ගල් අඟුරු වංචා විමර්ශනය කිරීම සඳහා වූ විශේෂ ජනාධිපති කොමිසම වෙත අද (19) ඒකාබද්ධ විපක්ෂය ලිපියක් භාරදුන්නා.
ඒ, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත, නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර, එක්සත් ජනරජ පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන 8 දෙනෙකුගේ අත්සනින් යුතුවයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හම්බන්තොට පැවති මැයි දින රැළියේදී ගල්අඟුරු වංචා පිළිබඳව කළ ප්‍රකාශය පිළිබඳව තමන් මවිතයට පත්වන බව ඒකාබද්ධ විපක්ෂය සිය ලිපිය මගින් කොමිසම වෙත දන්වා තිබෙනවා.
ජනතාවගේ අපේක්ෂාව වන්නේ දේශපාලන හෝ වෙනත් පීඩනයකින් හෝ තොරව අපක්ෂපාතී පරීක්ෂණයක් සදහා අවශ්‍ය අවකාශය කොමිසමට ලබාදීම බවත්, ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය ඊට බාධාවක් බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ඒ අනුව, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙසයි ඒකාබද්ධ විපක්ෂය අදාළ ලිපිය මගින් ජනාධිපති කොමිසමෙන් ඉල්ලා ඇත්තේ.

