Author: Bandara Senanayaka

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ 33 වැනි ගුණ සැමරුම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ, කොළඹ අලු‍ත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසළදීයි. ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස ද එක්ව සිටි අතර ඇය එහිදී සංවේදී වූ ආකාරය ද දක්නට ලැබුණා. ‍ ලොකු වැඩ කළ පුංචි මිනිසා‍ ලෙසින් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් සනිටුහන් කළ ජනාධිපතිවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාසට දිවි අහිමි වුණේ මීට වසර 33කට පෙර එනම් 1993 වසරේ මැයි පළමුවැනිදායි.

Read More

කැලණිය ගුරුකුල විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවක වූ ප්‍රවීණ රංගවේදිනී දිටංගත මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ ඉකුත් 30 දාට යෙදී තිබූ 79 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ උපහාර උත්සවයක් එදින ගුරුකුල විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පටත්වන ලදී. මෙම නවීකරණය කරන ලද රංග ශාලාව මාලනී ෆොන්සේකා රංග ශාලාව ලෙස නම් කරමින් එම් රංග ශාලාවේ ස්ථාපිත කරන ලද මාලිනියගේ උඩුකය ප්‍රතිමාට සහ සම්රු ඵලකය විවෘත කිරිම්ද එදින සිදුකරන ලදී. මාලනී ෆොන්සේකා මහත්මිය ඇය උගත් පාසලත් ඉටුකළ මහා මෙහෙවර අගය කරමින් ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම කටයුත්ත සංවිධානය කර තිබූ අතර ගුරුකුල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන…

Read More

මාදම්පිටිය පොලිස් වසමේ රන්මුතු සෙවන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (30) රාත්‍රීයේ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 33 මිලිග්‍රෑම් 210ක්, හෙරොයින් ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 570ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 135,500ක මුදලක්ද සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා මාදම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

අභිරහස් ලෙස මිය ගිය මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) සිදු කිරීමට නියමිතව තිබෙනවා. අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටි මුදල් අමාත්‍යංශයේ නිලධාරින් 04 දෙනාගෙන් එක් අයෙකුගේ සිරුර ඊයේ ඔහුගේ ගෙවත්තේ තිබියදී සොයාගැනුණා. එය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය ප්‍රකාශ කළ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී මිනුර සෙනරත් ප්‍රකාශ කළේ, අද පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණය සිදුවූ ආකාරය තහවුරු වනු ඇති බවයි. මෙලෙස මියගොස් තිබුණේ රංග නිශාන්ත නැමැති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ සහකාර අධ්‍යක්ෂවරයෙක්. 50 හැවිරිදි වියේ පසුවන මොහුගේ කැපුම් තුවාල සහිත සිරුර කුලියාපිටිය – පහළවීරඹුව ප්‍රදේශයේ…

Read More

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව මේ වනවිට 2050 දක්වා වැඩි වි ඇති අතර මෙම තත්ත්වය නිසා රැඳවියන් මෙන්ම බන්ධනාගාර කාර්ය මණ්ඩලය ගැටලු රැසකට ලක්ව ඇති බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. මෙම රැඳවියන් අතර කාන්තා රැඳවියන් 110ක් පමණ සිටින බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පෙන්වා දෙයි. ගාල්ල බන්ධනාගාරය තුළ රැඳවිය හැක්කේ තුන්සියයකට වැඩි පිරිසක් වන අතර බන්ධනාගාර රැඳවියන්ගේ සංඛ්‍යාට වැඩිවීම නිසා එම රැඳවියන්ට අවශ්‍ය ජලය, සනීපාරක්ෂක පහසුකම් සැපයීමේ දී බන්ධනාගාර කාර්ය මණ්ඩල නිලධාරීහු ගැටලු රැසකට් ලක්ව සිටිති. ගාල්ල බන්ධනාගාරය තුළ පටතින රැඳවියන්ගේ තදබදය දැනට වසර ගණනාවක සිට ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්චිම්වලදී කතා කරන මාතෘකාවක් බවට පත්ව ඇතත් මේ වනතෙක්…

