Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026

    මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම සියයට 74කින් ඉහළට

    May 2, 2026

    මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

    May 2, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය ගැන මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලීමක්.
    උණුසුම් පුවත්

    මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය ගැන මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලීමක්.

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 2, 2026Updated:May 2, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බව දිනන දකුණ සංවිධානයේ සාමාජික නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

    ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ මුදල් වංචාව මාස 4ක් පුරා වසන් කිරීම තුළ බරපතළ සැකයක් මතුව ඇති බවය.

    එනිසා ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මේ සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) සිදුකරන ලෙස ඉල්ලා සිටින බවද ශිරාල් ලක්තිලක මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

    “භාණ්ඩාගාර නිලධාරියාගේ මියයෑම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් ඊයේ නිල වශයෙන් කියලා තියෙනවා මේක, සියදිවි නසා ගැනීමක් කියලා. අපි දන්නවා ලංකාවේ කුප්ප්‍රකට ඉතිහාසයක් තියෙනවා සියදිවි නසා ගැනීම් වේවා, මරණයන් ගැන වේවා අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තා පිළිබඳව ලංකාවේ ඉතිහාසය. තාජුඩීන් මරණ සම්බන්ධයෙනුත් නිල අධිකරණ වෛද්‍ය වාර්තා ආවා. නමුත් පස්සේ අපිට දැනගන්න ලැබුණා, ඒ නිල අධිකරණ වෛද්‍ය වාර්තා කියන තරම් නිවැරදි නොවන බව. ලංකාවේ ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලන්නේ හදිසි මරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව හොඳයි. නමුත් වෛද්‍ය විද්‍යාව තුළ තව පියවරක් තියෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. මේ සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කරන්න කියලා අපි කියනවා.”

    “මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කියලා කියන්නේ කරුණු තුනක්. ඒ තුළින් සොයා බලනවා සියදිවි නසා ගැනීමට හේතුව කුමක් ද? ඒ හේතුවට බලපාපු ඔහුගේ චිත්තය කුමක් ද ? ඒ වගේම ඒ මරණය සිදුවු ආකාරය කුමක් ද ? මරණයට මෙපිටින් කලින් සිදුවු සිදුවීම් සොයා බලන්න ඕනේ. ඇයි අපි මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කරන්න කියලා කියන්නේ, හර්ෂ ද සිල්වා මහත්තයා කියන විදියට මේක හොරකමක්. අපි දකිනවා මුදල් ලේකම්තුමා මාස 4ක් තිස්සේ මේක වසන් කළා. ඒ වසන් කිරීම තුළ අපිට සැකයක් තියෙනවා. මේ තුළ බරපතළ මියගිය නිලධාරියාගේ ක්‍රියාකාරීත්වයෙන් එපිටට යන ක්‍රියාකාරීත්වයක් තිබුණා කියලා. එතකොට කලින් කියපු චිත්තය වැදගත් වෙනවා. මේක මගේ අත්වැරදීමක් නොවෙයි කියන පදනමින් තමයි අපිට කියන්න වෙන්නේ මේ සියදිවි නසා ගැනීම සිදුවුණේ. නව වතාවක් ඒක කරන්නට ඒක අත්වැරදීමක් නොවෙනවා නම් අත්වැරදීම නොඑන හේතුව අපි හොයා ගන්න ඕනේ. කවුද ඔහුට ඒ හේතුව හදලා දුන්නේ ?”

    මිය ගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

    ඒ අනුව කුලියාපිටිය පහළ වීරඹුව පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

    දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (01) සිදුකළ අතර එහිදී අනාවරණ වී තිබුණේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය ඔහු විසින් සිදුකරගනු ලැබූ තුවාල හේතුවෙන් සිදුවූ දිවි නසාගැනීමක් බවය.

    මහා භාණ්ඩාගරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතා පසුගියදා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.

    ඔහුගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට තිබූ බව පොලීසිය පැවසුවේය.

    ඒ අනුව මෙය සියදිවි නසාගැනීමක්ද ඝාතනයක්ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණි.

    සැකකටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සිව් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් ද පත්කරනු ලැබීය.

    සිද්ධිය සම්බන්ධයෙන් වන මහෙස්ත්‍රත් පරීක්ෂණය පෙරේදා දිනයේ සිදුකෙරුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ඊයේ පස්වරුවේ සිදුකෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026

    මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම සියයට 74කින් ඉහළට

    May 2, 2026

    මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

    May 2, 2026

    මත්ද්‍රව්‍ය සමග කොටු වූ චීවරධාරීන් අද යළි අධිකරණයට

    May 2, 2026

    විවිධ බලපෑම් හේතුවෙන් මෙරට ගෑස් නිධි සහ ඉන්ධන සම්පත් ලබා ගැනීමට නොහැකි වෙලා – විපක්ෂනායක

    May 2, 2026

    අන්තර්ජාලය හරහා වංචාවන් කළ බවට සැක පිට 37ක් අත්අඩංගුවට

    May 2, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026

    ​උණවටුන ප්‍රදේශයේ සංචාරය කරන විදේශිකයන් ඉලක්ක කරගනිමින්, ඔවුන්ගේ අධික වටිනාකමින් යුත් ස්මාර්ට් ජංගම දුරකතන සොරකම්…

    මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම සියයට 74කින් ඉහළට

    May 2, 2026

    මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

    May 2, 2026

    මත්ද්‍රව්‍ය සමග කොටු වූ චීවරධාරීන් අද යළි අධිකරණයට

    May 2, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026

    මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම සියයට 74කින් ඉහළට

    May 2, 2026

    මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

    May 2, 2026

    මත්ද්‍රව්‍ය සමග කොටු වූ චීවරධාරීන් අද යළි අධිකරණයට

    May 2, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    විදේශිකයන්ගේ ජංගම දුරකතන සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

    May 2, 2026

    මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම සියයට 74කින් ඉහළට

    May 2, 2026

    මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

    May 2, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.