Author: Bandara Senanayaka

වසර 20කට ආසන්න කාලයක් බදු පදනම් මත පවත්වාගෙන ආ මහින්දානන්ද පදනමේ නිෂ්චල සහ චංචල දේපල සියල්ල යලිත් දුම්රිය දෙපාර්තමේන්තුවට බාර දෙයි. දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක බදු පදනම් මත පවත්වාගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම නැවත දුම්රිය දෙපාර්තමේන්තුවටම බාරදෙයි. සීල භාවනා වැඩසටහනක් සඳහා ලබාදීම නිසා ගිවිසුම් උල්ලංඝනය කළ බවට තමාට ඉවත්වන ලෙස දැන්වූ බව පදනමේ ලේකම් චාමික ධර්මතිලක කියයි . පවරාගත් මෙම දේපළ පොල භූමියක් ලෙස භාවිතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහ පවසයිපසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දිස්ත්‍රික් සම්බන්ධය කරන කමිටුවේදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍ර තුෂාරී ජයසිංහ මහත්මිය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක පවතාගෙන යනු ලබන මහින්දානන්ද…

Read More

තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 22 දෙදෙනා අද (2) යළි මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අදාළ චීවරධාරීන් ඉකුත් අප්‍රේල් 25 වැනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේදී ‘කුෂ්’ සහ ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමග අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූයේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවය. ඒ අනුව එම චීවරධාරියා ගම්පහ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම චීවරධාරියා හෙට (3) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසීය. එම චීවරධාරියාගේ මෙහෙයවීමෙන් මින්පෙර අවස්ථාවකදී ද මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් ඇති…

Read More

වර්තමානය වන විට මෙරට දැවැන්ත අනතුරුදායක තත්ත්වයන් රැසකට මුහුණ දී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (02) මහවැලි කේන්ද්‍රයේ පැවැති ආචාර්ය චන්දිමා විජය ගුණවර්ධන මහත්මිය විසින් රචිත ‘එමි ආච්චි-ශ්‍රී ලංකාවේ ආච්චි අම්මා සහ පූර්ව ජීවීන්’ නම් ග්‍රන්ථය එළිදැක්වීමේ වැඩසටහනකට එක්වෙමිනි. එහිදී විපක්ෂනායකවරයා පැවසුවේ ආහාර සුරක්ෂිතභාවය, ආර්ථික, සමාජීය, දේශපාලන සෛරීභාවය මෙන්ම ජනතාවගේ ජන ජීවිත සංවර්ධන රටාවන් ආදී සෑම දෙයක්ම බරපතළ අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවය. මෙම අවස්ථාව වන විට රටේ අවශ්‍යතාව ජනතාවගේ අවශ්‍යතාව ගැන සිතා රටේ සම්පත් උපයෝගී කරගනිමින් ස්වෝත්සාහයෙන් සෑම අතින්ම ස්වයංපෝෂිත විය යුතු බව පෙන්වා දෙන විපක්ෂනායකවරයා පැවසුවේ මෙරට මුහුදු තීරයේ ඇති ගෑස්…

Read More

අනර්තර්ජාලය හරහා නීති විරෝධී කටයුත්තක් සිදු කළ බවට සැකපිට කාන්තාවක් ඇතුළු චීන ජාතිකයින් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ තලංගම පොලිසියේ දූෂණ මර්දන ඒකකය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදීය. තලංගම කොස්වත්ත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවාසයක් වැටලු අවස්ථාවේදී එහි තිබී ඩෙක්ස්ටොප් පරිගණක 35ක් ටැබ් පරිගණක 37ක් ජංගම දුරකතන 147ක් සිම්පත් 100ක් සහ නීති විරෝධී දුම්වැටි 2100 ක් සොයාගෙන තිබේ. එම සියලු උපකරණ සමගින් නිවස මුද්‍රා තැබීමට කටයුතු පොලිසිය කටයුතු කර ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 37 දෙනා මාස තුනක සංචාරක වීසා මත මෙරටට පැමිණ මෙම නීති විරෝධීව සේවාවන් සපයා ඇති බවට මූලික විමර්ශනවලදී…

Read More

තමන් කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු නොකරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (02) මල්වතු අස්ගිරි නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කිසිසේත්ම නීතියෙන් පැන යාමට ඉඩක් නොදෙන බව හෙතෙම අවධාරණය කළේය. පෙර තත්ත්වය හා සැසඳීමේදී මේ කාලය වනවිට මෙරට මත්ද්‍රව්‍ය රැගෙන ඒම විශාල වශයෙන් අඩු කිරීමට ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලීසිය විශේෂ දායකත්වයක් ලබාදී ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල වශයෙන් විදේශ රටවල සිට මෙම බෙදාහැරීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබයි. එලෙස කටයුතු කරන පිරිස් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට පියවර ගෙන ඇති බව සම්පත්…

