Author: Bandara Senanayaka

රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ තෙදින නිල සංචාරයක් සඳහා හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතයි. ඔහු සංචාරය අතරතුර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමග විශේෂ සාකච්ඡාවක් ද සිදුකිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ. එමෙන්ම, රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු නියෝජිතයින් පිරිස කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරයක ද නිරතවීමට සූදානම්ව සිටිනවා.

Read More

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තනූජ සම්පත් හෙවත් ‘හඳයා’ විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයේ තවත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හිරිපිටිය සහ පන්නිපිටිය ප්‍රදේශවල සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදීයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රන්දික ලක්ෂාන් හෙවත් ‘බෝජා’ සහ අජන්ත ධම්මික හෙවත් ‘ගොතයා’ යන ජාවාරම්කරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් සන්තකයේ තිබී අයිස්, හෙරොයින් සහ කුෂ් මත්ද්‍රව්‍ය ද සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටියකට අධික වන බවයි පොලිසිය සඳහන් කළේ.

Read More

තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 22දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙම චීවරධාරීන් අද (02) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එළැඹෙන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත. මෙම චීවරධාරීන් ඉකුත් අප්‍රේල් 25 වෙනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේදී ‘කුෂ්’ සහ ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමග අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූයේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවය. ඒ අනුව එම චීවරධාරියා ගම්පහ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම චීවරධාරියා හෙට (3) අධිකරණයට ඉදිරිපත්…

Read More

අඩ සියවසකට වැඩි කාලයක් තුළ පකිස්ථානයට බලපෑ බරපතලම ඉන්ධන මිල ඉහලයෑම, ආර්ථීකයේ සෑම අංශයකටම හානි කළ හැකි සහ අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ රජය පෙරළා දැමීමේ අබර්ද රැසක් ඇති වීමේ අවදානමක් මතුව ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්ථා කරනවා. මෙම සතිය මුලදී, රීෆ් පැවසුවේ පකිස්ථානයේ තෙල් ආනයන බිල ගැටුමට පෙර ඩොලර් මිලියන 300 සිට දැන් ඩොලර් මිලියන 800 දක්වා ඉහළ ගොස් ඇති බවත්, එය පසුගිය වසර දෙක තුළ රට ලබා ඇති සියලු ආර්ථික ප්‍රගතිය මකා දැමූ බවයි. විශ්ලේෂකයින් පවසන්නේ මෙහි බලපෑම් වඩ වඩාත් දරුණු වනු ඇති බවයි. කෘෂිකමර්මාන්තයේ සහ ප්‍රවාහනයේ සිට ආහාර සහ මූලික භාණ්ඩවල මිල දක්වා සෑම දෙයකටම බලපානු ඇති අතර දැනටමත්…

Read More

ඩොලර් මිලියන දෙකහමාරක් අස්ථානගත වීම හුදෙක් මහ බැංකුවේ ඇති වූ තාක්ෂණික ගැටලුවක් නිසා මතු වූ සිද්ධියක් බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි. “මේ ක්‍රියාවත් දේශපාලන අධිකාරියේ ඇති වෙච්චි කතාවක් නෙමෙයි. විදුහල්පතිවරයා පාසලක් පාලනය කරගෙන යනකොට පන්ති කාමරයේ ඇති වන සිද්ධියකට ඍජුව අධ්‍යාපන ඇමතිවරයා සම්බන්ධ වෙනවා යැයි කියනවා වැනි උදාහරණයක් මේ. මෙය හුදෙක් තාක්ෂණික පරිපාලන කාරණා මත මහ බැංකුවේ ඇති වූ සිද්ධියක්. මේ සිදුවීම දැනගත් වහාම ආණ්ඩුව ඒ සඳහා මැදිහත් වෙමින් උපදෙස් දීලා විමර්ශන ක්‍රියාවලියක් යනවා. ජනාධිපති අනුර දිසානායක ඇවිත් මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ. ලේකම්වරයාගේ මැදිහත්වීමක් ඇති. දැනට පෙනී යන්නේ මේක නිලධාරීන්ගේ අතින් සිදු වූ තාක්ෂණික ගැටලුවක් බවයි. මුදල් ලේකම්වරයා…

