Author: Bandara Senanayaka

ඉරානයේ වයඹදිග සන්ජාන් (Zanjan) පළාතේ සිදු වූ බෝම්බ පිපිරීමකින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) සාමාජිකයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා. මෙම අනතුර සිදු වී ඇත්තේ ක්‍රියාත්මක නොවූ පුපුරණ ද්‍රව්‍ය (Unexploded ordnance) ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් අතරතුරදී බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්. එමෙන්ම, පිපිරීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව ඉරානයේ ‘ෆාර්ස්’ (Fars) පුවත් ඒජන්සියද වාර්තා කරනවා. මියගිය පිරිස ක්‍රියාත්මක නොවූ පතොරම් සහ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පත් කරන ලද විශේෂ ඒකකයකට අයත් නිලධාරීන් බවයි එම වාර්තාවේ සඳහන්.

Read More

කොත්මලේ වෙදමුල්ල රම්බොඩ ප්‍රදේශයේ රක්ෂිතයක පවත්වා ගෙන යන නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය කොත්මලේ පොලිසියේ නිලධාරීන් 07 දෙනකුට ඊයේ (01) දින බඹර ප්‍රහාරයක් එල්ල වී ඇත. රක්ෂිතයේ ගමන් කිරීමේදී ගසක බැඳ තිබූ බඹර කුඩුවක් පවතින අධික වියළි කාලගුණයත් සමග ඇවිස්සී එම වැටලීමට ගිය කොත්මලේ පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 07 දෙනකුට බඹරුන් විශාල ලෙස දෂ්ට කර තුවාල කර ඇති බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික ලලිත් මහතා කියා සිටියේය. වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බවට ලද තොරතුරක් මත 1990 සුවසැරි ගිලන් රථ දෙකක් එම රක්ෂිතය ආසන්නයට ගෙන්වා තුවාලකරුවන් 07 දෙනා ගෙන්…

Read More

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පැවැති මැතිවරණයේදී විද්‍යුත් ඡන්ද යන්ත්‍ර සම්බන්ධයෙන් එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන්, අදාළ ඡන්ද මධ්‍යස්ථාන 15ක හෙට (02) යළි මැතිවරණය පවත්වන ලෙස ඉන්දීය මැතිවරණ කොමිසම නියෝග කර තිබෙනවා. මෙම මධ්‍යස්ථානවල ඡන්ද විමසීම හෙට පෙරවරු 7:00 සිට පස්වරු 6:00 දක්වා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කර ඇති බවයි වාර්තා වෙන්නේ. පසුගිය අප්‍රේල් 29 වනදා පැවැති දෙවන අදියරේ ඡන්ද විමසීමේදී බරපතළ දූෂණ සිදුව ඇති බවට භාරතීය ජනතා පක්ෂය (BJP) සහ සී.පී.එම් (CPM) පක්ෂය චෝදනා කළ අතර ඔවුන් පෙන්වා දුන්නේ විද්‍යුත් ඡන්ද යන්ත්‍රවල තම අපේක්ෂකයින්ගේ නම් ඉදිරියෙන් ‘ටේප්’ (Tape) අලවා ඒවා වසා දමා තිබූ බවයි. විශේෂයෙන්ම Trinamool…

Read More

ජිප්සම් ප්ලාස්ටර් බෝඩ් (Gypsum standard plaster boards) ලෙස හඟවමින් මෙරටට ගෙන්වන ලද බහාලුමක් තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා කහ සහ කජු තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබෙනවා. රේගු නිලධාරීන් සිදුකළ පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ මහනුවර, පන්විල ප්‍රදේශයේ පිහිටි සමාගමක් විසින් මෙම භාණ්ඩ තොගය මෙරටට ආනයනය කර ඇති බවයි. බාහිරින් බලන විට සාමාන්‍ය ජිප්සම් බෝඩ් ලෙස පෙනෙන අයුරින් අසුරා තිබූ මෙම භාණ්ඩ තොගය තුළ රේගුවට ප්‍රකාශ නොකළ භාණ්ඩ විශාල ප්‍රමාණයක් තිබී හමුවූ බවයි රේගුව සඳහන් කළේ, ඒ අනුව, අදාළ ජිප්සම් බෝඩ් කපා ඒවා තුළ සඟවා තිබියදී කහ කැබලි (Turmeric fingers) කිලෝග්‍රෑම් 16,000ක්, වේලන ලද කජු…