Read More

පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වූ කොකුවිල් සිසුවා විශේෂ ඇඳුමකිනුත් සැරසී දිවි නසා ගෙනපවුලේ අනිත් 4දෙනාම විශේෂ අවශ්‍යතා ඇති අය පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිටි යාපනය කොකුවිල් ප්‍රදේශයේ පාසලක අපොස උසස් පෙළ ගණිත අංශයේ සිසුවකු 29 දා ගෙල වැලලාගෙන මියගොස් තිබේ. මොහු පරිගණක ක්‍රීඩාටට ඉතා තදින්ම ඇබ්බැහි වී සිටි අයකු වන අතර ඒ සම්බන්ධයෙන් ඔහුගේ දෙමව්පියන්ද ද ඥාතීන් ද ගුරුවරුන් ද අවස්ථා ගණනාවකදී ඔහුට අවවාද කර ඇත. මියගිය සිසුවා යාපනයේ තෙලිප්පලෙයි වී විමන්කාමන් ගම්මානයේ පදිංචි 19 හැවිරිදි සිසුවෙකි. ඔහු ගෙල වැලලාගෙන මිය ගොස් ඇත්තේ ද පරිගණක ක්‍රීඩාවට අදාළ විශේෂිත ඇඳුමකින් සැරසී බව තෙලිප්පලෙයි පොලිසිය ප්‍රකාශ කළේය.මියගිය සිසුවා හැරෙන්නට ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින්…

Read More

2026 අප්‍රේල් අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.9%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2026 පෙබරවාරි අග මැද පෙරදිග ගැටුම් ආරම්භ වීමෙන් පසු ඇති වූ විදේශීය අංශයේ පීඩනයන් රුපියල අවප්‍රමාණය වීමට බලපා ඇති බව සඳහන් වේ. මේ අතර 2026 වසරේ මාර්තු මස අග වන විට, චීන මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව, දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 7.0ක් විය. මහ බැංකුව විසින් විදේශ විනිමය මිලදී ගනු ලැබුව ද, විදේශණය සේවා කරණ ගෙවීම් සිදු කිරීම මාසය තුළ දී දළ නිල සංචිතපහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ශ්‍රී…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල වන ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් එම රට ආරක්ෂා කිරීම සඳහා ඊශ්‍රායලය සිය නවතම ‘අයන් බීම්’ (Iron Beam) ලේසර් ආරක්ෂණ පද්ධතියක් එරටට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙටි දුර මිසයිල සහ ඩ්‍රෝන යානා ලේසර් කිරණ මගින් විනාශ කළ හැකි මෙම පද්ධතිය, ඊශ්‍රායලය විසින් සිය දේශසීමාවෙන් බැහැරව මෙහෙයුම් සඳහා යෙදවූ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ. ඩ්‍රෝන යානා කිලෝ මීටර් 20ක පමණ දුරක සිට හඳුනාගත හැකි ‘Spectro’ නම් උසස් නිරීක්ෂණ පද්ධතියක් ද ඊශ්‍රායලය විසින් එමීර් රාජ්‍යය වෙත ලබා දී තිබෙන බව සඳහන්. මීට අමතරව ‘අයන් ඩෝම්’ (Iron Dome) පද්ධතියක් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා…

Read More

ඉන්ධන මිලෙහි සංශෝධයක් අද (01) දිනයේ සිදු නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ඉදිරි දිනකදී මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරනයක් ගන්නා බවය. අවසන් වරට ඉන්ධන මිල සංශෝදනය සිදු කෙරනු ලැබුවේ පසුගිය මාර්තු 21 වන දිනයි. එහිදී රුපියල් 317ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දැමූ අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නව මිල වුයේ රුපියල් 398කි. රුපියල් 365ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 455ක් දක්වා ඉහල ගියේය. රුපියල් 303ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 79කින් ඉහළ ගිය අතර එහි නව…

Read More

ලුණුගම්වෙහෙර මහානාගපුර මහා විද්‍යාලයේ ගුරුවරියක පාසල නිමවී නිවස බලා යමින් සිටියදී 28 දා මහානාගපුර සේවා පියස ඉදිරිපිට දී යතුරු පැදියක් හරස්කොට් යතුරුපැදිකරුගේ හිස් වැසුමෙන් ඇයට පහරදී ඇත. පහර කෑ ගුරුවරිය සේවා පියසට් දිව ගොස් ඇති අවස්ථාවේ පහර දුන් පුද්ගලයා ද එතුළට පැමිණ එහි සිටි ප්‍රජා සංවර්ධන නිලධාරිනියකට ද පහරදී තිබේ. පහර කෑමෙන් දෙදෙනාම් බරපතළ තුවාල සිදුව ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය සඳහන් කළේය.තුවාල ලැබූ ගුරුවරිය සහ නිලධාරිනිය මේ වන විට ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. මෙම පහරදීමෙන් පහර කෑ කාන්තාවන් දෙදෙනාගේ හිස සහ ශරීරයේ ස්ථාන කිහිපයකම් තැලුම් තුටාල ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම පහරදීම් සිදුකර ඇත්තේ ලුණුගම්වෙහෙර පුංචිඅප්පු…

Read More