර රුපියල් 50ක්වූ එම ගාස්තුව මේ වනවිට රුපියල් 300ක් දක්වා වැඩි කර ඇති බව ඔවුන් පෙන්වා දෙති. මෙලෙස වැඩි කර ඇත්තේ, පොහොර කොළඹ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සඳහා ගොවීන්ගෙන් මෙතෙක් අයකළ ගාස්තුවය. එමෙන් පොහොර ලබාදීම සඳහා පොහොර මිටියක් වෙනුවෙන් රුපියල් 9, 550ක මුදලක් ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් මේ වනවිටත් අය කරගෙන ඇති බව සඳහන්ය. මේ අතර ප්‍රමාණවත් පොහොර ලබාදීමට නොහැකි බවට කෘෂිකර්ම නියෝජ්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය. ඔහු මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ, වී වගාව සඳහා අක්කරයක් වෙනුවෙන් යූරියා කිලෝ…
ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පවසයි. ඒ මහතා පැවසුවේ පෙට්‍රල් මිලෙහි රුපියල් 12ක මිල වැඩිවීමක් සිදුව ඇති බැවින් මෙම ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවය. ත්‍රීරෝද රථ ගාස්තු සැකසීම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් සිදුකරන බැවින් ඉන්ධන මිලෙහි ඉහළ යාම සලකා දැනට දෙවැනි කිලෝමීටරයට අයකරන රුපියල් 90ක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය. මේ වන විට පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100ක මුදලක් සහ දෙවැනි කිලෝමීටරය සඳහා…
ප්‍රශ්නගත මහා භාණ්ඩාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් මැයි දිනයේදී ජනාධිපතිවරයා විසින් කිසිවක් ප්‍රකාශ නොකිරීම ගැටළු සහගත තත්ත්වයක් බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, හැටන්හිදී අද (03) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්. මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත් වීමේ සිද්ධිය පිළිබඳ පළමු වරට කරුණු අනාවරණ වූයේ පසුගිය සතියේදීයි. මේ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි ආන්දෝලනයක් ඇති වූ අතර පසුව මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද පියවර ගැනුණා. එම වැඩ තහනම් වූ නිලධාරින් අතරට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු වූ රංග නිශාන්තගේ ද වැඩ තහනම් කෙරුණා. එමෙන්ම ඔහු…
කිරිබත්ගොඩ නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසලක ගමන් මලු භාරගන්නා ස්ථානයේ තබන ලද, රුපියල් දෙලක්ෂ හැටපන්දහසක් පමණ වටිනා ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපාංග සහිත මල්ලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් එම ස්ථානයේ සේවය කළ සේවිකාවක කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සුපිරි වෙළෙඳසලට පැමිණි පැමිණිලිකාර විශ්වවිද්‍යාල සිසුවා ඔහුගේ ගමන් මල්ල අදාල අංශයට භාර දී ඒ සඳහා වන ටෝකන් පත ලබාගෙන ඇති බවත්, පසුව භාණ්ඩ මිලදී ගැනීමෙන් අනතුරුව නැවත පැමිණ සිය මල්ල ඉල්ලා සිටියද, එය එහි නොතිබුණු බවට පැමිණිල්ලක් කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. මෙම පැමිණිල්ලට අදාලව සැකකාර සේවිකාව අත්අඩංගුවට ගත් බවත් මෙලෙස අත්අඩංගුවට ගත්තේ මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පොලිසිය පවසනවා. කිරිබත්ගොඩ පොලිස්…
ඉන්දියාව රුසියාවේ නිෂ්පාදිත R-37M වර්ගයේ දිගු දුර මිසයිල විශාල තොගයක් මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියනයකට අධික වටිනාකමකින් යුත් ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. South China Moing Post පුවත්පතට අනුව, මෙම ගිවිසුම මගින් දළ වශයෙන් ඩොලර් බිලියන 1.2ක් වටිනා මිසයිල 300ක් පමණ ලබා ගැනීමට නියමිත අතර, ඒවායේ බෙදාහැරීම් ඉදිරි මාස 12-18 ඇතුළත ආරම්භ වීමට නියමිතයි. මෙම මිසයිල ඉන්දියාවේ Su-30MKI ප්‍රහාරක ජෙට් යානා සඳහා භාවිත කිරීමට නියමිත අතර, ප්‍රංශයේ නිෂ්පාදිත Rafale යානා සමග එම යානා ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධාන ශක්තියයි. ප්‍රංශයෙන් Rafale ජෙට් යානා 114ක් මිලදී ගැනීමට තිබූ සැලසුම ඉන්දියාව විසින් අවලංගු කිරීමට ඉඩ ඇති බවට වාර්තා පළවන පසුබිමක මෙම ගිවිසුම ඇති වී…
වෙල්ලාවලි, පුරවනිඅඩිඋත්තු ප්‍රදේශයේ වන අලියෙකු සිදුකළ පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ. අදාල කාන්තාව නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බව පොලීසිය පවසා තිබේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි තික්කොඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් වෙල්ලාවලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ගම්පහ වික්‍රමාරච්චි දේශීය ආයුර්වේද විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ පිඨය සහ විද්‍යා හා කළමනාකරණ පීඨයේ යම් අර්බුධ රැසක් ඇති බවත්, මේ පාඨමාලා ක්‍රියාත්මක වන ආකාරය මානව හා භෞතික සම්පත් හිඟය ඇතුළු ගැටලු රැසක් ඇති නිසා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාස 13ක් ගියත් විසදුම් නැති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මේ නිසා සිසුන් මානසික පීඩනයට ලක් කර අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට මරු පහරක් එල්ල කර ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලූ අවස්ථාවේදීයි. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ සිසුන් විපක්ෂ නායක කාර්යාලයට පැමිණ මේ ගැටලු විපක්ෂ…
දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක් හිමිවුණා. ඒ, පිරිමි හෙල්ල විසීරිමේ ඉසව්වෙන්. මීටර් 76.95ක දක්ෂතාවයක් දක්වමින් සුමේධ රණසිංහ එම පදක්කම දිනාගත්තා. ආසියානු විසිකිරීමේ ක්‍රීඩා තරගාවලිය දකුණු කොරියාවේදී ඊයේ ආරම්භ වුණා. මෙම තරගාවලියේදී හෙල්ල විසි කිරීමට අමතරව, යගුලිය, කවපෙත්ත විසි කිරීම වැනි තරග ඉසව් ද පැවැත්වීමට නියමිතයි.
දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමිවුණා. ඒ, කාන්තා හෙල්ල විසීරිමේ ඉසව්වෙන්. මීටර් 56.7ක දක්ෂතාවයක් දක්වමින් නදිශා ලේකම්ගේ එම පදක්කම දිනාගත්තා. ආසියානු විසිකිරීමේ ක්‍රීඩා තරගාවලිය දකුණු කොරියාවේදී ඊයේ ආරම්භ වුණා. මෙම තරගාවලියේදී හෙල්ල විසි කිරීමට අමතරව, යගුලිය, කවපෙත්ත විසි කිරීම වැනි තරග ඉසව් ද පැවැත්වීමට නියමිතයි.
රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා අද (03) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඔවුන් අද උදෑසන 10.20ට රුසියාවේ මොස්කව් නුවර සිට එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ- 288 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. ඔවුන් පිළිගැනීම සඳහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර, කොළඹ ජාතික…
