Author: Bandara Senanayaka

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා අද (03) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඔවුන් අද උදෑසන 10.20ට රුසියාවේ මොස්කව් නුවර සිට එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ- 288 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. ඔවුන් පිළිගැනීම සඳහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර, කොළඹ ජාතික…

Read More

ඉන්ධන මිලෙහි සිදු වූ සංශෝධනයත් සමග ඩීසල් මිල ඉහළ යාම හමුවේ පාසල් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමය පවසයි. එහි ලේකම් මල්ශ්‍රී ද සිල්වා සඳහන් කළේ මෙම ගාස්තු සංශෝධනය ප්‍රතිශතයක් ලෙස වැඩි නොකොට දෙමාපියන් සමඟ සාකච්ඡා කර යම් ප්‍රමාණයකට ඉහළ දැමීමට අපේක්ෂා කරන බවය. මීට පෙර අවස්ථා කිහිපයකදීම ඩීසල් මිල ඉහළ දැමීම සිදු වුවද දෙමාපියන් ගැන සිතා ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකළ බවත් ඒ මහතා මෙහිදී පැවසීය. කෙසේ වෙතත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ සිය අපසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙවර යම් ප්‍රමාණයකට ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇති බවය. එහිදී අදහස් දැක්වූ සමස්ත…

Read More

ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු ඉහළ නොදමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ඊයේ (02) තීරණය කළා. මෙම මිල සංශෝධනය ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන බවයි සංස්ථාව නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනයේ සඳහන් වුණේ. එසේම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සිදුකළ මිල සංශෝධනයට සමගාමීව තමන් ද මිල ගණන් සංශෝධනය කරන බව ලංකා අයි.ඕ.සී (LIOC) සහ සිනොපෙක් (SINOPEC) සමාගම් අද සඳහන් කළා. අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතිනු ඇති බව වැඩිදුරටත් සඳහන්.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට මැයි මස 12 වෙනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන්නැයි එම කොමිසම විසින් දැනුම්දීමක් කර තිබේ. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන 2013 ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනවලට අදාළවය. 2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වූණි. ඒ සම්බන්ධයෙන් අල්ලස් පනත සහ දූෂණ…

Read More

රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී විදෙස් ජාතිකයින් 120කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී මූල්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම් හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර චීන, වියට්නාම, මැලේසියා, මැඩගස්කර්, පිලිපීන, තායිලන්ත, කාම්බෝජය වැනි රටවල් නියෝජනය කරන පිරිස් සිටින බවද සඳහන්ය. ඔවුන් සතුව තිබූ පරිගණක සහ ජංගම දුරකතන රැසක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් පිරිස මැද වැලිකඩ පාරේ පිහිටි මහල් නිවාසයක මහල් කිහිපයක් කුලී පදනම මත ලබා ගනිමින් නැවතී සිට මෙම කූඨ ව්‍යාපාරය සිදුරගෙන ගොස් ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇත. එමෙන්ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී…

Read More

ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් ඔහුගේ විශේෂ අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ ලේකම් පේමසිරි මානගේ මහතා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත. ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් යවන ලද ලිපිය මගින් ප්‍රධානම් කරුණ ලෙස ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේතුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ සේවය තහනම් කර ඇත්තේ නීති විරෝධී හා ද්වේශ සහගත ලෙස බවයි. එය නීතිමය ක්‍රමවේද, ස්වාභාවික නීතිමය සාධාරණත්වය සහ ආයතනික ස්වාධීනතාවය දැඩි ලෙස උල්ලංඝනය කරන ලද ක්‍රියාවක් ලෙස කර ඇතැයි එම…

Read More

දෙමුන් බීජ ආනයනය සීයට 93 ක් දක්වා වත්මන් ආණ්ඩුව යටතේ ඉහළ ගොස් ඇති ඉහළ ගොස් තිබෙන බවත් දේශීය බීජ නිෂ්පාදනය විඳ දමා බීජ ආනයනය මාෆියාවක් කරගෙන ඇති බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය. පසුගිය වසරේදී අර්තාපල් එළවළු බඩ ඉරිඟු සහ වෙනත් බීජ සහ රෝපණ ද්‍රව්‍ය ආනයනය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 13.5ක් [රුපියල් කෝටි 432 ක් පමණ] 2024 වසරේදී ඇමරිකන් ඩොලර් මිලියන 11.1 පමණද [රුපියල් කෝටි 355 ක් පමණ] ආණ්ඩුවක් වියදම් කර තිබෙන බව ශ්‍රී ලංකා රේගු සංඛ්‍යා ලේඛන තහවුරු කර ඇති බවද හෙතෙම කීවේය. එළවළු බීජ ආනයනය ඉහළ අගයක පවතින බවද 2024 වසරේදී එළවළු බීජ මෙට්‍රික් ටොන්…

Read More

ප්‍රමිතියෙන් තොර ලියාපදිංචි නොකළ සහ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් වරාය හා ගුවන්තොටුපොළ හරහා මෙරට ගෙන්වනු ලැබූ ඖෂධ වර්ග රැසක් පුද්ගලික ඔසුසල් හරහා අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සන්ධානය පවසයි. පිළිකා, වකුගඩු, ළමා රෝග හා බෝ නොවන රෝග සඳහා ලබාදෙන ඖෂධ වර්ග ඇතුළු තවත් ඖෂධ වර්ග රැසක් මෙලෙස රට පුරා පෞද්ගලික ඔසුසල් මගින් අලෙවි කරමින් පසුවන බව එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය. අවස්ථා කිහිපයකදීම සිය සන්ධානය මෙම ඖෂධ ජාවාරම පිළිබඳ පෙන්වා දුන්නද ඖෂධ නියාමන අධිකාරිය හා අදාළ විෂය පථය භාර නිලධාරීන් හදිසි වැටලීම් සිදු නොකිරීම…

Read More

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යෑමක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 101.9ක් ලෙස වාර්තා වී ඇති අතර Brent බොරතෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 108.2ක් ලෙසය. මීට අමතරව Murban බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.8ක් ලෙසත් වාර්තා වී තිබේ. මේ අතර අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ යුරෝපය වෙත නැව්ගත කිරීම් වේගවත් කිරීමත් සමග වෙනිසියුලාවේ තෙල් අපනයනය ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ. එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ වෙනිසියුලාවේ අප්‍රේල් මාසයේදී තෙල් අපනයනය දිනකට බැරල් මිලියන 1.23 දක්වා ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව මෙය 2018න් පසුව වාර්තා…

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කිරීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගෙන ඇති බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි. ඔහු පවසන්නේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් වන විමර්ශන අඛණ්ඩව සිදුවෙමින් පවතින බවය. මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා මේ බව කියා සිටියේය. මත්ද්‍රව්‍ය ජාවාරම කලක පටන් මෙරට තුළ ඉතාමත් නිදහසේ පැවති බවත් එය පිරිසකගේ ආශිර්වාදයෙන් හා බලපෑම යටතේ ක්‍රියාත්මක වූ බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා ” මත්ද්‍රව්‍ය ජාවාරම කාලයක් තිස්සේ මේ රටේ ඉතාමත් නිදහසේ පැවතිච්ච දෙයක් සෑහෙන පිරිසකගේ ආශිර්වාදය බලපෑම යටතේ…

Read More