Read More

තායිලන්තයට ගොස් මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි චීවරධාරීන් 22 දෙනාට අමතරව. ප්‍රධාන සැකකරුවකු වන කඩවත ප්‍රදේශයේ හිමිනම මීට කලින් තායිලන්තයට යැවූ චීවරධාරීන් කීපදෙනෙකුම උන්හිටි තැන් වලින් අතුරුදහන් වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි. පොලිස් කණ්ඩායම් තමන් හඹා එන බව සැලවී මෙම පිරිස මෙසේ උන්හිටි තැන් අත්හැර ගොස් තිබෙන බව, මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කාලයක් තිස්සේම සිදුකර ඇති බව පොලිසිය විශ්වාස කරයි. මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මුස්ලිම් ජාතිකයෙක් ද පොලිස් භාරයට පත්වී සිටින බව මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි. මෙම චිවරධාරින් සියල්ලම මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගෙන ඇත්තේ මෙම මුස්ලිම් ජාතිකයා විසින් බව මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම…

Read More

භික්ෂූන් වහන්සේලා විදේශගත වීමේදී සිය විහාරාධිපති හිමියන්, ප්‍රාදේශීය නායක හිමියන් සහ අදාළ නිකායේ මහ නායක හිමිවරුන්ගෙන් නිර්දේශ ලබාගත යුතු බවට පැවති නීතිය ඉදිරියේදී යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා. ඔහු කියා සිටියේ පසුගිය කාලයේ යම් යම් හේතූන් මත මෙම ක්‍රියාවලිය නතර වී තිබූ බවයි. මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශයක සිට මෙරටට පැමිණි චීවරධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ඇතුළු සාසන විරෝධී සිද්ධීන් වාර්තා වීමත් සමග මහ නාහිමිවරුන්ගේ උපදෙස් පරිදි ලේඛකාධිකාරි හිමිවරුන් සමග පැවති සාකච්ඡාවකදී මෙම නිර්දේශ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් සිදුකළ බවයි ඔහු කියා සිටියේ.

Read More

ඊයේ (01) රාත්‍රියේ රාගල, බෘෘක්සයිඩ් වතුයායට අයත් තේ කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්නෙන් අදාළ කර්මාන්ත ශාලාවට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, ගින්නෙන් තුවාල හෝ ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ. නුවරඑළිය ගිනි නිවන ඒකකය, පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, රාගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි සඳහන් වන්නේ

Read More

එම අධිකාරිය පැවසුවේ ජනවාරි සහ පෙබරවාරි මාසවල පිළිවෙලින් 277,327ක් සහ 279,328 ක් පැමිණීම් වාර්තා වූ අතර, එය 2025 සහ 2018 වසර දෙකටම සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බවයි. කෙසේ වෙතත් මෙම ධනාත්මක ප්‍රවණතාවය 2026 මාර්තු මාසයේදී අඩු වීමක් දක්නට ලැබෙන අතර, එහිදී සංචාරකයින්ගේ පැමිණීම 183,979 දක්වා පහත වැටී තිබේ. මැද පෙරදිග කාලපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙම හදිසි පහත වැටීමට සිදුව ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. කෙසේවෙතත් අප්‍රේල් මාසයේ දී සංචාරකයින් පැමිණ ඇත්තේ, 117,893ක් පමණි. මාර්තු මාසයේ පහත වැටීමක් තිබියදීත් 2026 වසරේ පළමු කාර්තුව අවසන් වන විට සංචාරකයින්ගේ මුළු පැමිණීම් 858,527ක් දක්වා ළඟා වීමට හැකි වීම විශේෂත්වයක්…

Read More

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය විසින් ඉදිරිපත් කරන ලද නවතම සාකච්ඡා යෝජනාව පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, සාම ගිවිසුමක් වෙත ළඟාවීම සඳහා ඉරානය යම් ප්‍රගතියක් පෙන්වා ඇතත් ඔවුන් කිසිදා එම ඉලක්කය වෙත ළඟා වේදැයි තමන්ට විශ්වාස නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇති බවය. ඉරාන මාධ්‍ය වාර්තා කළේ, ඉරාන පාලනය විසින් පාකිස්තානය හරහා නව යොජනාවලියක් අමෙරිකාවට යොමු කළ බවය. කෙසේවෙතත් එම යෝජනා පිළිබඳ කිසිවක් වාර්තා වී නොමැති බව සඳහන්ය. පාකිස්තානයේදී පැවැත්වීමට යෝජිත සෘජු සාකච්ඡා වාරයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමන් පාකිස්තානයට සහ එහි නායකයින්ට දැඩි ගෞරවයක් දක්වන බවය.

Read More

හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක රන්වල මහතා ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ඊට ප්‍රථම ඒ මහතා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ඒ බව දැනුම් දුන්නේය.

Read More