Read More

වඳභාවයෙන් පෙළෙන බවට මීට පෙර නිගමනය කළ පිරිමින් පුද්ගලයින්ගේ සිරුරේ පවතින අතිශය දුර්ලභ ශුක්‍රාණු සෛල හඳුනා ගැනීමට කෘතිම බුද්ධිය (AI) භාවිතා කළ හැකි නව තාක්ෂණයක් නිපදවා තිබේ. කොලොම්බියා විශ්වවිද්‍යාලය මගින් නිපදවන ලද මෙම ‘ස්ටාර්’ (Star – Sperm Track and Recovery) පද්ධතිය හරහා දැනටමත් සාර්ථක දරු උපතක් අපේක්ෂාවෙන් පසුවන යුවළක් පිළිබඳ පුවතක් වාර්තා වේ. මෙම තාක්ෂණයේ පිහිට ලැබූ නිව් ජර්සි හි පෙනෙලොප් සහ සැමුවෙල් වසර දෙකහමාරක් පුරා දරුවෙකු අපේක්ෂාවෙන් සිටියහ. සැමුවෙල් ‘ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝමය’ නමැති ජානමය තත්ත්වයෙන් පෙළුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ශුක්‍ර තරලයේ ශුක්‍රාණු කිසිවක් නොමැති බව වෛද්‍යවරුන් පවසා තිබුණි. සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයක පසුවන පිරිමියෙකුට ජෛව විද්‍යාත්මක දරුවෙකු ලැබීමේ සම්භාවිතාව…

Read More

ඉන්දීය මධ්‍යම රජයට මෙන්ම ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව එළැඹෙන 04 වැනිදා පස්වරුවේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙනු ඇත. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසිම පසුගිය අප්‍රේල් 23 වැනිදා ඉතා උණුසුම් අයුරින් නිමාවට පත්විය. කෙසේ වෙතත් සමස්ත ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා වෙසෙන ද්‍රවිඩ ජනතාවගේ අවධානය මේ වන විට යොමුව ඇත්තේ ඡන්ද ප්‍රතිඵලය දෙසට වේ. මේවර මහමැතිවරණයේ වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ඡන්ද භාවිත කිරීම කැපී පෙනෙන ලක්ෂණය විය. සියයට 85.15%ක ප්‍රමාණයක් ඡන්දය භාවිත කර තිබූ බවට සඳහන් වේ.…

Read More

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ මෙරට සංචාරය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නැංවීමට පොලීසිය පියවර ගෙන තිබේ. ඒ අනුව හෙට (03) දිනයේ සිට එළැඹෙන 06 වැනි දින දක්වා මෙම රථ වාහන සැලසුම ක්‍රියාවට නැංවෙන බව පොලීසිය සඳහන් කළේය. හෙට සවස් කාලයේදී ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් පසු කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, ඔස්සේ කොළඹ බලා පැමිණෙනු ඇති බැවින් එම කාලය තුළ පොලීසිය විසින් විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාවට නංවන බවත් ඒ අනුව ඇතිවන අපහසුතා මහහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග හඳුන්වාදීමට පොලීසිය පියවර ගෙන ඇත. එම විකල්ප මාර්ග සැලැස්මත පහතින්,

Read More

​උණවටුන ප්‍රදේශයේ සංචාරය කරන විදේශිකයන් ඉලක්ක කරගනිමින්, ඔවුන්ගේ අධික වටිනාකමින් යුත් ස්මාර්ට් ජංගම දුරකතන සොරකම් කළ සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ සහ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් විසින් ග්‍රෑන්ඩ්පාස්, ගැමුණු පටු මාවත ප්‍රදේශයේදී සිදු කළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23ක් වන තරුණයෙකු වේ. අදාළ සැකකරු මීට දින කිහිපයකට පෙර උණවටුන ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා ගොස් ඇති අතර එම දින 4ක කාලසීමාවේදී විදේශිකයන්ට අයත් ජංගම දුරකතන 4ක් මෙලෙස සොරකම් කර තිබේ. මෙම සැකකරුට ස්ථීර පදිංචියක් නොමැති බවත් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරන පුද්ගලයෙකු වන බවත් ​මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.…

Read More

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ගණන් සහ ආනයන පරිමාවන් ඉහළයාම හේතුවෙන් මෙම වර්ෂයේ (2026) මාර්තු මාසයේ දී ඉන්ධන ආනයන ව්යදම ඇමරිකානු ඩොලර් මිලියන 630 දක්වා සියයට 747කින් ඉහළගොස් ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති නවතම වාර්තාවක් මගින් අනාවරණය වි ඇත. ඉන්ධන ආනයනය කිරිම සදහා ඉකුත් වර්ෂයේ (2025) මාර්තු මාසයේ දී වැයවි ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 360.7කි. මහබැංකු වාර්තාවට අනුව මෙම වර්ෂයේ පළමු කාර්තුව තුල (ජන- මාර්තු) ඉන්ධන ආනයනය කිරීම සදහා වැයවි ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 12815 කි. ඒ අනුව ඉකුත් වර්ෂයේ (2025) පළමු කාර්තුවට සාපෙක්ෂව ඉන්ධන ආනයන වියදම සියයට 213කින් ඉහළගොස් ඇත. ඉන්ධන ආනයන වියදම මෙරට ආනයන වියදමේ…

Read More