Read More

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බව දිනන දකුණ සංවිධානයේ සාමාජික නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ මුදල් වංචාව මාස 4ක් පුරා වසන් කිරීම තුළ බරපතළ සැකයක් මතුව ඇති බවය. එනිසා ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මේ සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) සිදුකරන ලෙස ඉල්ලා සිටින බවද ශිරාල් ලක්තිලක මහතා මෙහිදී ඉල්ලා සිටියේය. “භාණ්ඩාගාර නිලධාරියාගේ මියයෑම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී…

Read More

මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ආසන්නයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි සංදර්ශන පැවැත් වූ තරුණයින් 22ක්, එම යතුරුපැදි ද සමග කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින්ට බාධා වන ලෙස තරුණයින් කණ්ඩායමක් යතුරුපැදි සංදර්ශනයක් පවත්වන බවට කඩුවෙල පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අදාළ තරුණයින් වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සම්බන්ධ වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එමෙන්ම පොලිස් භාරයට ගත් යතුරුපැදි අතර මෙරට ලියාපදිංචි නොකළ යතුරුපැදි දෙකක් ද තිබී හමු වී ඇත. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් 22 කඩුවෙල ප්‍රදේශයෙන් පිටත පදිංචිකරුවන් වන බව ද පොලීසිය පැවසීය. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ…

Read More

මහනුවර සහ රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයක ව්‍යාපාරිකයන් සහ පුද්ගලයන් රවටා මැණික් හා මුදල් වංචා කර ඇතැයි චෝදනා කරමින් පුද්ගලයෙකුට විරුද්ධව ලැබී ඇති පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් රත්නපුර පොලීසිය විශේෂ විමර්ශණයක් ආරම්භ කර ඇත. මහනුවර,මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඉරන්ත ප්‍රනීත් මුදලිගෙදර යන පුද්ගලයා මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් විශ්වාසය ගොඩනගාගෙන විදේශ මුදල් බැංකුවක රඳවා ඇති බවට පවසා ව්‍යාජ ලේඛන හා හඬ පටි භාවිතා කර ව්‍යාපාරිකයන් රවටා මුදල් සහ වටිනා දේපල ලබාගෙන ඇත. මෙම සිද්ධි සම්බන්ධයෙන් බැංකු ආයතන සහ නීති අංශ වෙතද පැමිණිලි ඉදිරිපත් කර ඇති බව වාර්තා වන අතර, ව්‍යාපරිකයන් කිහිප දෙනෙකු විසින් අධිකරණ ක්‍රියාමාර්ග ද ආරම්භ කර ඇත. කෙසේ වෙතත්, මේ…

Read More

ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත පොහොර තොග සඳහා පෙර ගෙවූ මුදලට වඩා වැඩි මුදලක් ගෙවා ඇති බැවින් ඉදිරියේදී පොහොර මිල ඉහළ යා හැකි බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. පොල්පිතිගම, රඹේ ගොවිජන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වීමෙන් අනතුරුව නිලධාරීන් සමග සංවාදයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Read More

හෙට්ටිපොළ පඬුවස්නුවර මාර්ගයේ දී නිකවැරටිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක ගැටී අනතුරුව යතුරුපැදියක ද ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. පසුව එම බස් රථය අසල තිබූ වෙළෙඳසලක් කඩාගෙන ඒ තුළට ධාවනය වී ඇති බවයි හෙට්ටිපොළ පොලිසිය සඳහන් කරන්නේ. එසේම මාර්ගයේ සිටි අයෙකු එම බස් රථ අනතුරින් මියගොස් ඇති බව හෙට්ටිපොළ පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා. අනතුරින් බස් රථයේ සිටි කිසිවෙකුටත් බරපතල තුවාල නොමැති බවට වාර්තා වෙනවා. බස් රථයෙන් පිටත සිටි සෙසු තුවාලකරුවන් කඩිනමින් හෙට්ටිපොළ රෝහලට රැගෙන යාමට පොලිසිය කටයුතු කර තිබෙනවා. එමෙන්ම සෙසු තුවාලකරුවන්ගේ තත්ත්වය එතරම් බලපතල නොවන බවයි හෙට්ටිපොළ රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන්…

Read More